Home Sinhala අතුකෝරලගේ තුන් ඉරියව් දස්කම් නිසා ආනන්දය අසීරු අඩියක

අතුකෝරලගේ තුන් ඉරියව් දස්කම් නිසා ආනන්දය අසීරු අඩියක

92 වැනි සුලෝහිත සංග්‍රාමය 2022

347
Ananda vs Nalanda - 92nd Battle of The Maroons 2022

ආනන්ද විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය අතර පැවැත්වෙන සුලෝහිත මහා සංග්‍රාමය වසරක නිහැඬියාවකට පසුව අද (10) නැවතත් ආරම්භ වුනා. 92 වැනි වරට පැවැත්වෙන මේ සුලෝහිත සංග්‍රාමය කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වනවා.

කාසියේ වාසිය දිනා ගත් ආනන්ද නායක නෙත්ම කරුණාරත්න පළමුව පන්දුවට පහර දීම සඳහා නාලන්දා විද්‍යාලයට ආරාධනා කර සිටියා. තරගයේ පළමු දිනය අවසන් වන විට නාලන්දා විද්‍යාලය ලබා ගත් ලකුණු 289/9d ට පිළිතුරු ලෙස ආනන්ද විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 59ක් ලබාගෙන සිටින්නේ නාලන්ද පළමු ඉනිමට වඩා තවත් ලකුණු 220ක් පසුපසින් සිටිමින්.

තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්

  • ආනන්ද විද්‍යාලය – නෙත්ම කරුණාරත්න (නායක), ලක්ෂිත කුලරත්න, හංසජ ජයසිංහ, නුශාල් ධර්මරත්න, ඉරුත් ගිම්ශාන්, මිනෙත් ප්‍රේමරත්න, පුලිඳු කිරිඇල්ල, ශක්ති උදාර, නෙත්ම සමරවීර, යෙහාන් ගුණසිංහ, ටෙහාන් පෙරේරා.
  • නාලන්දා විද්‍යාලය – දිනෙත් සමරවීර (නායක), රුසිරු විලෝචන, යසිරු සමරකෝන්, විනුජ රන්පුල්, රවීන් ද සිල්වා, කුශ්මිත සිල්වා, චනුල් අතුකෝරල, සජිත විතානගේ, එරංග ජයකොඩි, ලිසුර සිගේරා, මිනෝද් කල්දේරා.

නාලන්දා ආරම්භක පිතිකරුවන් ලෙස රුසිරු සහ යසිරු ඉනිම ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 50ක අර්ධ ශතක සබඳතාවයක් ගොඩනැංවූවා. එම සබඳතාවය බිඳ දමමින් ශක්ති නාලන්දා විද්‍යාලයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දවා ගැනීමට සමත් වුනේ ස්ලිප් කලාපයේ සිටි පන්දු රකින්නන්ගේ ද සහාය ඇතිවයි.

රුසිරු සහ යසිරු පිළිවෙළින් ලකුණු 25කට සහ ලකුණු 23කට දැවී යන විට ජාත්‍යන්තර 19න් පහළ ශ්‍රී ලංකා අත්දැකීම් තිබෙන නාලන්දා ක්‍රීඩක රන්පුල් සහ රවීන් පිටියට අවතීර්ණ වුනු අතර ඔවුන් දෙදෙනා ගොඩනැංවූ තෙවැනි කඩුල්ලේ සබඳතාවය ලකුණු 30ක් තුල බිඳ දැමීමට ආනන්ද පන්දු යවන්නන් සමත් වුනා.

විතානගේ හැරෙන්නට ඔවුන්ගේ මුල්පෙළ පිතිකරුවන් සියලුම දෙනා පාහේ ලකුණු 16කට වඩා වැඩියෙන් ලබා ගැනීමට සමත් වීම කැපී පෙනුණු අතර රවීන් 4 පහර 4ක් සමඟ ලකුණු 40ක් ලබාගෙන නාලන්දා පළමු ඉනිමේ මැදපෙළ සවිමත් කිරීමේ අඩිතාලම සකස් කළා.

