Pandya සහෝදරයින්ගේ ක්‍රිකට් දිවිය කළඑළි තාරකාව නිවී යයි

405

ඉන්දීය කණ්ඩායමේ සිටින ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන Hardik Pandya සහ Krunal Pandya සහෝදරයින් දෙදෙනාගේ ආදරණීය පියාණන් හදිසියේම අභාවප්‍රාප්ත වී ඇති බව කියැවෙන පුවත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඊයේ (16) දිනයේ දී දැකගත හැකි වූයේ ප්‍රධාන පෙළේ පුවත් වෙබ් අඩවි කිහිපයක්ම ඒ බව තහවුරු කිරීමත් සමඟිනි.

Baroda කණ්ඩායමේ නායකත්ව වගකීම උසුලමින් Syed Mushtaq Ali කුසලාන විස්සයි විස්ස තරගාවලිය පුරාවට කැපී පෙනෙන දක්ෂතා ප්‍රදර්ශනය කර Krunal Pandya මෙම පුවත සැළවීමත් සමඟම තාවකාලිකව කණ්ඩායමෙන් ඉවත් වීමට ගත් තීරණය සම්බන්ධයෙන් තමන් දැනුවත් කර සිටි බව ද Baroda ක්‍රිකට් සංගමයේ ලේකම් Ajith Lela මහතා ඊයේ (16) දිනයේ දී ප්‍රකාශකොට තිබුණි. 

තවත් නොබෝ දිනකින් එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලිය සඳහා සූදානම් වෙමින් සිටි Krunalගේ සොහොයුරු Hadik එම හේතුව නිසාවෙන් දේශීය විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගී නොවීමට තීරණය කර තිබුණි. Uttarakhand කණ්ඩායමට එරෙහිව පැවති පළමු තරගයේ දී ම නායකත්වයේ ඉනිමක් දියත් කරමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූ Krunal ලකුණු 76කින් සම්මාදන් වී තිබුණේ පළමු තරග ත්‍රිත්වයේ දී කඩුලු හතරක් බිඳ හෙළීමේ ගෞරවය සිය නම ඉදිරියේ සටහන් කරගනිමිනි.

තවත් ක්‍රිකට් පුවත්:

කුඩා කළ සිට තම පුතුණුවන් දෙදෙනාගේ ඉදිරි ගමනට යෝධ ශක්තියක් වෙමින් ක්‍රිකට් පිටියේ නම රැන්දූ සුපිරි තාරකාවන් ලෙසින් ඔවුන් මේ දක්වා රැගෙන ආ සාර්ථක ගමන් මඟෙහි ප්‍රධාන බලකණුව ලෙස Himansu Pandya ඉටු කළ සේවාව අතිමහත්ය.

Himansu Pandyaගේ හදිසි වියෝව සැළවීමත් සමඟම සංවේගයට පත් හිටපු මෙන්ම වත්මන් ඉන්දීය ක්‍රිකට් තරු රැසක් ඔවුන්ගේ පෞද්ගලික Twitter ගිණුම් ඔස්සේ සිය කනගාටුව ප්‍රකාශ කරමින් සටහන් එකතු කොට තිබෙනු දැකගන්නට ලැබුණි. ඒ අතරින් හිටපු ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක Irfan Pathan සිය ශෝක පණිවිඩය එකතුකොට තිබුණේ මේ අයුරිනි.

මට ඔහුව මුලින්ම මුණගැහුණේ Moti bagh වලදී. එදා ඔහුගේ එකම සිහිනය වුනේ කොහොමහරි Hardik සහ Krunalව මුළු ඉන්දියාවම අඳුරන දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක් කරන එක. මම මේක අවස්ථාවක් කරගන්නවා මගේ ශෝකය පළකර සිටීමට. ඒ වගේම මේ අපහසු කාලසීමාව පසු කරන්න අවශ්‍ය ශක්තිය දෙවියන් වහන්සේ විසින් ඔබ දෙදෙනාට ලබා දෙවී කියලා මම විශ්වාස කරනවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<