Shahrukh KKR දක්ෂතා ගැන නොසතුටින්! Russellගෙන් ප්‍රතිචාර!

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

220

චෙන්නායි හී M.A.Chidambaram ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් ඊයේ (13) ක්‍රියාත්මක වූ Mumbai Indians සහ Kolkata Knight Riders අතර පැවති මූලික වටයේ තරගයෙන් ලකුණු 10ක තියුණු ජයක් අත්පත් කර ගැනීමට Mumbai Indians සමත් විය.

ප්‍රතිවාදී Kolkata Knight Riders කණ්ඩායමේ තර්ජනාත්මක පන්දු යැවීම හමුවේ පළමුවෙන් පන්දුවට පහර දුන් Rohit Sharma ප්‍රමුඛ Mumbai Indians ක්‍රීඩකයින් හට සිය ඉනිම අවසානයේ රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 153ක් පමණි. 

ඉතාමත් පහසුවෙන් ළඟා විය හැකි ඉලක්කයක් හඹා යෑමේ අරමුණින් පිටියට පිවිසි KKR ආරම්භක පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් තම කණ්ඩායමට අවශ්‍ය කර තිබූ ශක්තිමත් අඩිතාලම සකසා දීමට සමත් වූයේ ජයග්‍රහණය පෙනෙන තෙක් මානයට ඔවුන් රැගෙන එමිනි.

අවසන්  පන්දුවාර 5 තුල දී කඩුලු 6ක් අතැතිව ලකුණු 31ක් පමණක් පසුපසින් සිටි KKR පිතිකරුවන් හට තරගය අවසානයේ දී ලකුණු පුවරුවට එක්කර ගැනීමට හැකි වූයේ තවත් ලකුණු 21ක් පමණි. ඒ අනුව ලකුණු 10ක නොසිතූ පරාජයකට මුහුණ පෑමට සිදු වූ Kolkata කණ්ඩායමේ හිමිකරු වන සුප්‍රසිද්ධ Bollowood නළු Shahrukh Khan තම රසික පිරිසගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද තිබුණේ කණ්ඩායමේ දක්ෂතා සම්බන්ධයෙන් තමා ද සෑහීමට පත්නොවන බව සඳහන් කරමිනි.

“අද දවස ගැන ඇත්තටම සෑහීමකට පත්වෙන්න බැහැ. කනගාටු වෙනවා අපි අවසානයේ දී තරග කරපු විදිය ගැන KKR වෙනුවෙන් මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා” යනුවෙන් Sharukh Khan සිය පෞද්ගලික Twitter ගිණුම වෙත සටහනක් එක් කරමින් පවසා තිබුණි.

KKR කණ්ඩායම අවසන් මොහොතේ දී ජය කණුව දෙසට රැගෙන යාමට සුපිරි පිතිකරු Andre Russel සහ හිටපු නායක Dinesh Karthik දැඩි පරිශ්‍රමයක් දැරූව ද, ඔවුන්ගේ එම වෑයම ව්‍යර්ථව ගියේ Mumbai කණ්ඩායමේ දක්ෂ පන්දු යැවීම හමුවේ ලකුණු ලබා ගැනීම තරමක අසීරු කර්ත්‍යවයක් බවට පත්වූ නිසාවෙනි.

SRKගේ ඉහත ප්‍රකාශය පිළිබඳව සමාජ මාධ්‍ය තුල දැඩි කතා බහට ලක්වූ නිසාවෙන් තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාව  අතරතුර දී සුපිරි පිතිකරු Andre Russellගෙන් මාධ්‍යවේදීන් ඇසූ පැනයන් කිහිපයකට පිළිතුරු ලබා දෙමින් ඔහු සඳහන් කර සිටියේ SRKගේ ප්‍රකාශයෙහි කිසිදු වරදක් තමන් නොදකින බව සඳහන් කරමිනි.

තවත් ක්‍රිකට් පුවත්:

“මම ඔහුගේ ඒ ප්‍රකාශයේ වැරැද්දක් දකින්නේ නැහැ. ඔහු කියලා තියෙන දේ සාධාරණයි. නමුත් ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක් කියන එක අපි හැමෝම තේරුම් ගත යුතුයි කියන තැන මම ඉන්නවා.”

තරගයේ ප්‍රථම භාගයේ දී දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් Mumbai ක්‍රීඩකයින් පස්දෙනෙකු යලි ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට Russell සමත් වූ නමුත් සුපුරුදු පරිදි ඔහුගේ පිත්ත ක්‍රියාත්මක කිරීමට ඔහු අපොහොසත් වූයේ පහසු දැවී යාමේ අවස්ථාවන් දෙකක් ද ප්‍රතිවාදීන් අතින් මඟහැරී ගිය පසුබිමක දී වීම විශේෂත්වයකි.

“තාමත් අපිට අපි ගැන තියෙන ආත්ම විශ්වාසය එහෙමම තියෙනවා. මේක තරගාවලියේ ආරම්භය විතරයි. තව ඉදිරියට අපිට හොඳ තරගයක් දෙන්න අවස්ථාව තියෙනවා. අද තරගයේ ප්‍රතිඵලය මොකක් උනත් මට කණ්ඩායමේ ක්‍රීඩකයින් ගැන ආඩම්බරයි.”

“මේක තමයි T20 තරග ආකෘතියේ ස්වභාවය. මම දැනට ලෝකය පුරා විස්සයි විස්ස තරග සිය ගණනකට වඩා ක්‍රීඩා කරලා අත්දැකීම් තියෙන කෙනෙක් විදියට ඕනෑ තරම් දැකලා තියෙනවා ජයග්‍රහණය පෙනි පෙනී තිබ්බ තරග පරාජයට පත්වෙනවා. ඒක ප්‍රතිවාදී කණ්ඩායමේ දක්ෂතාවන් එක්ක වගේම වාසනාව කියන සාධකයත් එක්ක රැඳිලා පවතින දෙයක්.”

කලින් කිව්වා වගේ මේක අපිට පාඩමක් ඉගෙන ගන්න හොඳ අවස්ථාවක් විදියටයි මම දකින්නේ. අපිට හොඳ සමබර කණ්ඩායමක් ඉන්න නිසා මම විශ්වාස කරනවා ඉදිරි තරගවල දී අපි ලොකු වෙනසක් කරයි කියලා. මට කණ්ඩායමේ දක්ෂතා ගැන හොඳ විශ්වාසයක් තියෙනවා.”

“පළවෙනි බෝලයේ ඉඳන් හයේ හතර පහර එල්ල කරන එක ලේසි පහසු කටයුත්තක් නෙමේ. කොච්චර දක්ෂ ක්‍රීඩකයෙක් උනත් පළමු පන්දු කිහිපය වැය කරනවා ඒ අවස්ථාවට හරියාකාරව  අනුගත වෙන්න. ඊයේ තණතීරුව ඇත්තටම අභියෝගාත්මකයි. පන්දුව පිත්තට එන්න තරමක් වෙලාව ගන්නවා කියන්නේ යම්කිසි මන්දගාමි ස්වභාවයක් තණතිල්ලේ තියෙනවා කියන එකයි” යනුවෙන් පැවසූ Andre Russell සිය ස්ථාවරය මාධ්‍යවේදීන් හට එසේ ඉදිරිපත්කොට සිටියේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<