ජාතික ටයිකොන්ඩෝ කිරුළ යුධ හමුදාවට

397

ශ‍්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය විසින් සංවිධානය කරන ලද  ජාතික ටයිකොන්ඩෝ තරගාවලිය පසුගියදා කොළඹ මියුසියස් විදුහල් පරිශ්‍රයේ දි නිමාවට පත්විය.

තරගාවලිය සදහා දිවයිනේ ප්‍රබල ක්‍රීඩා සමාජ නියොජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200ට අධික පිරිසක් සහභාගි වුහ. තරගාවලියේ තරග ඉසව්,කිලෝග්‍රෑම් 54 ෆින් බර පංතිය, කිලෝග්‍රෑම්  58-63 බැන්ටම් බර පංතිය, කිලෝග්‍රෑම් 63-68 ෆෙදර් බර පංතිය, කිලෝග්‍රෑම් 68-74 ලයිට් බර පංතිය, කිලෝග්‍රෑම් 74-80 වෙල්ටර් බර පංතිය, කිලෝග්‍රෑම් 80-87 මිඩිල් බර පංතිය, කිලෝග්‍රෑම් 80 ට වැඩි හෙවි බර පංතිය යන කාණ්ඩ ඔස්සේ කාන්තා පිරිමි යන දෙ අංශයෙන්ම තරග සංවිධානය වි තිබුණි.

රන් පදක්කම් පහක්, රිදී පදක්කම් අටක් සහ ලෝකඩ පදක්කම් හතක් සමගින් ප්‍රසාද ලකුණු 76ක් ලබමින් තරගාවලියේ සමස්ත ශූරතාව තමන් සතුකරගන්නට  යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය . රන් පදක්කම් හතරක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් හයක් සමගින් ප්‍රසාද ලකුණු 50 ක් ලබමින් ගුවන් හමුදාව සමස්ථ තරගාවලියේ අනුශුරතාවය සදහා හිමිකම් කිවේය. මාස් ඇක්ටිව් ෂේඩ්ලයින් පිලට තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිවිය.

යුද හමුදා ක්‍රීඩකයින්  පිරිමි අංශයේ ශූරතාව දිනාගන්නට සමත් වු අතර එහි අනුශූරතාව නාවික හමුදා ක්‍රීඩකයින්ට හිමිවිය. මාස් ඇක්ටිව් ෂේඩ්ලයින් පිළ  කාන්තා අංශයේ ශූරතාව දිනාගත් අතර ගුවන් හමුදාවට එහි අනුශූරතාව හිමිවිය.

තරගාවලියේ පිරිමි  කි.ග‍්‍රෑ. 54 ෆින් බර පංතියේ ශුරතාව දිනාගැනීමට නාවික හමුදාව නියෝජනය කළ ටී. ඩි. රණතුංග සමත්විය. එහි අනුශුරතාවය යුධ හමුදාව නියෝජනය කළ ආර්. ඒ. බණ්ඩාටත්, තෙවැනි ස්ථානය යුධ හමුදාවේම ඩි. එස්. සංජීවත් දිනාගැනීමට සමත් විය.

තරගාවලියේ පිරිමි කි.ග‍්‍රෑ. 54-58 ෆ්ලයි බර පංතියේ ශුරතාව තමන් සතුකරගන්නට ගුවන් හමුදාව නියොජනය කළ සී. එස්. ලියනගේ සමත් විය. එහි අනුශුරතාවය යුධ හමුදාව නියොජනය කළ එස්. එම්. අනුරාධට සහ තෙවැනි ස්ථානය  මාස් ඇක්ටිව් ක්‍රීඩා සමාජය නියෝජනය කළ එච්. කේ රොද්‍රිගෝටත් හිමිවිය.

තරගාවලියේ පිරිමි කි.ග‍්‍රෑ 68-74 ලයිට් බර පංතියේ ශුරතාව නාවික හමුදාවේ කේ.ඩි එදිරිසිංහ විසින් දිනාගැනීමට සමත් විය. එහි අනුශුරතාවය යුධ හමුදාවේ එස්. ඩබ්. දයාරත්න සහ තෙවැනි ස්ථානය පොලිසිය නියෝජනය කළ ඩි. එස්. අමරසිංහ විසින් දිනාගැනීමට සමත්විය.

තරගාවලියේ කාන්තා කි.ග‍්‍රෑ. 46 ෆින් බර පංතියේ ශුරතාව දිනාගැනීමට නාවික හමුදාව නියෝජනය කළ කේ.කේ. විජේරත්න සමත් විය. එහි අනුශුරතාවය පොලිසිය නියෝජනය කළ ඩබ්.ආර්. විජේසුරියට සහ තෙවැනි ස්ථානය යුධ හමුදාව නියෝජනය කළ ඩබ්. ශ‍්‍රීමතී විසින් දිනාගන්නා ලදි.

තරගාවලියේ කාන්තා කි.ග‍්‍රෑ 53-57 ෆෙදර් බර පංතියේ ශුරතාව තමන් සතුකරගන්නට යුධ හමුදාව නියෝජනය කළ ඒ.ජී. සදමාලී සමත්විය. එම කාණ්ඩයේම අනුශුරතාවය මාස් ඇක්ටිව් ක්‍රීඩා සමාජය නියෝජනය කළ එම්.පුෂ්පාකුමාරීටත් තෙවැනි ස්ථානය ගම්පහ ක්‍රීඩා සමාජය නියෝජනය කළ ටී.එන්. රත්නායකත් දිනාගැනීමට සමත් විය.

තරගාවලියේ කි.ග‍්‍රෑ. 67-73 ලයිට් බර පංතියේ ශුරීය විමට ගුවන් හමුදා ක්‍රීඩිකා එන්.පී.දිසානායක සමත් විය. අනුශුරතාවය පොලිස් ක්‍රීඩිකා ටී.සී. කළුආරච්චිට සහ තෙවැනි ස්ථානය යුධ හමුදාවේ
පී.අයි. රාජපක්ෂ විසින් දිනාගන්නට සමත් විය.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා  ලෙස නාවික හමුදාවේ ටී.ඩි. රණතුංග සම්මානට පාත්‍ර වු අතර දක්ෂතම ක‍්‍රීඩිකාව ලෙස ගුවන් හමුදාවේ අයි.එස්. ගුණවර්ධන සම්මාන දිනා ගන්නට සමත් විය.

තරගාවලියේ සමාප්ති උළෙලේ  ප‍්‍රධාන අරාධිතයා ලෙස ජනාධිපති ‍මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි විය.මෙහිදී ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ජනාධිපතිවරයා කළ සේවය අගයා ලෝක ටයිකොන්ඩෝ සම්මේලනය විසින් කළුපටි 9 වැනි ශ්‍රේණියේ ගෞරව සහතිකයක් ද පිරිනමන ලදී. මෙම අවස්ථාවට ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර සහ ශ්‍රී ලංකාවේ  ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති  පාර්ලිමේන්තු මන්‍‍ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්වරු ද සහභාගිවිය.