ශ්‍රී ලංකාවට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්

1218
Anton Roux appointed as Sri Lanka fielding coach
(newswire)

ශ්‍රී ලංකාවේ නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස Anton Roux නම් කර තිබෙනවා. දකුණු අප්‍රිකානු ජාතික Roux, Nottinghamshire Pathway හි පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටි අතර ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීම සඳහා ඔහු මේ වන විට Trent Bridge වලින් පිටව තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ පළමු පෙළ ක්‍රීඩා කර ඇති Roux මිට පෙර නෙදර්ලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද, නවසීලන්ත A කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද, නවසීලන්ත දේශීය කණ්ඩායමක් වන Otago කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකාව මට ලබා දුන් අවස්ථාව මට නව අභියෝගයක්. මේක මට වගේම මගේ පවුලටත් අලුත් දෙයක් අත්දකින්න නව අවස්ථාවක්. සෑම ක්‍රීඩකයෙක්ම හා පුහුණුකරුවෙක්ම බලාපොරොත්තු වෙන්නේ ඉහළම මට්ටමේ වැඩ කරන්න. මට ඉවසිල්ලක් නැහැ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා කරන්න උදව් කරන්න”, Roux නිවේදනයක් නිකුත් කරමින් සටහනක් තබා තිබුණා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<