ෆියුරි – න්ගානු සටනට දින නියමයි

282

හෙවිවෙයිට් බොක්සිං ලෝක ශූර ටයිසන් ෆියුරි සහ හිටපු UFC හෙවිවෙයිට් ලෝක ශූර ෆ්‍රැන්සිස් න්ගානු අතර බොක්සිං තරගය ඔක්තෝබර් 28 වැනිදා සෞදි අරාබියේ දී පැවැත්වීමට නියමිතයි.

ෆ්‍රැන්සිස් න්ගානු හට කිසිදු වෘත්තීය බොක්සිං තරග අත්දැකීමක් නැතත්, මේ තරගය පැවැත්වෙන්නේ වෘත්තීය බොක්සිං නීති රීති වලට අනුකූලවයි. තරගය, කලකට පසුව පැවැත්වෙන ප්‍රේක්ෂකාකර්ෂණය වැඩි බොක්සිං තරගයක් වනු ඇතැයි සැලකෙනවා.

කෙසේ වෙතත් ෆියුරිගේ ශූරතාවය ජයග්‍රාහකයාට හිමි වන්නේ නැහැ. මෙය ශූරතා තරගයක් නොවන බව සඳහන්.

මම අන්තිම අවුරුදු තුනේ දී ටයිසන් එක්ක එකම වළල්ලක ක්‍රීඩා කරන්න බලාගෙන හිටියා,” න්ගානු BBC හමුවේ අදහස් දක්වා තිබුණා.

මේ හාදයා සැලකෙන්නේ හයියෙන්ම මුෂ්ටි ප්‍රහාර එල්ල කරන්නා හැටියට. ඒත් අපි බලමු එයාට GKගෙන් පාරවල් වදිනකොට එයා මොනවද කරන්නේ කියලා,” ෆියුරි පැවසුවේ Gypsy King නමැති ඔහුගේ අන්වර්ථ නාමයත් සිහිකරමින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<