ලකුණු 148කට නාලන්දා කඩුලු 6ක් බිඳ වැටී තිබුණු මොහොතේ දී පිටියේ එක්වූ ජයකොඩි සහ චනුල් 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57ක සබඳතාවයක් ගොඩනංවමින් අවදානමකට ලක්වෙමින් තිබූ නාලන්දා ඉනිමට නැවතත් හොඳ සබඳතාවයක් එකතු කර දුන්නා.

පසුව තේ පානයට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී ලකුණු 23ක් ලබාගෙන සිටි ජයකොඩිගේ කඩුල්ල දවා ගැනීමට උදාර සමත් වුනු අතර දකුණතින් වේගපන්දු යවන කිරිඇල්ල නාලන්දා මැදපෙළට තර්ජනයක් වුනු පන්දු යවන්නා වුනා.

4 පහර 3ක් සමඟ ලකුණු 23ක් ලබාගෙන සිටි ජයකොඩිගේ දැවී යාමත් සමඟම තේ පානය සඳහා තරගය තාවකාලිකව නවතා දැමූ අතර ඒ වන විට කණ්ඩායම් දෙකම ඉතාමත් හොඳ කරට කර සටනක් ලබා දෙමින් සිටියා.

චනුල් නාලන්දා පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් 4 පහර 10ක් සහ දැවැන්ත 6 පහර 3ක් සමඟ පන්දු 89ක දී ලකුණු 88ක් ලබා ගත්තා. ආනන්ද පන්දු යවන්නට වැඩි හිසරදයක් වුනු චනුල්ගේ කඩුල්ල දවා ගැනීමට ශක්ති සමත් වීමත් සමඟම දිනයේ අවසන් සැසිය තුල දැවී ගිය පළමු කඩුල්ල දැවී ගියා.

එම කඩුල්ල දැවී යන විට චනුල් සහ නායක සමරවීර එක්වී දිනයේ වාර්තා වුනු හොඳම සබඳතාවය 8 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූයේ පන්දු 56ක් තුල ලකුණු 75ක වේගවත් සබඳතාවයක් ගොඩනංවමින්.

අවසානයේ දී ඔවුන් කඩුලු 9ක් දැවී ලකුණු 289ක් ලබාගෙන සිය පළමු ඉනිම අත්හිටවූ අතර ඔවුන්ගේ එම සාර්ථක ඉනිමට 4 පහර 35ක් සහ 6 පහර 3ක් ඇතුළත් වීම කැපී පෙනුණා. ආනන්ද විදුහල වෙනුවෙන් ශක්ති කඩුලු 5ක් දවාගෙන දස්කම් දක්වන විට, කිරිඇල්ල තීරණාත්මක මැදපෙළ කඩුලු 3ක් දවාගෙන දස්කම් දැක්වූවා. යෙහාන් ගුණසිංහ 1/50යි.

පිළිතුරු පළමු ඉනිම දියත් කිරීමට පිටියට අවතීර්ණ වුනු ආනන්ද පිතිකරුවන් පළමු පන්දුවේ සිටම ඉතාමත් හොඳින් පාලනය කිරීමට රන්පුල් ඇතුළු නාලන්දා පන්දු යවන්නන් සමත් වුනා.

එහි දී වේගපන්දු යවන්නන් 4 දෙනෙක් සමඟ ක්‍රීඩා කළ නාලන්දා විද්‍යාලය ආනන්ද පළමු කඩුලු 5 ලකුණු 35ක් තුල බිඳ දමමින් ඉතාමත් හොඳින් තරගයට අවතීර්ණ වුනා. දිනයේ නිමාව සටහන් වන විට ගිම්ශාන් නොදැවී ලකුණු 30*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටිනවා. රන්පුල් මේ දක්වා පැවැත්වුණු මේ තරගය තුල ආනන්ද පළමු ඉනිමේ කඩුලු 3ක් දවාගෙන තිබෙනවා.

