2025 ආසියානු රග්බි ශූරතාවලිය ඊයේ (13) දිනයේ ආරම්භ වුනා.
තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර, කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වුණු අතර, මෙහි දී ශ්‍රී ලංකාවට දකුණු කොරියාව හමුවේ තියුණු පරාජයකට මුහුණ දීමට සිදු වුනා.
තරගයේ පළමු උත්සාහක දිනුම කොරියානු පාර්ශවයෙන් වාර්තා වූ අතර, ඉන් මොහොතකට පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ මුර්ශිඩ් දොරේ සහ නායක තරින්ද රත්වත්තේ විසින් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ද පණ ලබා දුන්නා.
එතෙකින් ද නොනැවතුණු ශ්‍රී ලංකාව තරගයේ පළමු අර්ධය තුළ තවත් උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින් සහ එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගෙන, ඊට අමතරව තවත් දඬුවම් පහරක් ද සාර්ථක කර ගනිමින් ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වූ අතර, මේ අතර වාරයේ දකුණු කොරියාව ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 14ක් පමණයි.
- CR & FC තවමත් අපරාජිතයි; පොලිසියෙන් විශිෂ්ට නැගී සිටීමක්
- CR & FC නොනැවතී ඉදිරියට; මහනුවර නැවතත් සුපුරුදු රිද්මයට
- CR & FC ඉතිහාසගත ජයක් ලබමින් අපරාජිත ව ඉදිරියට
- CR & FC සහ මහනුවර අපරාජිත ගමනක; නාවික හමුදාව තවමත් ජයක් සොයයි
- මහනුවර, පොලිස්, CR&FC සහ Havelock ජයග්‍රාහීව තරගාවලිය අරඹයි
තරගයේ දෙවැනි අර්ධය තුළ ද දකුණු කොරියාවට නැගී සිටීමේ අවස්ථාවක් ලබා නොදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තවත් උත්සාහක දිනුම් ද්විත්වයක් සමඟ ලකුණු 12ක් ලබා ගැනීමට සමත් වුනේ සිය ලකුණු පුවරුවේ ලකුණු 29ක් සටහන් කරමිනුයි.
මේ අවස්ථාවේ මෙතෙක් වේලා නිහඬව සිටි දකුණු කොරියානු ක්‍රීඩක බළඇණිය ක්‍රියාත්මක වීමට පටන් ගත් අතර, ඔවුන් විසින් නොක්ඩවා සාර්ථක කර ගත් උත්සාහක දිනුම් 4ක් සමඟ සිය ලකුණු පුවරුව 38ක් කරා රැගෙන යාමට සමත් වුනා.
පසුව ශ්‍රී ලංකාව විසින් තවත් උත්සාහක දිනුමක් සාර්ථක කර ගනිමින් නැවත තරගයට අවතීර්ණ වීමට උත්සාහ කළත්, එය සාර්ථක වුනේ නැහැ.
දකුණු කොරියාව 38 (6T, 4C) – ශ්‍රී ලංකාව 34 (5T, 3C, 1P)
තරගයේ වීරයා – Hyungoo Jang (දකුණු කොරියාව), ලසිඳු කරුණාතිලක (ශ්‍රී ලංකාව)
ආසියානු රග්බි ශූරතාවලියේ මීළඟ තරගය අද (14) එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ Hong Kong China කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි. එමෙන්ම ශ්‍රී ලංකාව සහභාගී වීමට නියමිත මීළඟ තරගය එළඹෙන 22 වැනි දා Hong Kong China කණ්ඩායම සමඟ හොංකොං හිදි පැවැත්වීමට නියමිතයි.
මෙම තරග සියල්ල පිළිබඳ සියළු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<