මාලිංග ආයෙත් ගෙදර එයි

44056

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුවක් වන ලසිත් මාලිංග පසුගිය 15 වැනිදා පැවති ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරගයෙන් පසුව නැවතත් දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. ඒ පසුගිය දා වියෝවූ සිය බිරිඳගේ මවගේ දානමය පිංකම් කටයුතු වෙනුවෙනි.

ඉන්දු – පාකිස්තාන තරගයේ දී සුපිරි වාර්තාවක්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව …..

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය  වර්ෂාව නිසා අත්හැරදැමූ අතර ඒ තරගයට පසුව මාලිංග පසුගිය 12 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණියේ සිය බිරිඳගේ මවගේ හදිසි වියෝව හේතුවෙනි. අනතුරුව ඔහු පසුගිය 15 වැනිදා නැවතත් එංගලන්තයට පැමිණ ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරගය ක්‍රීඩා කොට තරගය නිමා වීමෙන් පැය 3කට පසුව නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීම වෙනුවෙන් එරටින් පිටවී ඇත.

කෙසේ නමුත් එළඹෙන එංගලන්ත තරගයට දින දෙකකට පෙර (ජුනි 19) මාලිංග නැවතත් එංගලන්තයට පැමිණීමට අපේක්ෂාවෙන් සිටී.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මීළඟ තරගය මේ මස 21 වැනිදා එංගලන්තය සමඟ ලීඩ්ස් හිදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇත.

ශ්‍රී ලංකාවට මහේලගෙන් දැනමුතුකම්

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (15) ඕස්ට්‍රේලියා කණ්ඩායම ……

සිය සිව්වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන මාලිංග මේ දක්වා ජාත්‍යන්තර එක්දින තරග 221ක දී කඩුලු 326ක් දවා ගැනීමට සමත්ව ඇති අතර එහි සාමාන්‍ය 29.12ක් පමණ වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන තරග කාලසටහන

  • ජුනි 21 – එංගලන්තය – ලීඩ්ස්
  • ජුනි 28 – දකුණු අප්‍රිකාව – චෙස්ටර් ලී ස්ට්රීට්
  • ජූලි 1  – බටහිර ඉන්දීය කොදෙව් – චෙස්ටර් ලී ස්ට්රීට්
  • ජූලි 6  – ඉන්දියාව – ලීඩ්ස්

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<