ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරය අසංග සෙනෙවිරත්න මහතා හට හිමි වී තිබෙනවා.
මෙම තනතුර වෙනුවෙන් වගකීම් තෝරා ගැනීම සඳහා නිලවරණය ඊයේ (25) ක්‍රියාත්මක වූ අතර, මෙහි දී අපේක්ෂකයින් 05 දෙනෙකු සභාපති ධුරය වෙනුවෙන් ඉදිරිපත් වුනා.
ඒ අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර්, ශ්‍රී ලංකා වෙඩි තැබීමේ සම්මේලනයේ උප සභාපති ශිරන්ත පීරිස් මෙන්ම ශ්‍රී ලංකා බේස් බෝල් සභාපති ලෙස කටයුතු කරන අසංග සෙනෙවිරත්න යන අය ද ඇතුළත් වුනා.
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්රසීලයට නොසිතූ පරාජයක්!
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්රහණයක්!
මෙහි දී අසංග සෙනෙවිරත්න මහතා වෙනුවෙන් නිලවරණයේ ඉහළම ඡන්ද ප්‍රමාණය ලෙස ඡන්ද 16ක් ලැබී තිබූ අතර, ඒ අනුව ඉදිරි වසර 04ක කාල සීමාව වෙනුවෙන් අසංග සෙනෙවිරත්න ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති ලෙස කටයුතු කරනු ඇති.
දෙස්, විදෙස් ක්‍රීඩා පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබට සමීප කිරීමට Thepapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
<<තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>




















