ශ්‍රී ලංකා ආධිපත්‍ය මෙවර පාකිස්තානය ඩැහැගනී

97

ආසියානු කුසලාන නැගී එන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ඊයේ (23) බංග්ලාදේශයේ මීර්පූර්හි ශේරේ බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. එහි දී බංග්ලාදේශය පරදවා ලකුණු 77ක ජයග්‍රහණය හිමිකර ගැනීමට පාකිස්තාන නැගී එන කණ්ඩායම සමත් විය. 

සෑම ක්‍රීඩාවකටම අභියෝගයක් වන මානසික ආතතිය

පසුගිය සති කීපය තුල සිදු වූ සිදුවීම් කීපයක් ජාත්‍යන්තර ක්‍රීඩාවේ වඩාත් වැදගත් අංශයක්…

කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංග්ලාදේශ ඇරයුමින් පළමුව පන්දුවට පහර දීම සඳහා පාකිස්තාන කණ්ඩායම පිටියට පිවිසියේය. ආරම්භක පිතිකරුවන්ට සාර්ථක වීමට කිසිදු අවස්ථාවක් බංග්ලාදේශ පන්දු ‍යවන්නන් ලබා නොදුන් අතර පළමු කඩුල්ල ලෙස ඔමායිර් යූසුෆ් දැවී යන විට පාකිස්තාන ලකුණු පුවරුව දිස්වූයේ ලකුණු 18ක් ලෙසිනි. ඔමායිර් ලබාගෙන තිබුණේ ලකුණු 4 ක් පමණි. ඒ සඳහා ඔහු පන්දු 15 ක් වැය කර තිබුණි. 

දෙවන කඩුල්ල ලෙස හෙයිඩර් අලී දැවී ගිය අතර ඔහු පන්දු 23ක දී ලකුණු 26ක් ලබා ගැනීමට සමත්ව සිටියේය. එම කඩුලු දෙකම ලබා ගැනීමට සුමොන් ඛාන් සමත් විය. 

ඒ අනුව අටවන පන්දුවාරය නිමා වූයේ ලකුණු 41කට කඩුලු 2ක් ලෙස ලකුණු පුවරුව සටහන් කරමිනි. ඉන් අනතුරුව පිටියෙහි එක්වූ ඉම්‍රාන් රෆීක් හා රොහේල් නසීර් තුන්වැනි කඩුල්ල සඳහා එක් කළ ලකුණු සංඛ්‍යාව 117කි. තුන්වැනි කඩුල්ල ලෙස ඉම්‍රාන් ‍රෆීක් දැවී යන විට ඔහු පන්දු 88ක දී ලකුණු 62ක් වාර්තා කර තිබුණි. එයට හතරේ පහර හතරක් හා හයේ පහර දෙකක් ඇතුළත් විය. 

ඉන් අනතුරුව පිටියෙහි එක්වූ නායක සවූඩ් ශකීල් හා රොහේල් නසීර් පාකිස්තාන ලකුණු පුවරුව 243ක් දක්වා ඔසවා තැබුවේ පන්දුවාර 44ක් තුල දී ය. පාකිස්තාන ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස රොහේල් නසීර් දැවී යන විට ඔහු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් පන්දු 111ක දී ලකුණු 113ක් ලබා ගැනීමට සමත්ව සිටියේය. ඔහුගේ ශතක ඉනිමට හතරේ පහර 12ක් හා හයේ පහර 3ක් ඇතුළත් විය. 

මවගේ වියෝවෙන් දුක් වූ 16 හැවිරිදි පොඩ්ඩාට ටෙස්ට් වරම්!

පාකිස්තාන යොවුන් ක්‍රීඩක නසීම් ෂා තවමත් 16 වන වියේ පසුවන අතර ඔහුගේ මව පසුගිය…

සවූඩ් ශකීල් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 40ක දී ලකුණු 42ක් ලබා ගැනීමට සමත් විය. තරගයේ නියමිත කාලය අවසන් වන විට පාකිස්තාන ලකුණු පුවරුව දිස්වූයේ කඩුලු හයකට ලකුණු 301ක් ලෙසිනි. 

බංග්ලාදේශය වෙනුවෙන් සුමෝන් ඛාන් ලකුණු 75කට කඩුලු 3ක් දවා ගත් අතර හසන් මහ්මුද් කඩුලු දෙකක් දවා ගැනීමට සමත් විය. 

ලකුණු 302ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ ඉනිමේ මුල් කඩුලු දෙක ලකුණු 41ක් තුල දවා ගැනීමට මොහොමඩ් හස්නයින් හා සමීන් ගුල් සමත් විය. බංග්ලාදේශය වෙනුවෙන් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කිරීමට නායක නජ්මුල් හොසේන් ශැන්ටෝ උත්සාහ කළ අතර ඔහු දැවී ගියේ ලකුණු 46ක් ලබා සිටිය දී ය. බං

ග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් අෆීෆ් හොසේන් ලකුණු 49 ක් හා මෙහෙදි හසන් ලකුණු 42 ක් ලබා ගත් නමුත් එය බංග්ලාදේශයේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වූයේ නැත. 

ගියවර ආසියානු ශූරයෝ මෙවර කලින්ම ගෙදර එයි

ආසියානු නැගී එන කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (18) ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ…

පන්දුවාර 43 පන්දු තුනක් තුල බංග්ලාදේශ ඉනිම ලකුණු 224කට සීමා කිරීමට පාකිස්තානය සමත් විය. එහි දී මොහොමඩ් හස්නයින් කඩුලු 3ක් දවා ගත්තේ ලකුණු 32කටය. කුශ්ඩිල් ශා හා සයීෆ් බාඩර් කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් විය. 

අවසන් තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට පාකිස්තාන කණ්ඩායමේ ශතකලාභී රොහේල් නසීර් සමත් විය. තරගාවලියේ වීරයා වූයේ බංග්ලාදේශ කණ්ඩායමේ සෞම්‍යා සරකාර් ය. 

පාකිස්තාන නැගී එන කණ්ඩායම – 301/6 (50): රොහේල් නසීර් 113, ඉම්‍රාන් රෆීක් 62, සවූඩ් ශකීල් 42, සුමොන් ඛාන් 75/3, හසන් මහ්මුද් 52/2

බංග්ලාදේශ නැගී එන කණ්ඩායම – 223 (43.3): නජ්මුල් හොසේන් 46, අෆීෆ් හොසේන් 49, මෙහෙදි හසන් 42, මොහොමඩ් හස්නයින් 32/3, කුශ්ඩිල් ඛාන් 39/2, සයීෆ් බාඩර් 27/2

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<