ක්‍රිකට් තරගාවලියට අලින්ගෙන් බාධා?

555

2015 වසරෙන් පසුව ප්‍රථම වතාවට හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී එක්දින තරග තුනක් පැවැත්වීමට තීරණය කෙරුණේ සිම්බාබ්වේ – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය වෙනුවෙනුයි. 2011 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් සහ 2012 විස්සයි-විස්ස ලෝක කුසලාන තරගාවලියේ තරග කිහිපයක් පැවැත්වීම වෙනුවෙන් මෙම ක්‍රීඩාංගණය නිර්මාණය කරන ලද්දේ වනජීවී රක්ෂිතයක කොටසක් ද එළිපෙහෙළි කරමිනුයි.

කෙසේ වෙතත් සූරියවැව ක්‍රීඩාංගණයේ තරග පැවැත්වෙන අතර ඒ අසලට පැමිණෙන වන අලින් ප්‍රේක්ෂකයන් ආහාර ලබා දෙන තුරු රැඳී සිටීම සුලබ දසුනක් විය. නමුත් එය ක්‍රීඩකයන් සහ ප්‍රේක්ෂකයන්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවින් මෙවර පැවැත්වීමට නියමිත සිම්බාබ්වේ – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගවලට පෙර ක්‍රීඩාංගණය අවට සිටින අලින් පළවාහැරීමේ මෙහෙයුමක් වනජීවී නිලධාරීන් විසින් අරඹා තිබෙන බැව් වාර්තා වේ.

ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක්දින තරග 3ක් සඳහා එළඹෙන ජූලි 6, 8 සහ 10 යන දිනයන්වලදී සූරියවැව ක්‍රීඩාංගණය වෙත පැමිණෙන අතර ඒ වන විට ක්‍රීඩාංගණය අවට වෙසෙන වන අලින් ඉන් ඈතට පළවා හැරීමයි වනජීවී නිලධාරීන්ගේ මෙහෙයුම වන්නේ.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට