නැගී එන කණ්ඩායම් අතර වන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ හෙවත් ‘ඒ’ කාණ්ඩයේ යටතේ තරග වැදි දෙවැනි එක්දින තරගයෙන් ද ඇෆ්ගනිස්තානු කණ්ඩායමට එරෙහිව එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කළ සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දෙවැනි තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට කල් තියාම ඩි ඉඩ කඩක් නිර්මාණය කර ගැනීමට අද (08) සමත් විය.
කමිඳුගේ තුන් ඉරියව් දස්කම් සමඟින් ශ්‍රී ලංකාවට පහසු ජයක්
නැගී එන කණ්ඩායම් අතර වන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අරඹමින් ..
කොළඹ සී. සී. සී. පිටියේ පැවති මෙම තරගයේ දී ජයග්‍රහණය සඳහා ලකුණු 211ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා නැගී එන පිතිකරුවෝ අවසන් කඩුල්ලේ දී ඉලක්කය සපුරා ගැනීමට සමත් වූහ. ඉනිමේ අවසන් පන්දු වාරයේ දෙවැනි පන්දුවේ දී ලසිත් ඇඹුල්දෙනියේ පිත්තෙන් ජයග්‍රාහී ඉලක්කය සපුරා ගන්නා විට දී ඇඹුල්දෙනියේ නම ඉදිරියෙන් ලකුණු 06ක් ද, අවසන් පිතිකරු වූ අසිත ප්‍රනාන්දුගේ නම ඉදිරියෙන් ලකුණු 09ක් ද සටහන්ව තිබුණි.
බැලූ බැල්මට හිමි ඉලක්කය පහසු වුවත් ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන්ගේ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් පසුබැස යෑම තරගයේ ප්‍රතිඵලය මෙතරම් තියුණු මුහුණුවරක් ගැනීමට හේතු විය. ශ්‍රී ලංකාව ලද එම ජයග්‍රහණයේ වැඩි ගෞරවය තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ට හිමි විය යුතුය. පළමු කඩුලු 3 ලකුණු 49ක් ඇතුළත බිඳ වැටී තිබිය දී පිටියට පැමිණි කමිඳු මෙන්ඩිස්, පන්දු 98කට මුහුණ දෙමින් රැස් කරන ලද ලකුණු 71ක අගනා ඉනිම ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ ජයග්‍රහණයට පාර කැපූ ඉනිම බවට පත්විය.
අවදානම් පහරක් එල්ල කළහොත් එහි ප්‍රතිඵලය කුමක්ද යන්න හොඳින්ම වටහා ගනිමින් පිත්ත හැසිර වූ කමිඳු හයේ පහර කරා නොගොස් සිය ඉනිම හතරේ පහර 8කින් පමණක් අලංකාර කරගත්තේය. අනවශ්‍ය වේගයක් රඳවා ගැනීමට ගත් උත්සාහය වැරදීමෙන් අසේල ගුණරත්නගේ ඉනිම ලකුණු 34ක දී බිඳ වැටුණ ද, වැඩි කලබලයක් නොපෙන්වූ එහෙත් අවශ්‍ය වේගය රඳවා ගනිමින් පන්දුවට පහර දුන් කමිඳු, සම්මු අශාන් සමඟ එක්වෙමින් 5 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නංවන ලද ලකුණු 74ක සම්බන්ධතාව ශ්‍රී ලංකා ජයග්‍රහණයට උර දුන් ප්‍රධාන කඩුලු සම්බන්ධතාව ලෙසින් හැඳින්විය හැක. එහි දී සම්මු අශාන්ගේ දායකත්වය පන්දු 45 කදී ලකුණු 34කි.
ශ්‍රී ලංකා පන්දු රැකීමේ පුහුණුකරු ධුරයට අලුත් මුහුණක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ජාතික..
සයි උර් රෙහ්මාන්ගේ පන්දුවක් හමුවේ සම්මු අෂාන් දැවී යෑමත් සමඟ එතෙක් ශ්‍රී ලංකාව සතුව තිබූ වැඩි වාසි ඇෆ්ගනිස්තානය වෙත දෝලනය විය. අශාන්ගේ දැවී යෑමෙන් පසු උපරිම ප්‍රයෝජන ගත් ඇෆ්ගන් පන්දු යවන්නෝ ලකුණු පුවරුවට තවත් ලකුණු 02ක් එකතු වත්දී ෂෙහාන් ජයසූරිය සහ ජෙහාන් ඩැනියල්ව දවා ගනිමින් ශ්‍රී ලංකාව නොසිතූ අවදානමකට ලක් කළහ.
එහෙත් ඉන් නොසැලුණු කමිඳු, ෂෙහාන් මධුශංක (09) සමඟ එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 30ක් ද, 09 වැනි කඩුල්ල වෙනුවෙන් ලසිත් ඇඹුල්දෙනිය සමඟ එක්ව ලකුණු 10ක් ද රැස් කරමින් තම කණ්ඩායම ජයග්‍රහණය ආසන්නයට රැගෙන ආවේ තමන් අනාගතයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථකම තරග නිමා කරන්නකු වන බවට වූ ඉඟි පළ කරමිනි. ජයග්‍රහණයට ලකුණු 14ක් ඉතිරිව තිබිය දී කරීම් ජැනට්ගේ පන්දුවක් හමුවේ කමිඳු මෙන්ඩිස් දැවී ගිය ද අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 14ක සම්බන්ධතාවක් පැවැත්වූ අසිත ප්‍රනාන්දු සහ ලසිත් ඇඹුල්දෙනිය ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.
වැඩි ඉලක්කයක් ලබා දෙමින් ශ්‍රී ලංකාවට පීඩනයක් එල්ල කිරීමේ අදහසින් කාසියේ වාසියත් සමඟ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ සැලසුම වුවත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල පන්දු බල ඇණිය හමුවේ ඔවුන්ට රැස් කරගත හැකි වූයේ පන්දුවාර 47.5ක දී ලකුණු 210ක් පමණි.
>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<
ඇෆ්ගනිස්තාන නායකයා ගනු ලැබුවේ වැරදි තීරණයක් බව තේරුම් යෑමට ගත වූයේ 6 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වීමට ගත වූ කාල වේලාව පමණි. ඒ වේගපන්දු යවන්නන් වූ අසිත ප්‍රනාන්දු සහ ජෙහාන් ඩැනියල් විසින් ඇෆ්ගනිස්තාන ලකුණු සංඛ්‍යාව ලකුණු 16ක්ව තිබිය දී ආරම්භක පිතිකරුවන් දෙපළම නැවතත් ක්‍රීඩාගාරය වෙත හරවා යවමිනි. මොවුන් දෙදෙනාම කඩුලු රකින ක්‍රීඩක සඳුන් වීරක්කොඩි අතට උඩ පන්දු ලබා දෙමින් දැවී යෑම ද විශේෂත්වයක් විය.
එහෙත් අනතුරුව පිටියට එක් වූ කරීම් ජැනට් සහ ශහිදුල්ලා කමල් එක්ව පෙරමුණ බිඳ වැටුණු ඇෆ්ගනිස්ථාන ඉනිම ගොඩ ගත්තේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 110ක දී ලකුණු 84ක් එක් කරමිනි. එහි දී පන්දු 99කට මුහුණ දුන් ජැනට් හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් සමඟින් ලකුණු 68ක් ද, ශහිදුල්ලා කාමල් පන්දු 54ක දී ලකුණු 38ක් ස ලබා ගත්හ.
ශහිදුල්ලා කාමල් සහ නසී ජමාල්ගේ කඩුලු දවා ගැනීමට ලසිත් ඇඹුල්දෙනිය සමත් වීමත් සමඟ ඔවුහු යළිත් අමාරුවේ වැටුණ හ. එපමණක් නොව ඇෆ්ගනිස්තාන නැගී එන කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරණ නජිබුල්ලා සද්රාන්ගේ කඩුල්ල දවා ගැනීමට ෂෙහාන් මධුශංක සමත් වීම ඇෆ්ගනිස්තානයට එල්ල කරන ලද තවත් අතුල් පහරක් විය. ඇෆ්ගනිස්තාන ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබා සිටින ක්‍රීඩකයකු වන නජිබුල්ලාට රැස් කරගත හැකි වූයේ පන්දු 6ක දී ලකුණු 02ක් පමණි.
පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද දස්කම් දැක්වූ කමිඳු මෙන්ඩිස් සහ ලසිත් ඇඹුල්දෙනිය අද දිනයේ පන්දුවෙන් දස්කම් දැක්වූ පන්දු යවන්නන් බවට පත්වූහ.
මැතිව්ස් ශතකයකින් වැඩ අල්ලයි
නවසීලන්ත තරග සංචාරය ආරම්භ කරමින් අද (08) ආරම්භ වූ පුහුණු තරගයේ දී අනෙකුත් පිතිකරුවෝ…
මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන මීළඟ තරගය ලබන 10 වැනිදා අසල්වැසි ඉන්දීය කණ්ඩායම සමඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.
ඇෆ්ගනිස්තාන නැගී එන පිල පන්දුවාර 47.5ක දී ලකුණු 210 – කරීම් ජැනට් 68, ශහිදුල්ලා කාමල් 38, නසීර් ජමාල් 12, රාමනුල්ලා ගුර්බාස් 31, අස්මතුල්ලා ඔමර්සායි 22, ඉසනුල්ලා ජැනට් 10, ලසිත් ඇඹුල්දෙණිය 35/3, කමිඳු මෙන්ඩිස් 46/3
ශ්‍රී ලංකා නැගී එන පිල පන්දුවාර 49.2ක දී කඩුලු 9ට ලකුණු 211 – කමිඳු මෙන්ඩිස් 71, සම්මු අශාන් 34, අසේල ගුණරත්න 32, අවිශ්ක ප්‍රනාන්දු 34, සියා උර් රෙහ්මාන් 33/3, කරීම් ජැනට් 31/2)
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<