රාජකීයයෝ දෙවැනි කොටසට

645
Singer U19 Cricket

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ පසුගිය වසරේ පළමු කොටසෙන් ක්‍රීඩා කළ කොළඹ රාජකීය විද්‍යාලය සහ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය මෙවර එම තරගාවලියේ දෙවැනි කොටස දක්වා පහත වැටී ඇත.

කොළඹ රාජකීයයෝ නීත්‍යනුකූල නොවන අයුරින් පසුගිය තරගාවලියේ තරග කිහිපයක් ක්‍රීඩා කිරීම හේතුවෙන් ද, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය ප්‍රසාද ලකුණු පුවරුවේ පහතටම වැටීම හේතුවෙන් ද මෙම කණ්ඩායම් දෙක පළමු කොටසේ තරගාවලියෙන් ඉවත් කර ඇත.

සාන්ත ජෝන්ස් සහ සාන්ත තෝමස් විද්‍යාල පළමු කොටසින්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන ක්‍රිකට්.

දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 32ක් කාණ්ඩ 4ක් යටතේ තරග වදියි. එක් කාණ්ඩයක් කණ්ඩායම් 8කින් සමන්විත අතර එහි දී ලැබෙන තරග 7ට අමතරව තවත් තරග 6ක තරග දක්ෂතා තරගාවලියේ දී සැලකිල්ලට ගනිමින් ශූරතාවට ළඟා වීමේ අවස්ථාව උදාකර ඇත.

පසුගිය වසරේ තෙවැනි කොටසේ තරගාවලියට ක්‍රීඩා කරමින් ශූරතාව දිනූ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය මෙන්ම අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබූ කොළඹ අසෝක විද්‍යාලය සහ පිළියන්දළ මධ්‍ය මහා විද්‍යාලය ද මෙවර දෙවැනි කොටසේ ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබා ගෙන තිබේ.

පසුගිය වසරේ මෙම කාණ්ඩයේ ජයග්‍රහණය පානදුර සාන්ත ජෝන්ස් විද්‍යාලයට හිමි වූ අතර අනුශූරතාව හිමි වූයේ මාතර සාන්ත තෝමස් විද්‍යාලය ය. ඒ අනුව ඔවුන් මෙවර තරගාවලියේ දී පළමු කොටසින් ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබා ගත්තේය.

තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සෑම කාණ්ඩයකම ඉහළම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම් 4 සුදුසුකම් ලබා ගන්නා අතර එම වටය පිළිමළුන් පිටු දැකීමේ ක්‍රමයට පැවැත්වේ. මෙම කණ්ඩායම් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය සඳහා ද සුදුසුකම් ලබයි.

පසුගිය වසරේ පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ශූරතාව කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය විසින් දිනා ගත් අතර අනුශූරතාව අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට හිමි විය.

කොළඹ කේරි විද්‍යාලය සහ මාරවිල සාන්ත සේවියර් විද්‍යාලය පසුගිය වසරේ දී දෙවැනි කොටසින් ක්‍රීඩා කළ ද ප්‍රසාද ලකුණු පුවරුවේ අඩු ලකුණු ලබා ගැනීම හේතුවෙන් මෙවර තෙවැනි කොටස දක්වා පහත වැටුණි.

දෙවැනි කොටසින් ක්‍රීඩා කරන කණ්ඩායම්

Group “A”  

රාජකීය විද්‍යාලය(කොළඹ), ශ්‍රී සුමංගල විද්‍යාලය (පානදුර), කෑගලු විද්‍යාලය, ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය (කැළණිය), සාන්ත ජෝන්ස් විද්‍යාලය (යාපනය), සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලය (පාදුක්ක), කිංස්වුඩ් විද්‍යාලය (මහනුවර), පිළියන්දළ මධ්‍ය මහා විද්‍යාල

Group “B”

අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය, තිස්ස මධ්‍ය මහා විද්‍යාලය (කඵතර), සාන්ත මරියා විද්‍යාලය (හලාවත), කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය, දෙබරවැව ජාතික පාසල, දේවපතිරාජ විද්‍යාලය (රත්ගම), සාන්ත තෝමස් විද්‍යාලය (මාතලේ), අසෝක විද්‍යාලය (කොළඹ)

Group “C”

රාහුල විද්‍යාලය (මාතර), ආනන්ද ශාස්ත්‍රාලය (කෝට්ටේ), ශ්‍රී දේවනාන්ද විද්‍යාලය (අම්බලන්ගොඩ), සාන්ත පීතර විද්‍යාලය (මීගමුව), සිරිකුරුස විද්‍යාලය (කඵතර), එස්. ද එස්. ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලය (දෙහිවල), කළුතර විද්‍යාලය, පී. ද එස්. කුලරත්න විද්‍යාලය (අම්බලන්ගොඩ)

Group “D”

සාන්ත ආනා විද්‍යාලය (කුරුණෑගල), තක්ෂිලා විද්‍යාලය (හොරණ), සාන්ත සෙබස්තියන් විද්‍යාලය (කටුනේරිය), ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය (කෝට්ටේ), සාන්ත අන්තෝනි විද්‍යාලය (කටුගස්තොට), රාජකීය විද්‍යාලය (පානදුර), විද්‍යාර්ථ විද්‍යාලය (මහනුවර), රේවත විද්‍යාලය (බලපිටිය)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<