අසන්ත ද මෙල් සහ ඇන්ජලෝ මැතිව්ස් අතර හමුවක්

1620

ලබන මැයි මාසයේ එංගලන්තයේ දී පැවැත්වෙන පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීම සම්බන්ධව මේ වන විට ගැටලු රාශියක් පැන නැගී තිබෙන අතර ඊට විසඳුමක් ලෙස වත්මන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ව ඊයේ (25) මුණ ගැසුණේය.

මෙහි දී ප්‍රධාන වශයෙන්ම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධව මැතිව්ස් සිටින්නේ කුමන ස්ථාවරයක ද යන්න ද මෙල් මහතා මැතිව්ස්ගෙන් පූර්ණ අවබෝධයක් ලබාගෙන තිබේ.

කැප් එක දාගෙන බස් එකේ ගිය වාස්

ශ්‍රී ලංකාව බිහි කළ සාර්ථකම වේගපන්දු යවන්නා ඔහුය. දැඩි හිරුරැස් පතිත වන පරිසරයක වියැලී කඩතොළු වූ තණතිල්ලක් මතත්, වැසි වළාකුළු පිරි අහසක් සහිත…

අවසන් මාස කීපයේ දී ම විවේකීව ගත කළ මැතිව්ස්ව ඊයේ උදෑසන මුණ ගැසුණු මෙල් මහතා, මෑත කාලයේ ශ්‍රී ලංකාව මෙහෙයවන ලද නායකයකු ලෙස ලෝක කුසලාන තරගාවලියේ දී රටක් වශයෙන් කළ යුත්තේ මොනවද, ඒ සම්බන්ධව තමන් දරන මතය මෙන්ම අදහස් හා යෝජනා සම්බන්ධව තේරීම් කමිටු සභාපතිවරයා මැතිව්ස්ගෙන් විමසා තිබේ. ඉතාම සුහදශීලී අයුරින් පැවති එම හමුවේ දී ශ්‍රී ලංකා පිලේ නායකත්වය යළි භාර ගැනීම සම්බන්ධව කිසිවක් මැතිව්ස්ගේ නොවිමසා සිටීමට තේරීම් කමිටු සභාපතිවරයා වග බලාගෙන තිබීම ද විශේෂත්වයකි.

නවසීලන්තය සමඟ ක්‍රයිස්චර්ච්හි පැවති ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටිය දී පාදයේ ආබාධයකට මැතිව්ස් මුහුණ දීම හේතුවෙන් ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව සමඟ පැවති ටෙස්ට් තරගවලට සහභාගි වීමේ අවස්ථාව ඔහුට අහිමි විය. එහෙත් දකුණු අප්‍රිකාව සමඟ පැවති එක්දින තරගාවලියට හා විස්සයි විස්ස තරගාවලියට ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවෙන් මැතිව්ස් පසු වුවද ලෝක කුසලාන තරගාවලිය සඳහා අවදානමක් ගැනීම නුසුදුසු බැවින් එම තරගාවලිය සඳහා ද 2020මැතිව්ස් නම් නොකිරීමට තේරීම් කමිටුව වග බලා ගත්තේය. එහෙත් එම කාලය තුළ දී මෙරට පැවති අන්තර් සමාජ ක්‍රීඩා තරගාවලිය නියෝජනය කරන ලෙසට තේරීම් කමිටුව විසින් මැතිව්ස්ට උපදෙස් දී තිබුණි.

විස්සයි විස්සේ පූර්ණ තරගාවලි ජයත් දකුණු අප්‍රිකානුවන්ට!

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තෙවැනි විස්සයි විස්ස තරගයත් නිමාවට පත්වූයේ සත්කාරක දකුණු අප්‍රිකාවට ලකුණු 45ක පහසු ජයක් හිමිකර දෙමිනි…

ඇත්තටම විශේෂ දේවල් ගැන මම එයාගෙන් මුකුත්ම ඇහුවේ නෑ. මට ඕන වුනේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැන එයාගෙන් අදහස් ටිකක් ගන්න. විශේෂයෙන්ම නම් කළ යුතු සංයුතිය, ක්‍රීඩාවේ දැන් තියෙන තත්ත්වය වගේම ලෝක කුසලානය ගැන එයා දරන මතය, අදහස්, යෝජනා වගේ දේවල් තමයි මම එයාගෙන් ගොඩක්ම ඇහුවේ” යැයි අසන්ත ද මෙල් මහතා ‘ThePapare.com’ හමුවේ අනාවරණය කර සිටියේය.

මේ දේවල් එයාගෙන් අහන්න මම හිතුවේ එයා තමයි අන්තිම කාලෙදි ශ්‍රී ලංකා පිලේ වැඩිම කාලයක් නායකයා විදියට කටයුතු කරලා තියෙන්නේ.  ගොඩක්ම ලෝක කුසලාන තරගාවලිය ගැන එයාගේ ඈන්ගල් එක ගැන ඇහුවා. ඒ වගේම එයාගේ ශාරීරික යෝග්‍යතාව කොහොමද කියන එකත් මම විශේෂයෙන් ඇහුවා. ඇත්තටම අපි අතට සිද්ධ වුනේ ඉතා හොඳ සාකච්ඡාවක්” යැයි ද තේරීම් කමිටු සභාපති ධුරයට අමතරව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා පිලේ කළමනාකරු ලෙසින් කටයුතු කරන අසන්ත ද මෙල් මහතා පැවසීය.

මැතිව්ස් මුණ ගැසීමට ප්‍රථම එක්දින තරගාවලියෙන් අනතුරුව මෙරටට පැමිණි චන්දික හතුරුසිංහ මහතා ද මුණ ගැසී සාකච්ඡා කළ අසන්ත ද මෙල් මහතා දකුණු අප්‍රිකානු සංචාරයේ විස්සයි විස්ස තරග 3 දී ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන ලද ස්ටීව් රික්සන් මහතාව ද හැකි ඉක්මනින් මුණ ගැසී සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බව ‘ThePapare.com’ සමඟ එකතු වෙමින් අදහස් දක්වා සිටියේය. දකුණු අප්‍රිකානු සංචාරය නිමා වීමෙන් පසු රික්සන් ඇතුළු ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම හෙට (26) මෙරටට පැමිණීමට නියමිතයි.

සුරාජ් රන්දීව්ගෙන් විශ්මිත පන්දු යැවීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය Tier B ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වීමට…

ඇන්ජලෝ මැතිව්ස් අවසන් වරට එක්දින තරගයකට ක්‍රීඩා කර ඇත්තේ ඉකුත් 2018 වසරේ සැප්තැම්බර් මාසයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ය. ඇෆ්ගනිස්තානයට එරෙහිව ක්‍රීඩා කරන ලද එම තරගයෙන් පසු මේ දක්වා ඔහු එකම හෝ ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර නොමැත. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 203කට ක්‍රීඩා කර ඇති මැතිව්ස් ශතක 2ක් සහ අර්ධ ශතක 37ක් සමඟින් මුලු ලකුණු 5380ක් රැස් කිරීමට සමත්ව සිටියි.

වසර 50කට ආසන්න මෙරට එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දී ඉනිමක ලකුණු ලබා ගැනීමේ වැඩිම සාමාන්‍යයක් හිමි පිතිකරුවා වන්නේ ද ඇන්ජලෝ මැතිව්ස් වන අතර ඔහු 42.36ක සාමාන්‍යයක් රඳවා තබාගෙන තිබේ. සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ද සිටින්නේ මැතිව්ස්ට පහළින් වන අතර ඔහුගේ සාමාන්‍ය 41.96ක් ලෙසින් සටහන් වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<