ඔලිම්පියන්ස්ලාට නව වරප්‍රසාදයක්

200
SLOlympians

ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමයේ සාමාජිකයන් හට ජීවිත රක්ෂණ සහතික බෙදා දීමේ උත්සවයක් අද (01) පස්වරුවේ දී ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

කොරෝනා බලපෑමෙන් තවත් තරගාවලි දෙකකට රතු එළි

අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමයේ සාමාජිකයන් 47 දෙනෙකු සහ Allianz රක්ෂණ සමාගමේ නිලධාරීන් පිරිසක් ද සහභාගි වීමට නියමිතව ඇත.

මෙම රක්ෂණ පහසුකම මගින් එම සංගමයේ සාමාජිකයන් හට හදිසි අනතුරු සහ රෝහල් ගතවීම ඇතුළු සෞඛ්‍ය ගැටලුවලට අදාළව ප්‍රතිලාභ රැසක් හිමි වනු ඇත.

1948 වර්ෂයේ සිට 2016 දක්වා ඔලිම්පික් උළෙලවල් නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමයේ දමයන්ති දර්ශා, සුගත් තිලකරත්න වැනි මෙරට බිහි වූ ප්‍රවීණතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සාමාජිකත්වය දරණ අතර ශ්‍රියානි කුලවංශ මහත්මිය විසින් එහි සභාපති ධුරය මෙහෙයවනු ලබයි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<