රුවන්ත කෑල්ලපොත ඉන්න කණ්ඩායම​ට සුපිරි කොදෙව්වෙක්

බිග් බෑෂ් ලීග් තරගාවලිය 2022

3314

බටහිර ඉන්දීය කොදෙව් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Andre Russell මෙවර බිග් බෑෂ් ලීගයේ Melbourne Renegades කණ්ඩායම සමඟ එක්ක තිබෙනවා.

ඔහු එලෙස කණ්ඩායම සමඟ එක්ව ඇත්තේ කෙටි කාලීනව වන අතර Liam Livingstonගේ ආදේශකය ලෙස ඔහුව එක් කරගෙන තිබෙනවා.

Livingston හට සිය ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට ඇති නිසා තරගාවලියේ පළමු තරග හතර ක්‍රීඩා කිරීමට නොහැකි වන අතර Russell ඔහුගේ ආදේශකයා ලෙස එම තරග ක්‍රීඩා කිරීමට නියමිතයි.

Russell මීට පෙර ද මෙම කණ්ඩායම නියෝජනය කර ඇති අතර ඒ 2014/15 තරග වාරයේ දීයි.

“මේ තරග වාරයේ නැවතත් බිග් බෑෂ් තරගාවලිය නියෝජනය කරන්න ලැබෙන එක සතුටක් වගේම මම නොඉවසිල්ලෙන් ඉන්නේ තරගාවලියට සහභාගී වෙන්න.

නැවතත් කණ්ඩායමට එක් වෙන්න ලැබුණ එක ගැන මම පුදුම වෙලා ඉන්නේ. මේ කණ්ඩායමට තරගාවලිය හොඳින් ආරම්භ කරන්න මම මගේ උපරිමය ලබා දෙනවා,”  යනුවෙන් Russell ප්‍රකාශ කර තිබුණා.

කණ්ඩායමේ මෙම වසරේ පළමු එක් කර ගැනීම ලෙස Livingston එක් කර ගැනීමට Renegades කටයුතු කළත්, දකුණු අප්‍රිකානු ලීග් තරගාවලියටත් ඔහු සහභාගී වන නිසා ඔහුට මෙවර තරගාවලිය සම්පූර්ණ වශයෙන් නියෝජනය කිරීමට හැකි වන්නේ නැහැ.

ඔහුගේ ඇති කාර්යබහුලත්වය නිසා මෙවර කණ්ඩායම් ඔහුව නොසලකා හැරි අතර ඔහුට පසුගිය තරග වාරයේ දී ක්‍රීඩා කිරීමට හැකි වුනේ තරග පහක් පමණයි.

Renegades කළමනාකරු ප්‍රකාශ කර සිටියේ, Russell ඔවුන්ගේ පළමු සැලසුම්වල සිටි නිසා ඔහුව අමතර ක්‍රීඩකයෙකු ලෙස එක් කර ගැනීමට පසුබට නොවූ බවයි.

“මේ තරග වාරයේ දී Russell නැවත පැමිණීම ගැන මම සතුටු වෙනවා. ඔහු ලෝකේ ප්‍රබල විස්සයි විස්ස ක්‍රීඩකයෙක්. ඔහු වගේ ක්‍රීඩකයෙක් තමයි අපිට ඕන. ඔහු අපගේ කණ්ඩායමට තුන් ඉරියව්වෙන් වටිනාකමක් එක් කරනවා.”

Melbourne Renegades සංචිතය: Nic Maddinson (capt), Zak Evans, Aaron Finch, Jake Fraser-McGurk, Sam Harper, Marcus Harris, Mackenzie Harvey, Akeal Hosein (overseas), Ruwantha Kellapotha (overseas), Liam Livingstone (overseas), Shaun Marsh, Jack Prestwidge, Kane Richardson, Corey Rocchiccioli, Tom Rogers, Andre Russell (overseas), Will Sutherland, Mujeeb Ur Rahman (overseas), Jon Wells

Cricinfo ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<