Dialog පැරදවූ HNB වෙළඳ සේවා ශූරතාව ඩැහැ ගනී

MCA 'F' Division Cricket Tournament 2024

166

Hatton National බැංකු B කණ්ඩායම වෙළඳ සේවා F කොටසේ ශූරතාව දිනා ගැනීමට අද (20) සමත් වුනා. 

Dialog Axiata සහ HNB (B) කණ්ඩායම් අතර අද පැවැත්වුණු තරගයේ දී කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගනිමිනුයි ඔවුන් මෙම ශූරතාව කරා යෑමට සමත් වුනේ. 

තරගයේ කාසිය වාසිය HNB නායකයා සතු වූ අතර, ඒ අනුව දමිත් වීරසිංහ ප්‍රමුඛ Dialog Axiata කණ්ඩායමට පළමුව පන්දුවට පහර දීමේ වගකීම පැවරුණා. 

මෙහි දී ඔවුන් විසින් නියමිත පන්දුවාර 25 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 142ක් ලබා ගැනීමට සමත් වූ අතර, එහි දී සිතුම් සිල්වාගේ පිත්තෙන් ලකුණු 55ක් වාර්තා වුනා. පන්දු 39ක් තුළ වාර්තා වූ මෙම ඉනිමට හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් අන්තර්ගත වුනා. 

ඊට අමතරව සෙනුර සිල්වා විසින් ලකුණු 39කින් ඉනිමට දායකත්වය ලබා දුන්නා. HNB වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ අචින්ත සුපුන් සහ දිනේෂ් පණ්ඩිතරත්න කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුනා. 

Dialog වෙතින් ලද ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි HNB පිතිකරුවන් පන්දුවාර 20 එක් පන්දුවක් තුළ කඩුලු 7ක් පමණක් දැවී අදාළ ඉලක්කය හඹා යාමට සමත් වුනා. 

මෙහි දී HNB වෙනුවෙන් දිනේෂ් පණ්ඩිතරත්න සහ චමිඳු විජේසිංහ විසින් අර්ධ ශතක වාර්තා කළා. 

  • තරගයේ වීරයාදිනේෂ් පණ්ඩිතරත්න 

Dialog Axiata – 142/9 (25) සිතුම් සිල්වා 55, සෙනුර සිල්වා 39, අචින්ත සුපුන් 2/5, දිනේෂ් පණ්ඩිතරත්න 2/18 

 

HNB – 143/3 (20.1) දිනේෂ් පණ්ඩිතරත්න 52, චමිඳු විජේසිංහ 50* 

දිනෙන් දින උණුසුම් වන දේශීය ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<