මහානාම පළමු ඉනිමේ ජය මහීම ඇතුළු නාලන්දාව උදුරා ගනියි

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

85

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග හතරක් අද (4) දිනයේ දී ක්‍රියාත්මක වූ අතර ඉන් තරග තුනක් නිමාවට පත් වූයේ පළමු ඉනිමේ ජයග්‍රහණ සමඟිනි. ඒ අනුව නාලන්දා, මාතර සාන්ත තෝමස් සහ වෙස්ලි විද්‍යාල අද දිනයේ දී පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ගන්නා ලදි.

ඩී. එස්. හමුවේ ද මැසනොඩ් පළමු ඉනිම ජය ගනියි

අනාගතය දිනන පාසල් ක්‍රිකට් තරු සොයා යන ගමන සඳහා සවියක්……………….

  • දෙවන දිනයට පැවැත්වූ තරග 

කොළඹ මහානාම විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය (C කාණ්ඩයේ තරගය)

නාලන්දා විදුහල් ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සත්කාරකයින් පළමුව පන්දු රැකීමට තීරණය කළ මෙම තරගයේ පළමු ඉනිමේ ජය දිනා ගත්තේ නාලන්දා විද්‍යාලයයි. 

තරගයේ දෙවන සහ අවසන් දිනය වූ අද දිනය ආරම්භ කරන විට මහානාම විද්‍යාලය ලබා ගත් ලකුණු 175ට පිළිතුරු දෙමින් සිටි නාලන්දා විද්‍යාලය සිය පළමු ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 48ක් ලබාගෙන ඉතාමත් අසීරු අඩියක පසු විය. 

Photos: Nalanda College vs Mahanama College | School Cricket 2019/20

කෙසේ නමුත් මේ තරගය සිය විද්‍යාලය දෙසට නම්මා ගත් දකුණතින් පිතිකරණයේ නිරත වන මහීම වීරකෝන් හා එක් වූ මෝක්ෂ සංකල්ප පිළිවෙළින් ලකුණු 82*ක් සහ ලකුණු 33ක් ලබා ගනිමින් මහානාම විද්‍යාලය ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටි පළමු ඉනිමේ ජය උදුරා ගත්තේ ලකුණු 19ක පළමු ඉනිමේ වාසියක් ද ලබා ගනිමිනි.

තරගය අවසන් වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි මහානාම විද්‍යාලය වෙනුවෙන් නායක පවන්ත වීරසිංහ ලකුණු 60ක් ලබාගෙන දස්කම් දක්වන ලදි. පන්දු යැවීමේ දී තරගයේ වැඩිම දස්කම් දැක්වූ පන්දු යවන්නා බවට පත් වූ ජිතේෂ් වාසල  මහානාම පළමු ඉනිමේ කඩුලු 4ක් ලකුණු 45ක් තුල දවා ගත්තේය. 

මහානාම විද්‍යාලය – 175 (75.3) දිලීෂ තුඩුවගේ 53, සවිඳු කාවින්ද 23, පවන් රත්නායක 22, ජිතේෂ් වාසල 4/45, දිනෙත් සමරවීර 3/34, චමෝද්‍ය රාජපක්ෂ 2/30. සහ 184/3 (42), පවන්ත වීරසිංහ 60, පුල්ශාන් රෝහණ 37, විනුක රූබසිංහ 23*, රවීන් ද සිල්වා 2/51.

නාලන්දා විද්‍යාලය  – 194 (67.3) මහීම වීරකෝන් 82*, මෝක්ෂ සංකල්ප 33, අවිශ්ක පෙරේරා 23, නිසල ආකාශ් 3/37, දෙවිඳු කෙකිරිදෙනිය 3/48, අචින්ත සුපුන් 3/57.

ThePapare.com Live පෙන්වන Big Match සෙට් එක!!

එළඹෙන මාර්තු මාසය අතිශය කාර්‍යබහුල වීමට නියමිතය. සති 5ක් පුරාවට දිවයින පුරා…………………….

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ සහිරා විද්‍යාලය (D කාණ්ඩයේ තරගය)

මාතර උයන්වත්ත ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත තෝමස් විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. නිපුන් සමරසිංහ ලබා ගත් අර්ධ ශතකය ද සවියක් කර ගනිමින් සිය අණසක පැතිර වූ මාතර සාන්ත තෝමස් විද්‍යාලය ඔවුන්ගේ මුල් ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 252ක් ලබා ගත්තේය. 

එයට පිළිතුරු දුන් සහිරා විද්‍යාලය තරගයේ පළමු දිනය අවසන් වන විට ඉතාමත් හොඳ ආරම්භයක් ලබා ගත් නමුත් තරගයේ දෙවන දිනයේ පළමු පැය කිහිපය තුල ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 124කට සීමා කිරීමට සිනෙත් සිතාර ඇතුළු සාන්ත තෝමස් පන්දු යවන්නෝ සමත් වූහ. 

සිය පිළිතුරු පළමු ඉනිම අසාර්ථක වූ නිසාවෙන් ලකුණු 128ක පළමු ඉනිමේ අවාසියක් සහිතව නැවතත් සිය දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට ඔවුන්ට සිදු වූ අතර එහි දී ද ඔවුන්ගේ පිතිකරුවන් අසාර්ථක වීම නිසා සාන්ත තෝමස් විද්‍යාලයට ඉනිමක ජයක් ලබා ගැනීමට වැඩි අවස්ථාවක් තිබුණි. 

කෙසේ නමුත් ඉම්තියාස් ස්ලාසා සිය තුන් ඉරියව් දස්කම් දක්වමින් නොදැවී ලකුණු 37*ක් ලබාගෙන ඔවුන්ගේ විද්‍යාලයට අත්වීමට ගිය දැවැන්ත පරාජයෙන් සිය කණ්ඩායම බේරා ගන්නා ලදි. 

