ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩිකාවෝ පළඟ ශූරතාවය දිනයි

197

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර ඊයේ (15) අවසන් වූ අතර ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම තරගාවලිය අවසන් කළේ පළඟ ශූරයින් ලෙස හෙවත් තරගාවලියේ පස්වැනි ස්ථානයේයි.

ශ්‍රී ලංකාව නැවත වතාවක් තෙවන ස්ථානයේ නවතී

2018 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර අද (15) අවසන් වූ අතර ශ්‍රී ලංකා සත් සාමාජික පිරිමි රග්බි කණ්ඩායමට එහි දී හිමි වූයේ තෙවන ස්ථානයයි. පළමු අදියර දින දෙකක්…

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගාවලිය ආරම්භ කළේ දැවැන්ත පරාජයක් සමඟිනි. කසකස්තානය හමුවේ ලකුණු 36-00ක් ලෙස පරාජය වූ නමුත් පළමු අදියරේ සිය දෙවන තරගයේ දී සිංගප්පූරුව ලකුණු 17-05ක් ලෙස පරාජය කරන්නට ඔවුන් සමත් විය.

සිංගප්පූරු ක්‍රීඩිකාවන් තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කළේ තරගයට හොඳ ආරම්භයක් ගනිමිනි. කෙසේ වෙතත් ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සිය පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර දෙවන අර්ධයේ දී සිංගප්පූරු ක්‍රීඩිකාවන් අන්දමන්ද කරමින් තවත් උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කළ ඔවුන් සුපිරි ජයක් වාර්තා කර ගැනීමට සමත් විය.

අනතුරුව දෙවන දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් චීනය හමු වූ අතර කුසලාන ශූරතාවයට පිවිසීමට නම් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට මේ තරගයේ ජය අත්‍යාවශ්‍යම විය.

කෙසේ වෙතත් චීනය වෙතින් ශ්‍රී ලංකාවට දරුණු සංග්‍රහයක් හිමි වූ අතර ලකුණු 36-00ක් ලෙස පරාජය වූ ශ්‍රී ලංකාවට සිදු වූයේ කුසලාන බලාපොරොත්තු අත්හැර පළඟ ශූරතාවයේ තරග කිරීමටයි.

පළඟ ශූරතාවයේ අවසන් පූර්ව වටයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ප්‍රතිවාදීන් වූයේ ප්‍රබල කොරියාවයි.

ඉතා ප්‍රබල ලෙස තරගය ආරම්භ කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 14-00ක් ලෙස තරගයේ පෙරමුණේ සිටියේ පහසු ජයග්‍රහණයක් අත්වේ යැයි බලාපොරොත්තුවෙනි.

කෙසේ වෙතත් දෙවන අර්ධය ආරම්භයෙන් මිනිත්තු කිහිපයක් ගත වෙද්දී කොරියාව ඉක්මන් උත්සාහක දිනුම් වාර්තා කරමින් ලකුණු 14-15ක් ලෙස පෙරමුණට පැමිණියේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් බිය ගන්වමිනි.

ජපන් ප්‍රහාරය ශ්‍රී ලංකා බලාපොරොත්තු සුනුවිසුනු කරයි

හොංකොං හී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි ශූරතාවලියේ පළමු අදියරේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගය අද (14) ජපානය සමඟින් පැවති අතර එහි දී ලකුණු 21-00ක දරුණු පරාජයකට…

කෙසේ වෙතත් වාසනා වීරක්කොඩි කණ්ඩායමට වාසනාවක් වෙමින් අවසන් මොහොතේ සුපිරි උත්සාහක දිනුමක් වාර්තා කළේ ලකුණු 21-15ක් ලෙස තියුණු සටනක ජය ශ්‍රී ලංකාවට හිමි කර දෙමිනි.  

පළඟ ශූරතාවයේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර පැවති අතර තරගාවලියේ පස්වැනි ස්ථානය දිනා ගැනීම සඳහා කණ්ඩායම් දෙකේම ක්‍රීඩිකාවන් දැඩි තරගයක නිරත වනු දක්නට ලැබුණි.

තරගය ආරම්භයේම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවකට කහ කාඩ් පතක් හිමි වූ අතර එහි වාසියත් සමඟින් Piyamat Chomphumee තායිලන්තය පෙරමුණේ තැබුවේ සුපිරි උත්සාහක දිනුමක් වාර්තා කරමිනි.    

තරගාවලිය පුරා ඉතා හොඳින් ක්‍රීඩා කළ දුලානි පල්ලේකොන්ඩගේ හා චරනි ලියනගේ අලංකාර උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කරමින් පළමු අර්ධය නිමා වන විට ශ්‍රී ලංකාව පෙරමුණේ තැබුවේ පළඟ ශූරතාවයට පියවරක් ලංවෙමිනි.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 10 – 05 තායිලන්තය

දෙවන අර්ධය ආරම්භයත් සමඟ දුලානි තවත් උත්සාහක දිනුමක් සඳහා ධවල රේඛාව ඉක්මවා ගිය අතර ඉන් මිනිත්තුවකට පසු Thanaporn Huankid දෙවන තායිලන්ත උත්සාහක දිනුම රැස්කළේ ලකුණු පරතරය අඩු කරමින් තායිලන්තය නැවත වරක් තරගයට රැගෙන එමිනි.

එක් උත්සාහක දිනුමක් සඳහා තායිලන්ත ක්‍රීඩිකාවෝ ප්‍රබල සටනක් දුන් අතර තායිලන්ත බලාපොරොත්තු බිඳ දමමින් පිටියේ සිය අර්ධයේ සිට තායිලන්ත අර්ධය දක්වා මීටර 90ක පමණ විශිෂ්ට ධාවනයක නිරත වූ චරනි ලියනගේ ජයග්‍රාහි ශ්‍රී ලංකා උත්සාහක දිනුම වාර්තා කළේ ශ්‍රී ලංකාව පළඟ ශූරියන් බවට පත් කරමිනි. ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ තහවුරු කරමින් අයේෂා කළුආරච්චි එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගන්නා ලදි.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 22 (4T, 1C) – 10 (2T) තායිලන්තය

ලකුණු ලබා ගත් ක්‍රීඩිකාවෝ

  • ශ්‍රී ලංකාව – දුලානි පල්ලේකොන්ඩගේ (2T), චරනි ලියනගේ (2T), අයේෂා කලුආරච්චි (1C)
  • තායිලන්තය – Piyamat Chomphumee (1T), Thanaporn Huankid (1T)   

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<