රග්බි පිටිය අතික්‍රමනය කල ඉසිපතනය තාමත් අපරාජිතව පෙරමුනේ

569

කෙටි කලක විවේකයකින් පසුව නැවතත් සිංගර් පාසල් රග්බි තරගාවලියේ පළමු වටයේ කුසලාන ශූරතාව ආරම්භ විය. පසුගිය සති අන්තයේ සහ අදින් එහි තරග 4ක් නිමාවට පත් විය. කණ්ඩායම් අටක් කුසලාන ශූරතාවලිය සදහා තරග වදින අතර සාන්ත ජෝසප් විද්‍යාලය, ඩි.එස්. සේනානායක විද්‍යාලය, ධර්මරාජ විද්‍යාලය සහ මහනුවර කින්ග්ස්වුඩ් විද්‍යාලය පළමු සහ දෙවන කාණ්ඩ වල තරගයන් අවසානයේ පළිහ ශුරතාවය සදහා තරග වැදීමට නියමිතව ඇත.

පසුගිය ලිපි: ත්‍රිත්ව, රාජකීය ගැටුමේ ජය ත්‍රිත්වයින්ට

– ගල්කිස්ස විද්‍යා විද්‍යාලයට එරෙහිව ත්‍රිත්ව විද්‍යාලය –

ඉකුත් සෙනසුරාදා (28) වැනිදා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදි ත්‍රිත්ව විද්‍යාලය පරදවා විද්‍යා විද්‍යාලය, තරගය ලකුණු 3කින් ජය ගැනීමට සමත් විය.

තරගය ආරම්භයේදි පටන්ම ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර විද්‍යා විද්‍යාලය ලකුණු ලබා ගැනීමට තිබු අවස්තාවන් කිහිපයක්ම මඟ හැර ගත් නමුත් ප්‍රතිවාදීන්ට පවා ලකුණු ලබා ගැනීමට ඉඩහසර වෙන් කලේ නැත. කෙසේ නමුත් තරගයේ ප්‍රථම භාගයේ අවසාන මිනිත්තු පහ ඉතා උණුසුම් කරමින් ත්‍රිත්ව විද්‍යාලයේ ශලින්ද්‍ර අලහකෝන් විසින් ගෝලයක් රැස් කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කරගත් ලෂාන් විජේසූරිය සම්පූර්ණ ලකුණු ඊට එකතු කිරීමට සමත් විය (7-0).

පළමු අර්ධය: විද්‍යා විද්‍යාලය 00 : 07 ත්‍රිත්ව විද්‍යාලය

විවේකයෙන් පසුව ඇරඹි දෙවන අර්ධයේදි විද්‍යා විද්‍යාලයද, ත්‍රිත්වයින් හඹා එන බව පසක් කරමින් ඔවුන්ගේ ප්‍රථම ගෝලය තනූජ මධුරංග විසින් ලබා ගන්නා ලදි (7-5). එහි ප්‍රවර්තනය තනූජ විසින් අසාර්ථක කරගත් නමුත් සුළු මොහොතකින් ලැබුනු දඩුවම් පහර සාර්ථක කර ගනිමින් ලකුණු 8ක් දක්වා මුළු ලකුණු ප්‍රමාණය ඉහල දැමීමට සමත් විය (7-8).  ඉන්පසු ත්‍රිත්ව විද්‍යාලීය ක්‍රීඩක දිනුක් දංගේ විසින් උත්සහක දිනුමක් ලබා ගත් අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය (12-8). සජිත් රොහාන් විසින් ලබා ගත් උත්සහක දිනුමත් එහි ප්‍රවර්තනයත් සාර්ථක කර ගැනීමට විද්‍යා විද්‍යාල ක්‍රීඩකයෝ සමත් විය (12-15). විනිසුරු ඉර්ෂාඩ් කාඩර් තරගය අවසන් වීමට නාලාව නාද කළ අතර විද්‍යා විද්‍යාලය ලකුණු 15ක් ලබා දිනුම තමන් සතු කර ගැනීමට සමත් විය. සුපුන් ඩිල්ෂාන්ෙග් දක්ෂ ක්‍රීඩා කිරීමේ රටාව තරගය අවසාන අර්ධයේ දි විද්‍යා විද්‍යාලය දිනුම කරා මෙහෙය වීමට සමත් විය.