සාන්ත තෝමස් විද්‍යාලය – 252 (80.1) නිපුන් සමරසිංහ 54, හිරුෂ ජීවජිත් 49, සචිර රශ්මික 34, හිරන්ත ලක්ෂාන් 29, මොහොමඩ් මහධි 4/54, මොහොමඩ් ඩිල්ශාන් 2/35, ඉශාන් රූහයීම් 2/49, ඉම්තියාස් ස්ලාසා 2/61.

සහිරා විද්‍යාලය – 124 (55.3) මොහොමඩ් රහිදී 36, සිනෙත් සිතාර 5/42, සචිර රශ්මික 3/36 සහ (F/O) 118/7 (58) ඉම්තියාස් ස්ලාසා 37*, මොහොමඩ් අදිල් 24, සචිර රශ්මික 4/35.

යොවුන් ක්‍රීඩකයන්ගේ අවසන් බලාපොරොත්තුවත් සුන්

යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි සිහිනයේ පළමු වටයෙන්ම ඇද වැටුණ ශ්‍රී ලංකා……………..

වෙස්ලි විද්‍යාලය සහ ලුම්බිණි විද්‍යාලය (D කාණ්ඩයේ තරගය)

අර්ධ ශතක දෙකක් සහ කඩුලු 6 අවස්ථාවක් වාර්තා වූ මේ තරගය නිමා වූයේ වෙස්ලි විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමිකර දෙමිනි. BRC ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් වෙස්ලි විද්‍යාලය පළමුව පන්දුවට පහර දුන් අතර එහි දී ඔවුන් සිය පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 266ක් ලබා ගත්තේය. 

ඉනිමේ මෙන්ම තරගයේ වැඩිම ලකුණු ලාභියා වූ සාහිල් ඩයස් ලකුණු 58ක් ලබා ගන්නා විට, නිම්තක අධිකාරි ලකුණු 51ක් ලබා ගනිමින් සිය විද්‍යාල පළමු ඉනිම සාර්ථක කර ගැනීම සඳහා සහය විය. 

අනතුරුව ලකුණු රැස්කිරීම සඳහා පිටියට පැමිණි සත්කාරක ලුම්බිණි විද්‍යාලය සාර්ථක ආරම්භයක් ලබා ගත් නමුත් ඔවුන්ගේ මැදපෙළ අසාර්ථක වීම නිසාවෙන් ලකුණු 217කට සිය පළමු ඉනිම සීමා වූ අතර ඒ නිසාවෙන් ඔවුන්ට ලබා ගැනීමට හැකිව තිබූ පළමු ඉනිමේ ජය අහිමි වී ගියේය.

Photos: Wesley College vs Lumbini College – Singer U19 Division 1 Cricket Tournament 2019/2020

ලුම්බිණි පළමු ඉනිම සුන් කළ සෙමිල ලියනගේ ලකුණු 69කට කඩුලු 6ක් දවා ගනිමින් දස්කම් දැක්වූ අතර තේනුක පෙරේරා කඩුලු 3ක් දවා ගන්නා ලදි. 

ලකුණු 49ක පළමු ඉනිමේ වාසියක් සහිතව සිය දෙවන ඉනිම දියත් කළ වෙස්ලි විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 145ක් වාර්තා කරගැනීම නිසා ලුම්බිණි විද්‍යාලයට තරගය ජය ගැනීම සඳහා ලකුණු 195ක ඉලක්කයක් හිමි විය. 

කෙසේ නමුත් පන්දුවාර 13ක් තුල කඩුලු 3ක් දැවී ලකුණු 70ක් ලබා ගනිමින් ඔවුන් යම් වේගවත් පිතිකරණ විලාසයක් පෙන්නුම් කළ ද ඒ සඳහා කාලය සහ පන්දුවාර ප්‍රමාණය ප්‍රමාණවත් වූයේ නොමැත. 

වෙස්ලි විද්‍යාලය – 266 (74.4) සාහිල් ඩයස් 58, නිම්තක අධිකාරි 51, බුද්ධිම විජයසුන්දර 36, රමේෂ් මධුසංක 4/49, යසිරු ජයසිංහ 3/79, ටශික නිර්මාල් 3/73. සහ 145 (51.1) ලක්ෂාන් රුවන්ත 32,  සෙමිල ලියනගේ 24, ටශික නිර්මාල් 5/83, යසිරු ජයසිංහ 3/35

ලුම්බිණි විද්‍යාලය – 217 (52.3) ප්‍රභාෂණ ගම්ලත් 38, රවිඳු රසංක 33, සෙමිල ලියනගේ 6/69, තේනුක පෙරේරා 3/56. සහ 70/3 (13) හිරු චේතන 33*.

ප්‍රේමදාස 1000 පසුකරයි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග………………

  • පළමු දිනයට පැවති තරගය 

මලියදේව විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය (C කාණ්ඩයේ තරගය)

සාන්ත අන්තෝනි ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත අන්තෝනි විද්‍යාලය පළමුව පන්දු යවන ලදි.

මලියදේව විද්‍යාලය – 146 (62.4) ගයාන් කරුණානායක 37, ජයමින් මුතුකුමාරණ 24, අවිශ්ක තරිඳු 3/23, අමිත සංදීප 2/23, කවීෂ දුලංජන 2/21, දිනුක විශාල් 2/31.

සාන්ත අන්තෝනි විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 59/3 (32.4)

පළමු දිනය වෙනුවෙන් ක්‍රියාත්මක වූ තරගය හෙට (5) දෙවන දිනය වෙනුවෙනුත් පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<