ඇන්ජලෝ ජාත්‍යන්තර පිටියෙන් සමුගනී

6061

ඇන්ජලෝ පෙරේරා වහාම ක්‍රියාත්මක වන පරිදි  ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙන බව ThePapare.com වෙත වාර්තා වනවා.

31 හැවිරිදි වියේ පසු වන ඇන්ජලෝ පිතිකරුවෙකු ලෙස එක්දින සහ විස්සයි විස්ස තරග 6ක දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දක්ෂතා දක්වා තිබෙනවා. ඔහු පළමු වරට ජාත්‍යන්තර පිටියට පිවිසියේ 2013 දී වන අතර ඔහු අවසන් වරට ජාත්‍යන්තර තරගාවලියක් සඳහා සහභාගී වුනේ 2019 වසරේ පැවති පාකිස්තාන සංචාරය වෙනුවෙනුයි.

දකුණතින් පිතිකරණයේ නිරත වන ඇන්ජලෝ දේශීය සහ ලීග් ක්‍රිකට් පිටියේ තවදුරටත් දක්ෂතා දැක්වීමට අපේක්ෂාවෙන් පසුවනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් පළමුපෙළ නියෝජනය කරමින් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙකු වන ඔහු දේශීය තරග බිබේ දී NCC ක්‍රීඩා සමාජය වෙනුවෙන් දක්ෂතා දක්වනවා.

ඔහුගේ ජාත්‍යන්තර පිටියේ දක්ෂතා එතරම් මට්ටමක නොපැවතියත්, ඔහු පළමුපෙළ තරග 107ක් සඳහා සහභාගී වෙමින් වාර්තා කරගෙන තිබෙන සාමාන්‍යය 48.08ක්. එමෙන්ම A කාණ්ඩයේ තරග 150ක් සඳහා සහභාගී වෙමින් ඔහු ලකුණු 42ක සාමාන්‍යයක් රඳවා ගැනීමට සමත් වීම ඔහුගේ වෘත්තීය දිවියේ සංධිස්ථානයක්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<