අපි අත්හදා බැලීමක් කළේ; බය වෙන්න දෙයක් නෑ – රෝහිත් ශර්මා

ආසියානු කුසලානය 2022

1037

ප්‍රබල ඉන්දියාව තරගාවලියෙන් ඉවතට විසි වීමේ අවදානමකට ඇද දමමින් ඉන්දියාවට එරෙහි පැවැත්වුණු 2022 ආසියානු කුසලාන සුපිරි 4 වටයේ තරගය ජය ගන්නට පෙරළිකාර ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (6) සමත් වුනා.

පරාජයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉන්දීය නායක Rohit Sharma පවසා සිටියේ දීර්ඝ කාලීනව පරාජයේ අවදානමක් නොමැති බවත්, ඔවුන් ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලානය ඉලක්ක කරගෙන වේගපන්දු යවන්නන් තිදෙනෙකුගෙන් අත්හදා බැලීමක් සිදු කළ බවත්ය.

Rohit පවසා සිටියේ ආසියානු කුසලානයේ දී අඛණ්ඩව තරග දෙකක් පරාජය වීම ලෝක කුසලානයට පෙර ඔවුන්ට ඇති ගැටලු සෙවීමට උපකාර වනු ඇති බවයි.

වේගපන්දු යවන්නන් තිදෙනෙක් යොදා ගැනීම ගැන මම සතුටුයි. අවාසනාවට Avesh ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වුනේ නැහැ. ඔහු හොඳින් ප්‍රතිචාර දැක්වූයේ නැහැ මොකද ඔහු හොඳටම අසනීප වූ නිසා. හරියටම ක්‍රීඩා කරනවා නම් අපි වේගපන්දු යවන්නන් හතර දෙනෙක් ක්‍රීඩා කරනවා. නමුත් ලෝක කුසලානයට කලින් අපිට වේගපන්දු යවන්නන් තිදෙනෙක් ක්‍රීඩා කරලා බලන්න අවශ්‍ය වුනා,” Rohit අදහස් දක්වමින් පවසා සිටියා.

අපි කණ්ඩායමක් විදියට උත්තර හොයන්න ඕනේ අපි පන්දු යවන්නන් පස්දෙනෙක් එක්ක කොහොමද ක්‍රීඩා කරන්නේ කියලා. මේ දේ දීර්ඝ කාලීනව වෙයි කියලා කලබල වෙන්න අවශ්‍ය නැහැ. පසුගිය ලෝක කුසලානයෙන් අනතුරුව අපි අඛණ්ඩව තරග දෙකක් පරාජය වුණු පළමු අවස්ථාව මෙයයි. අපි තරග ගොඩක් පරාජය වෙලා නැහැ. මේ තරග අපිට උගන්වයි. අපිට අවශ්‍ය වුනා ආසියානු කුසලානයේ දී පීඩනයක් යටතේ අපි ක්‍රීඩා කරන්නේ කොහොමද බලන්න. අපි තාම ඒ ප්‍රශ්නවලට පිළිතුරු සොයනවා.”

ශ්‍රී ලංකාව ලබා ගත් සුපිරි ආරම්භයෙන් අනතුරුව තරගය අවසන් පන්දුවාරය කරා රැගෙන යාම පිළිබඳව ඔහු සිය පන්දු යවන්නන්ට ප්‍රශංසා කර සිටියා. එමෙන්ම Bhuvneshwar Kumar අවසන් පන්දුවාරවල දී වැඩි ලකුණු ලබා දීම ගැන ද ඔහු අදහස් පළ කර සිටියා.

අත්දැකීම් තියෙන පිතිකරුවන් දැවී යනවා වගේම පන්දු යවන්නන් ලකුණුත් ලබා දෙනවා. මේ දේවල් සාමාන්‍ය දේවල්,” Rohit පවසා සිටියා.Bhuvi ගොඩ කාලයක ඉඳන් ක්‍රීඩා කරනවා. ඔහු වසර ගණනාවක් අවසන් පන්දුවාරවල හොඳින් ක්‍රීඩා කළා වගේම ඔහු තරග ගණනාවක් අපිට දිනවලා දීලා තියෙනවා. තරග දෙක තුනකින් අපි ඔහුව විනිශ්චය නොකළ යුතුයි.”

මේ අතර තරගයෙන් පසු සාකච්ඡාවකට එක් වෙමින් Pujara පවසා සිටියේ තරගයේ පන්දුවාර 6-15 අතර කාලය පිතිකරණයේ යෙදීමේ දී ඉන්දියාව දුර්වල බවයි. “අපිට හොඳ පිතිකරුවන් සිටියේ නැහැ 15 වැනි පන්දුවාරයේ සිට 20 දක්වා පන්දුවට පහර දෙන්න. අපි ඒකට පිළිතුරක් සොයා ගන්න ඕනේ. 6 වැනි පන්දුවාරයේ සිට 15 වැනි පන්දුවාරය දක්වා හොඳින් පන්දුවට පහර දෙන්න ඕනේ.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<