තවත් මලල ක්‍රීඩා උළෙලක් අවලංගුයි

131

මේ දිනවල මුළුමහත් ලෝකයටම දැඩි හිසරදයක්ව පවතින කොරෝනා වයිරසය හේතුවෙන් බොහෝ ක්‍රීඩා තරගාවලීන් කල් දැමීමට හෝ අවලංගු කිරීමට සංවිධායකයින් කටයුතු කරමින් තිබේ. ලෝක ශූරතා ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලිය වැනි ප්‍රමුඛ පෙලෙහි තරගාවලීන් ද ඒ අතර වේ.

කොරෝනා ඔලිම්පික් වෙත ද බලපෑම් කරයි

මේ දිනවල ලොව පුරා ඉතා ශීඝ්‍රයෙන් පැතිර යන වයිරසයක් …..

මෙම කොරෝනා විනාශයට හසු වූ නවතම තරගාවලිය ලෙස ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය හැදින්විය හැක. මෙවර තායිලන්තයේ දී පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය අවලංගු කිරීමට තායිලන්ත මලල ක්‍රීඩා සංගමය පසුගිය දා තීරණය කරන ලදි.

පවතින අනතුරුදායක සෞඛ්‍ය තත්වය සැලකිල්ලට ගෙන තායිලන්ත රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ තම රට තුළ පැවැත්වීමට නියමිත සියලුම ක්‍රීඩා තරගාවලීන් කල් දැමීමට හෝ අවලංගු කිරීමට කටයුතු කරන ලෙසයි.

ඒ අනුව මැයි මස 14 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ මෙවර ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය අවලංගු වන ඇත. 

මෙම ශීඝ්‍රයෙන් පැතිර යන මාරාන්තික කොරෝනා වයිරසය නිසාවෙන් මේ වන විට පුද්ගලයින් 4000කට අධික පිරිසක් මිය ගොස් 114,000කට අධික පිරිසක් රෝගී තත්වයට පත් ව ඇත.

      >> තවත් මලල ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්නමලල ක්රීඩා පිටුවට <<