ආසියානු කණ්ඩායමක් ලෝක රග්බි පළමු කණ්ඩායට

87

තමන් සත්කාරකත්වය දැරූ ලෝක කුසලාන තරගාවලියේ දී පෑ සුවිශේෂී දස්කම් නිසාවෙන් ජපාන රග්බි කණ්ඩායමට ලෝක රග්බි වර්ගීකරණයන්හී පළමු කාණ්ඩය දක්වා උසස් වීමක් ලබා දීමට කටයුතු කොට ඇති බව වාර්තා වේ.

නව නායකත්වයක්, වෙනස්ම ගමනක්!

නිමාව දුටු රග්බි ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව All Blacks කණ්ඩායමේ ……..

ලෝක රග්බි මුල් පුටුවට නැවත වතාවක් තේරී පත් වූ සර් බිල් බියුමොන්ට් මහතා ඒ සඳහා පැවති මත විමසුමේ දී තමන් හට සහය දක්වන්නේ නම් ඊට කෘතගුණ සැලකීමක් වශයෙන් ජපාන කණ්ඩායමට සාධාරණයක් ඉටු කිරීමට අපේක්ෂා කරන ලෙස සඳහන් කර සිටියේය.

ඒ අනුව නව සභාපතිවරයෙකු තෝරා පත් කරගැනීම උදෙසා පැවති ඡන්ද විමසුමේ දී බියුමොන්ට් නියෝජනය කරන පාර්ශවයට තම මනාපය ලබා දුන් ජපන් නියෝජිතයින් තියුණු සටනකින් අනතුරුව ප්‍රතිවාදී අගුස්ටින් පිචොට් පරාජය කිරීමට දායක වූයේ තම ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙනි.

දුන් පොරොන්දු අකුරටම ඉටු කරමින් බියුමොන්ට් මහතා එම ධූරයේ වැඩ භාරගැනීමෙන් පසු දිනයේ දී ම තම වචනය රැකීමට කටයුතු කළේ ජපාන කණ්ඩායම පළමු කාණ්ඩය දක්වා ඉහළට ඔසවා තබමිනි. මේ සඳහා ජපාන රග්බි කණ්ඩායම මෑත කාලීනව දැක්වූ දක්ෂතා බෙහෙවින් ඉවහල් වූ බවත් ඔවුන්ට හිමි විය යුතු නිසි තැන ලැබීම සම්බන්ධයෙන් සතුටු වන බවත් බොහෝ රග්බි විචාරකයෝ ගනු ලැබූ තීරණය පිළිබඳව තම ප්‍රසාදය පළ කළ සිටියහ.

ශ්‍රී ලංකා රග්බි ගමනට රුකුලක් වූ පුහුණුකරුවෙක් නොඑන ගමන් යයි

ලෝක රග්බි ක්‍රීඩාවේ දක්ෂ හා ජනප්‍රිය ‍රග්බි නායකයෙකු හා පුහුණුකරුවෙකු වූ……..

දෙවන කාණ්ඩයේ සිට පළමු කාණ්ඩය දක්වා සංක්‍රමණය වීමත් සමඟම එම කාණ්ඩයේ තරග වදින එකොළොස් වන සාමාජික රට බවට පත්වීමේ ගෞරවය ජපානය වෙත හිමි වන අතර ඔවුන්ට අමතරව Six Nations තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ලබන අයර්ලන්තය, ස්කොට්ලන්තය, එංගලන්තය, වේල්සය, ප්‍රංශය සහ ඉතාලිය ද, Rugby Championship ශූරතාවලිය උදෙසා සටන් වඳින ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ ආජන්ටිනාව ද පළමු කාණ්ඩයේ නිත්‍ය සාමාජිකයින් ලෙසින් කටයුතු කරති.

ජපානය ලැබූ මෙම උසස්වීමත් සමඟම ඔවුන්‍ට ඉදිරි කාලසීමාව තුල දී වරප්‍රසාද රැසක් හිමි වීමට නියමිත අතර තරගකාරීත්වයෙන් ඉහළ පළමු කාණ්ඩයේ ප්‍රබල කණ්ඩායම් සමඟින් උරින් උර ගැටීමේ මහඟු අවස්ථාව ද, ලෝක මට්ටමෙන් ගනු ලබන රග්බි ක්‍රීඩාව හා සම්බන්ධ තීරණයන්වල දී වැඩි බලපෑමක් සිදු කිරීමට ද ජපානයට හැකි වනු ඇත. තවද අයවැය වාර්තා සකස් කිරීමේ දී අරමුදල් බෙදී යාම පිළිබඳව ද ප්‍රමුඛතාවක් ලබා දීමට ලෝක රග්බි සම්මේලනය ඒ අනුව කටයුතු කරනු ඇත.

දැනට පවතින වර්ගීකරණයන්ගේ ඇති අඩුපාඩු සකස් කරගනිමින්, ඒ වෙනුවට කණ්ඩායම් කාණ්ඩගත කිරීමේ දී නිත්‍ය සාමාජිකයන් සහ නැඟී එන සාමාජිකයින් ලෙස කොටස් දෙකකට බෙදා වෙන් කිරීමට ද ඉදිරියේ දී බලාපොරොත්තුවෙන් පසු වන බව වාර්තා වේ.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට<<