ඕස්ට්‍රේලියා ක්‍රිකට් අනාගතය ගැන සුබ ආරංචියක්

109

කොරෝනා වසංගතය නිසාවෙන් අවිනිශ්චිත තත්වයක තිබූ ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියා තරග සංචාරය පැවැත්වීම සඳහා වැඩි ඉඩක් තිබෙන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි කෙවින් රොබට් මහතා පවසා සිටියි.

මහේල ජයවර්ධන 2006 දී පී සාරා පිටියේ පෑ වික්‍රමය

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය ජූලි මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් එම සීමිත පන්දුවාර තරගාවලිය සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට වැඩි ඉඩක් තිබෙන බව ද රොබට් මහතා පවසා ඇත.

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියා තරග සංචාරය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් මූල්‍ය අනාගතයට ඉතාමත් වැදගත් වන අතර ඒ සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 300ක මුදලක් ලැබෙනු ඇතැයි ඔවුන් අපේක්ෂාවෙන් සිටියි. 

ටෙස්ට් තරග 4ක් සහ එක්දින තරග 3ක් ඇතුළත් මෙම සංචාරය සඳහා ඉන්දීය ක්‍රිකට් ආයතනය ද ඉතාමත් යහපත් ප්‍රතිචාර දක්වා තිබේ. ඉන්දියාවේ සිට ක්‍රීඩකයින් ඕස්ට්‍රේලියාවට පැමිණීමේ දී නිරෝධායනය කිරීමට අවශ්‍ය වුවහොත් එම තරගාවලියේ ආරම්භයට සති 3කට පෙර හෝ ඉන්දීය කණ්ඩායම ඕස්ට්‍රේලියාවට යා යුතුව ඇත.

“මම හිතන්නේ අද ලෝකයේ කිසිම දෙයක් නිශ්චිත නැහැ, ඒ නිසා මට 10න් 10ක්ම කියන්න බැහැ මේ තරගාවලිය තියයි කියලා, නමුත් මේ තරගාවලිය පැවැත්වෙන්න තියෙන සම්භාවිතාව මම 10න් 9ක් කියලා කියන්නම්” රොබට්ස් නිව්ස් ක්‍රොප් වෙත පැවසීය. 

“අපට ඉන්දීය සංචාරය ඉවතට ගන්න නම් බැරි වෙයි. නමුත් මම මුල සිටම විශාල ජනකායක් තරගය නරඹන්න එයි කියලා හිතන්නත් බැහැ. අපිට එහෙම කරන්නත් පුළුවන් වෙයි ද කියලා කියන්න බැහැ. අපි ඉදිරියේ දී ඒ ගැන බලමු.”

“මම හිතන්නේ අපට එංගලන්තයට කණ්ඩායමක් යැවීමට යම් අවස්ථාවක් තියෙනවා. හැබැයි නිසැකවම අපි ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළන්නේ නැහැ. නමුත් එහි බටහිර ඉන්දීය කොදෙව් සහ පාකිස්තානය එංගලන්තයේ සංචාරය කරන්න නියමිත වෙලා තියෙන්නේ අපිට කලින්. ඒ කොහොම වුනත් ඔවුන් කිසිදු බාධාවකින් තොරව එම තරගාවලිය අවසන් කරයි කියලා අපි හිතනවා.” 

ලෝක කුසලානයට පස්සේ හොඳම තරගාවලිය IPL ද?

“ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳව අවසන් තීන්දුව මේ මාසේ අන්තිම වෙන කොට ICC එකෙන් කියයි. නොවැම්බර් මාසයේ දී ඇෆ්ගනිස්තාන කණ්ඩායමත් අපේ රටට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා එක ටෙස්ට් තරගයක් සඳහා. 

අගෝස්තු මාසයේ දී සිම්බාබ්වේ කණ්ඩායමත් එක්කත් අපි සීමිත පන්දුවාර තරගාවලියක් ක්‍රීඩා කරන්න හිතාගෙන ඉන්නවා. හැබැයි මේවා තවමත් තහවුරු වෙලා නැති තරගාවලි. අපි ලබන මාසයේ දී අපේ ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලි නැවත ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවා.” යැයි රොබට් මහතා අවසන් ලෙස පැවසීය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<