විද්‍යා විද්‍යාලය: 15 (උත්සාහක දිනුම් 2, ප්‍රවර්තන 01, දඩුවම් පහර 01)
ත්‍රිත්ව විද්‍යාලය: 12 (උත්සහක දිනුම් 02, ප්‍රවර්තන 01)

ThePapare.com තරගයේ වීරයා: සුපුන් ඩිල්ෂාන්

පසුගිය ලිපි: පාසල් රග්බි පිටිය උණුසුම් කළ තරග හයක් – 5වැනි සතිය

– රාජකීය විද්‍යාලයට එරෙහිව සාන්ත පීතර විද්‍යාලය –

28වැනිදා කොළඹ රාජකීය විද්‍යාල ක්‍රීඩා සංකීර්ණයේ දි  පැවැත්වු මෙම තරගය, පීතරයින් පරාජය කරමින් සත්කාරක රාජකීයයෝ ජයග්‍රහණය තම පාසලට ගෙන ඒමට සමත් විය. සිව්වෙනි වරට පත්වනු ලැබු මෙම බි. සී. ඇන්ජී කුසලානය තෙවතාවක්ම ජයග්‍රහනය කිරීමට රාජකීයයෝ සමත් විය.

විනිසුරුගේ ආරම්භක සංඥාවත් සමඟ ඇරඹි තරගය ප්‍රථමයෙන්ම ලකුණු රැස් කිරීමට පීතරයෝ සමත් විය. තරගයේ නවවැනි මිනිත්තුවේදි දියත් ෆර්නැන්ඩො විසින් ලබා ගත් උත්සහක දිනුමයි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ස්ටෙෆාන් සිවරාජ් සමත් විය (7-0). ඉන්සුළු මොහොතකට පසුව නැවතත් දියත් සහ ස්ටෙෆාන්ගේ සුසංයෝගයෙන් ලකුණු 7ක් එකතු කර ගැනීමට පීතරයෝ සමත් විය (14-0). ඉතාමත් ප්‍රවේගකාරී ගමනක නිරත වු පීතරයෝ දෙවන උත්සහක දිනුමේ උණුසුම පහව යෑමටත් මත්තෙන් තවත් ගෝලයක් රැස් කලහ. රහල් දෙල්පචිත් විසිනි. එහි ප්‍රවර්තනය ස්ටෙෆාන් අසාර්ථක කර ගන්නා ලදි (19-0). පළමු මිනිත්තු 20කට ආසන්න කාල සීමාව පුරා පීතරයෝ පිටිය අත්පත් කර සිටි අතර එම ආදිපත්‍ය බිද දමමින් ඊබ්‍රහිම් බැරි ප්‍රථම උත්සහක දිනුම රාජකීයයන් වෙනුවෙන් රැස් කරන ලදි. ඔවින් අස්කිට අතිරේක ලකුණු එකතු කිරීමට නොහැකි විය (19-5). කෙසේ නමුත් තරගයේ ප්‍රථම අර්ධය නිමා වීමට මත්තෙන් සිය දෙවන උත්සහක දිනුමත් සාර්ථක කර ගැනීමට ඊබ්‍රහීම් සමත් විය. ඔවීන් ප්‍රවර්ථනය සාර්ථක කර ගැනීමට සමත් විය (12-19).

පළමු අර්ධය: රාජකීය විද්‍යාලය 12 : 19 සාන්ත පීතර විද්‍යාලය

විවේකයෙන් පසුව ඇරඹි දෙවන අර්ධයේදි ප්‍රහාරාත්මක තරග රටාවක් දියත් කල රාජකීයයෝ ප්‍රථමයෙන් ලකුණු රැස් කිරීමට අශෝක් විජේකුමාර සමත් විය. ඔවීන් එයට අතිරේක ලකුණු 02 එකතු කිරීමට සමත් විය (19-19). ඉන් සුළු මොහොතකට පසු තම තෙවැනි උත්සහක දිනුම වාර්තා කරමින් ඊබ්‍රහීම් ගෝලයක් වාර්තා කල අතර ඔවීන් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් විය (19-26). එතෙක් නිහඩව සිටි සාන්ත පීතර විද්‍යාලීය ක්‍රීඩකයින්ද දෙවන අර්ධයේ සිය ප්‍රථම ලකුණ රැස් කරමින් නරේන්ද්‍ර පෙරේරා උත්සහක දිනුමක් වාර්තා කල නමුත් ප්‍රවර්ථනයේ ලකුණු මග හැරිනි (24-29). තරගයේ අවසාන මිනිත්තු කිහිපයේදි රාජකීයයෝ ලබා ගත් තවත් උත්සහක දිනුමක් සමග තරගය නිමාවට පත් විය (24-33). අවසාන ගෝලය ලෙනොක්ස් කල්යරනරත්න විසින් ලබා ගත් අතර ඔවින් සම්පූර්ණ ලකුණු ගෝලයට එකතු කරන ලදි.

