ඉසුර සහ නිමේෂ් විද්‍යාර්ථයන් සුරතල් කරයි

115
64th Battle of the Babes

මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලය අතර 64 වැනි වරටත් පැවැත්වෙන සුරතලුන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වන විට සාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය ක්‍රීඩකයෝ පෙරමුණ ගැනීමට සමත් වූවා.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් විද්‍යාර්ථ විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 124ක් පමණයි. ඊට පිළිතුරු ලෙසින් තරගය පළමු දිනයට අවසන් වන විට සාන්ත සිල්වෙස්තර ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 227ක් ලබා සිටියා.

64th Battle of the Babes, මොරටුව, 29-30 මාර්තු 2024

o කාසියේ වාසිය – සාන්ත සිල්වෙස්තර විද්‍යාලය

o ක්‍රීඩාංගණය – ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ.

විද්‍යාර්ථ විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: අනිශ්ක ගුණරත්න (නායක), සහන් ඩිල්හාර, පුබුදු තාරක, චමල්ක බණ්ඩාර, ශෙවෝන් මෝසස්, බාශිත නන්දතිස්ස, දනුප කොඩිකාර, අකලංක දිනුජය, දිනෙත් බුලංකුලම (කඩුලු රකින්නා), කවිඳු හෙට්ටිආරච්චි, ඉශාන් රඹුක්පිටිය.

සාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: අකිල වික්‍රමසිංහ (නායක), වගීෂ රත්නසිරි (කඩුල රකින්නා), කාශ්‍යප දිසානායක, අරූශ මෙන්ඩිස්, චන්දූප වඩුගේ, යෝෂිත ඉසුරංග, කවීෂ විජේවර්ධන, ඩියන් ප්‍රනාන්දු, ඉසුරු ගුණසේකර, නිමේෂ සිල්වා, පුනසිත් බණ්ඩාර.

කාසියේ වාසිය දිනා ගත් සාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ප්‍රතිවාදී විද්‍යාර්ථ විද්‍යාලයීය ක්‍රීඩකයෝ ලකුණු 124කට සිමා කිරීමට ඉසුරු ගුණසේකර සහ නිමේෂ් සිල්වා සමත් වූවා.

ඔවුන් දෙදෙනා අතුරින් නිමේෂ සිල්වා ලකුණු 21කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. එමෙන් ම ආරම්භක වේග පන්දු යැවූ ඉසුරු ගුණසේකර ද ලකුණු 37කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

විද්‍යාර්ථ ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණුලාභීන් වූයේ චමල්ක බණ්ඩාර සහ ශෙවෝන් මෝසස්. ඔවුන් දෙදෙනා ලකුණු 23ක් බැගින් දවා ගත්තා. ඊට අමතර ව සහන් දිල්හාර, පුබුදු තාරක සහ බාශිත නන්දතිස්ස ලකුණු 17 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සාන්ත සිල්වෙස්තර ඉනිම වෙනුවෙන් අර්ධ ශතක ඉනිම් 2ක් දායාද කිරීමට චන්දූප වඩුගේ සහ යොෂිත ඉසුරංග සමත් වූවා.

යෝෂිත ඉසුරංග පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 76ක් ලබා ගනිද්දී චන්දූප වඩුගේ පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුනු 57ක් ලබා ගත්තා.

චන්දූප වඩුගේ, අරූෂ මෙන්ඩිස් සමඟ එක් වෙමින් තෙවැනි කඩුල්ලට ලකුණ 96ක සබඳතාවක් එක් කිරිමට සමත් වූවා. අරූෂ මෙන්ඩිස් පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුනු 34ක් ලබා ගත්තා.

එම කඩුලු සබඳතාවෙන් අනතුරුව නැවත ඉනිමේ අර්ධ ශතක සබඳතාවක් එක් කිරීමට යෝෂිත ඉසුරංග සහ ඩියන් ප්‍රනාන්දු සමත් වූවා. ඔවුන් අතර ලකුණු 59ක සබඳතාවක් එක් වෙද්දී ඩියන් ප්‍රනාන්දු පන්දු 29කට මුහුණ දෙමින් හතරේ 2ක් සමඟින් නොදැවී ලකුණු 23ක් ලබා සිටිනවා.

කඩුලු දවා ගැනීමේ දී ඉශාන් රමුක්පිටිය ලකුණු 29කට කඩුලු 2ක් දවා ගනිද්දී අකලංක දිනුජය, දනුප කොඩිකාර, අනිශ්ක ගුණරත්න සහ ශෙවෝන් මොසස් කඩුල්ල බැගින් බෙදා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

විද්‍යාර්ථ විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 124 (38.5) චමල්ක බණ්ඩාර 23, ශෙවෝන් මෝසස් 23, ඉසුරු ගුණසේකර 5/37, නිමේෂ සිල්වා 5/21

සාන්ත සිල්වෙස්තර විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 227 (50.0) අරූෂ මෙන්ඩිස් 34, චන්දූප වඩුගේ 57, යෝශිත ඉසුරංග 76, ඩියන් ප්‍රනාන්දු නොදැවී 23, ඉශාන් රඹුක්පිටිය 2/29

තරගය (30) දෙවැනි දිනයට ක්‍රියාත්මකයි.

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරතු සේ ම දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<