“මගේ ඇඟේ හැමතැනම ලේ තිබුණා” – ඩිවිලියර්ස්

538
ab-de-villiers

එතෙක් මෙතෙක් ක්‍රිකට් ක්‍රීඩාව තුල බිහි වූ ප්‍රබලතම පන්දු රකින්නා ලෙස දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක ජොන්ටි රොඩ්ස් හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. වේගවත් පන්දු රැකීමක් මෙන්ම එල්ලය ලබා ගැනීමේ දී රොඩ්ස් දැක්වූ දක්ෂතාවයට සමකිරීමට හැකි කිසිවෙකුත් මෙතෙක් බිහිව නොමැත.

IPL තියන්න Emirates ලෑස්ති වෙයි

ඉන්දියාවේ දරුණු ලෙස පැතිර යන COVID-19 වෛරස ව්‍යාප්තිය.

ජොන්ටි රොඩ්ස් එකල ලබා ගත් දුවද්දී දැවී යාම් තවමත් ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අමතකව නොමැත. දකුණු අප්‍රිකානු හිටපු නායකයා වන ඩිවිලියර්ස් හට තම වෘත්තීය ජීවිතය තුළ රොඩ්ස් වැනි දුවද්දී දැවී යාමක් ලබා ගැනීමට නොහැකි වුවද, ඔහු පවසා සිටියේ තමා කුඩා කල සිට ඒ ආකාරයේ දුවද්දී දැවී යාමක් ලබා ගැනීමට බොහෝ පුහුණුවීම් කළ බවයි.

දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක ජොන්ටි රොඩ්ස් තමා විශිෂ්ට පන්දු රකින්නෙකු වීමට පෙළඹ වූ අයුරු ඩිවිලියර්ස් පසුගිය දා වෙබ් අඩවියක් සමඟින් එක්වූ සාකච්ඡාවක දී හෙළි කර තිබේ.

මෙතෙක් සිටි ශ්‍රේෂ්ඨතම පන්දු රකින්නා ලෙස බොහෝ දෙනා සලකනු ලබන රොඩ්ස්, 1992 ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්සාමාම් උල් හක් දවා ගැනීම බොහෝ දෙනාගේ අවධානයට ලක්විය. අඩි ගණනක් ඉපිලී ගුවනේ දී එල්ල කළ එම පන්දුව සැණකින් කඩුල්ල බිඳ දැමීමට සමත් විය. එය ලෝක කුසලාන ඉතිහාසයේ වඩාත්ම කැපී පෙනෙන දසුනක් බවට පත් විය.

මෑත කාලීන ක්‍රිකට් ක්‍රීඩාව තුල ඉහල පෙළේ පන්දු යවන්නෙකු ලෙස සලකන ඩිවිලියර්ස් පවසා සිටියේ රොඩ්ස් ගේ එම දුවද්දී දවා ගැනීම එකල තරුණ ක්‍රීඩකයෙකු ලෙස තමාට විශාල බලපෑමක් එල්ල කළ බවයි.  

කොරෝනා සුව වීමෙන් පසුව භට්ටී පාකිස්තාන කණ්ඩායම සමඟ එක්වෙයි

පාකිස්තාන දඟපන්දු යවන ක්‍රීඩක කාශිෆ් භට්ටී හට එංගලන්තයේ

“ජොන්ටි රොඩ්ස් ඒ ලෝක කුසලානයේ දී කැපී පෙනුණා. කුඩා කල සිටම ඔහු මට ලොකු බලපෑමක් එල්ල කළා. මට වයස අවුරුදු 8 දී තමයි 1992 ලෝක කුසලාන තරගාවලිය තිබ්බේ. රොඩ්ස් ලබා ගත්ත ඒ දුවද්දී දවා ගැනීම මම සජීවීව දැක්කා. එය මට විශාල බලපෑමක් ඇති කළා කියලා මට හිතෙනවා” ඒබී ඩිවිලියර්ස් ලන්ඩනයේ BBC නාලිකාවේ මිඩ්ල්සෙක්ස් ක්‍රිකට් වැඩසටහන හා එක්වෙමින් කෙවින් හෑන්ඩ් වෙත පැවසීය.

Jonty Rhodes
ඡායාරූපය – ජොන්ටි රොඩ්ස් 1992 ලෝක කුසලාන තරගාවලියේ දී

රොඩ්ස් එහි දී ලබා ගත් දුවද්දී දැවී යාමට හසුවූයේ ඉන්සාමාම් උල් හක් ය. ඉන්සමාම්ගේ දවා ගැනීම එම තරගයේ වඩාත් තීරණාත්මක අවස්ථාවක් බවට පත් විය. රොඩ්ස් ඉන් පසුවද තම වෘත්තීය ක්‍රිකට් දිවිය තුල දී එවන් අතිවිශිෂ්ට උඩ පන්දු රැකගැනීම් හා ආකර්ෂණීය සෘජු දුවද්දී දවා ගැනීම් රැසක් තම නම ඉදිරියේ සටහන් කරගැනීමට සමත් විය. 

මහේල SSC සභාපති පුටුවට

සිංහල ක්‍රීඩා සමාජය හෙවත් එස්. එස්. සී. ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටු සභාපතිවරයා

“මම මගේ කුඩා කාලයේ සෑම දිනකම ඒ වගේ වෙන්න පුහුණුවීම් කළා. මගේ ඇඟේ හැමතැනම තණකොළ තිබුණා. ඒ වගේම ලේ තිබුණා. නමුත් මට ඒ පුහුණුවීම් කරන්න ඕනේ වුනා. මගේ වෘත්තිය දිවිය තුළ ඒ වගේ දවා ගැනීමක් කරන්න මට අවස්ථාවක් ලැබුණේ නෑ. නමුත් පිටියේ දී විශේෂ දේවල් කිරීමටත් කණ්ඩායමට අමාරු උඩ පන්දුවක් ලබා ගැනීමටත් ඒ පුහුණුවීම් මට ලොකු උදව්වක් වුනා. ජොන්ටි ඒ කාලයේ ක්‍රීඩා කළ ආකාරය එයයි කියලා මට හිතෙනවා. මට සැමවිටම අවශ්‍ය වුනේ එයයි”  ඩිවිලියර්ස් තවදුරටත් පැවසීය.

ඩිවිලියර්ස් තම වෘත්තීය දිවිය තුල ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස තරග තුල උඩ පන්දු 463ක්, දුවද්දී දවා ගැනීම් 40ක් හා ස්ටම්ප් කිරීම් 17ක් වාර්තා කර තිබේ. 

ජොන්ටි රොඩ්ස් 2003 වසරේ දී ක්‍රීඩාවෙන් සමුගන්නා විට ටෙස්ට් හා එක්දින තරගවල දී උඩපන්දු 139ක් හා දුවද්දී දවා ගැනීම් 56ක් වාර්තා කර තිබුණි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<