රාජකීය විද්‍යාලය: 33 (උත්සහක දිනුම් 5, ප්‍රවර්තන 4)
ශාන්ත පීතර විද්‍යාලය: 24 (උත්සහක දිනුම් 4, ප්‍රවර්තන 2)

ThePapare.com තරගයේ වීරයා: ඊබ්‍රහිම් බැරි

පසුගිය ලිපි: නිමාවු සතියක පාසල් රග්බි කෙළිබිම

– ශාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව ශාන්ත ඇන්තෝනි විද්‍යාලය –

ඉකුත් 28වැනිදාම පැවැති මෙම තරගය ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ක්‍රීඩාංගනයේදි පැවැත්විනි. එහිදි ශාන්ත තෝමස් විද්‍යාලය දැවැන්ත ලකුණු 41ක් සමග ජය හිමි කර ගැනීමට සමත් විය.

නාල හඩින් ඇරඹි තරගයේ ප්‍රථමයෙන්ම ලකුණු රැස් කිරීම අරඹන ශාන්ත අැන්තෝනි විද්‍යාලීය ක්‍රීඩක සැමුඑල් මධුවන්ත විසින් සාර්ථක කරගත් දඩුවම් පහරත් සමගිනි (3-0). ඒත් සමගම සංජීව අහංගමගේ උත්සහක දිනුමත් අශ්වන්ත හේරත් එහි ප්‍රවර්තනයත් සාර්ථක කර ගනිමින් ශාන්ත තෝමස් විද්‍යාලය ලකුණු රැස් කිරීම ඇරඹීය (3-7). ඉන්පසු මධුවන්ත විසින් තවත් දඩුවම් පහරක් සාර්ථක කර ගැනීමට සමත් විය (6-7).  කෙසේ නමුත් තරගයේ පළමු අර්ධය නිමාව දකින විට ශාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 22 සහ ඇන්තෝනි විද්‍යාලය ලකුණු 11 ලබා තෝමසුවන් ඉදිරියෙන් පසුවිය.

පළමු අර්ධය: ශාන්ත තෝමස් විද්‍යාලය 22 : 11 ශාන්ත අැන්තෝනි විද්‍යාලය

විවේකයෙන් පසුව නැවතත් පිටියට පිවිසි ශාන්ත තෝමස් විද්‍යාලීය ක්‍රීඩකයෝ තම පාසල වෙනුවෙන් තවත් ලකුණු රැස් කරමින් ඉදිරියටම ඇදෙන්නට විය. දෙවැනි අර්ධයේ ප්‍රථමයෙන්ම ලකුණු රැස් කරමින් නවීන් හේනම්කන්කානම් විසින් උත්සහක දිනුමක් වාර්තා කල අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය (11-27). ක්‍රිස්ටියන් ඩි ලිලි විසින් තවත් උත්සහක දිනුමක් තෝමසුවන් වෙනුවෙන් රැස් කරනු ලබන අතර එහි ප්‍රවර්තනයද සාර්ථක විය (11-34). කෙසේ නමුත් විනිසුරුගේ නලා හඩින් තරගය අවසන් වන විට ඇන්තෝනි විද්‍යාලය ප්‍රථම අර්ධයේදි ලබා ගත් ලකුණු 11 පමණක් අතැතිව සිටි අතර අතිරේක ලකුණු 19ක් ලබමින් ශාන්ත තෝමස් විද්‍යාලය ජය කෙහෙලි නැංවීමට සමත් විය.

ශාන්ත තෝමස් විද්‍යාලය: 44 (උත්සහක දිනුම් 6, ප්‍රවර්තන 4. දඩුවම් පහර 1)
ශාන්ත ඇන්තෝනි විද්‍යාලය: 11 (උත්සහක දිනුම් 1, දඩුවම් පහර 2)

තරග සියල්ලේම ඡායාරූප අැල්බම වෙත පිවිසෙන්න

– වෙස්ලි විද්‍යාලයට එරෙහිව ඉසිපතන විද්‍යාලය –

සිංගර් පාසල් රග්බි පිටියේ අපරාජිතව පෙරමුනේ පවතින ඉසිපතනය සහ වෙස්ලි විද්‍යාලය අතර තරගය අද (30) කොළඹ රාජකීය විද්‍යාලීය ක්‍රීඩා සංකීර්ණයේදි පැවැත්විනි. මඩ ගතියකින් යුතු ක්‍රීඩා පිටිය සුපුරුදු පරිදි අතික්‍රමනය කළ ඉසිපතන ක්‍රීඩකයෝ ලකුණු 43 – 08 ලෙස වෙස්ලි පිල පරදවා තම අපරාජිත කිරුල රැක ගැනීමට සමත් විය.

උදෑසන කාලයේ පතිත වු වර්ෂාව හේතුවෙන් පිටිය මඩ වි තිබු නිසාවෙන් තරග අාරම්භය මිනිත්තු 15 ප්‍රමාද කිරීමටද සිදුවිය. කෙසෙනමුත් තරගය ඉතාමත් උද්වේගකර එකක් වු අතර ප්‍රථමයෙන්ම ලකුණු රැස් කිරීම අාරම්භ කරමින් ඉසිපතන ක්‍රීඩක චමෝද් ෆර්නැන්ඩෝ විසින් උත්සහක දිනුමක් වාර්තා කල නමුත් එයට අතිරේක ලකුණු එකතු කිරීමට ගයාන් වික්‍රමරත්නට නොහැකි විය (5-0). කෙසෙනමුත් ඉන්පසු ප්‍රතිවාදීන්ද ලකුණු රැස්කිරීඹ අාරම්භ කරමින් වෙස්ලි විද්‍යාලීය ක්‍රීඩක ලී අවිශ්ක දඬුවම් පහරක් සාර්ථක ගැනීමට සමත් විය (5-3). ඉතා අපහසු ස්වභාවයක් පෙන්නුම් කල ක්‍රීඩා පිටියේ හොදින් දස්කම් දැක්වීමට දෙපිලෙහිම ක්‍රීඩකයෝ අසමත් වූ අතර තරගයේ පළමු අර්ධය නිමා කරමින් චමෝද් විසින් තවත් උත්සහක දිනුමක් වාර්තා කල නමුත් එවරත් ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ගායන් අපොහොසත් විය (10-03).

පළමු අර්ධය: ඉසිපතන 10 : 03 වෙස්ලි

දෙවන අර්ධයේ පළමු මිනිත්තු 10 තුලදි උත්සහක දිනුම් 2ක් ලබා ගැනීමට ඉසිපතන ක්‍රීඩකයෝ සමත් විය. එහි ප්‍රථම ගෝලය ලහිරු විශ්වජිත් විසින් ලබා ගන්නා අතර එහි ප්‍රවර්තනය ගයාන් සාර්ථක කර ගන්නා ලදි (17-03). ඉන්පසුව තවත් උත්සහක දිනුමක් වාර්තා කිරීමට රනිදු ප්‍රමෝද්ට හැකිවන අතර එහිද ප්‍රවර්තනය මග හැරිනි (22-03). මේ අතරතුර නැවත වතාවක් වෙස්ලි විද්‍යාලයට දඬුවම් පහර අවස්ථාවක් ලැබුනු නමුත් අවස්ථාව මගහැරිනි. ඉන්පසුව සුමුදු රන්කොත්ගේ විසින් උත්සහක දිනුමක් ලබා ගන්නා අතර එහි ප්‍රවර්තනය සාර්තක විනි (29-03). මෙතෙක් නිහඩව සිටි වෙසල් කණ්ඩායම ද දෙවන අර්ධයේ ලකුණු ලබා ගැනීම අාරම්භ කරමින් අවිශ්ක උත්සහක දිනුමක් සාර්ථක කරගැනීමට සමත් විය (29-08). ප්‍රවර්තනය අසාර්තක විය. එය ඔවුන් තරගය අවසන් වන තෙක්ම ලබා ගත් ලකුණු ප්‍රමාණය විය. තරග අවසානයට නලාව නාද කරන විට ඉසිපතන ක්‍රීඩකයෝ දෙවන අර්ධයේදි ලකුණු 33ක් ලබා ගැනීමට සමත් විය.  

ඉසිපතන විද්‍යාලය: 43 (උත්සාහක දිනුම් 08, ප්‍රවර්තන 04)
වෙස්ලි විද්‍යාලය: 08 (උත්සහක දිනුම් 01, ප්‍රවර්තන 01)

ThePapare.com තරගයේ වීරයා: කුෂාන් ඉඳුනිල්

තවත් පුවත් සිංහලෙන්ම කියවන්න – පිවිසෙන්න