Result


Ananda College
139/10 (42.5) & 180/10 (58)

Nalanda College
289/9 (61.2) & 31/1 (5.2)

Batsmen R B 4s 6s SR
rusiru vilochana c Iruth Gimshan b Shakthi Udara 25 61 2 0 40.98
yasiru samarakoon c Nushal Dharmaratne b Shakthi Udara 23 40 3 0 57.50
Vinuja Ranpal c Nethma Samaraweera b Pulindu Kiriella 23 27 4 0 85.19
Raveen De Silva c Nushal Dharmaratne b Pulindu Kiriella 40 49 4 0 81.63
Kushmitha Silva c Nushal Dharmaratne b Pulindu Kiriella 17 36 3 0 47.22
Chanul Athukorala c Hansaja Jayasinghe b Shakthi Udara 88 89 10 3 98.88
Sajitha Vithanage c Lakshita Kularathna b Shakthi Udara 2 8 0 0 25.00
eranga jayakodi c Mineth Premarathna b Shakthi Udara 23 41 3 0 56.10
Dineth Samaraweera c Iruth Gimshan b yehan gunasinghe 33 27 5 0 122.22
lisura sigera not out 0 1 0 0 0.00


Extras 15 (b 1 , lb 1 , nb 11, w 2, pen 0)
Total 289/9 (61.2 Overs, RR: 4.71)
Bowling O M R W Econ
Tehaan Perera 11 0 52 0 4.73
Nethma Samaraweera 7 1 26 0 3.71
yehan gunasinghe 10 0 43 0 4.30
Shakthi Udara 19.2 1 90 5 4.69
Pulindu Kiriella 13 1 57 3 4.38
Hansaja Jayasinghe 1 0 12 0 12.00
Batsmen R B 4s 6s SR
Lakshita Kularathna lbw b Vinuja Ranpal 4 13 0 0 30.77
Nushal Dharmaratne c Dineth Samaraweera b Vinuja Ranpal 4 7 1 0 57.14
Nethma Karunaratne lbw b Dineth Samaraweera 16 14 4 0 114.29
Hansaja Jayasinghe c rusiru vilochana b Vinuja Ranpal 0 3 0 0 0.00
Mineth Premarathna c Sajitha Vithanage b Chanul Athukorala 4 21 1 0 19.05
Iruth Gimshan not out 70 106 7 1 66.04
Pulindu Kiriella run out () 7 38 0 0 18.42
yehan gunasinghe b Vinuja Ranpal 0 5 0 0 0.00
Shakthi Udara c Dineth Samaraweera b Raveen De Silva 21 31 5 0 67.74
Nethma Samaraweera lbw b Raveen De Silva 0 1 0 0 0.00
Tehaan Perera b Raveen De Silva 8 18 2 0 44.44


Extras 5 (b 4 , lb 0 , nb 0, w 1, pen 0)
Total 139/10 (42.5 Overs, RR: 3.25)
Bowling O M R W Econ
Vinuja Ranpal 15 4 33 4 2.20
Dineth Samaraweera 9 2 29 1 3.22
Chanul Athukorala 6 0 23 1 3.83
Raveen De Silva 7.5 0 33 3 4.40
lisura sigera 2 0 6 0 3.00
Minod Caldera 3 0 11 0 3.67
Batsmen R B 4s 6s SR
Lakshita Kularathna c rusiru vilochana b Vinuja Ranpal 32 124 2 0 25.81
Nushal Dharmaratne c rusiru vilochana b Dineth Samaraweera 14 18 3 0 77.78
Nethma Karunaratne c yasiru samarakoon b Raveen De Silva 15 15 2 0 100.00
Mineth Premarathna c Raveen De Silva b Sajitha Vithanage 23 41 3 0 56.10
Iruth Gimshan b Minod Caldera 10 6 2 0 166.67
Hansaja Jayasinghe c eranga jayakodi b Raveen De Silva 48 85 7 0 56.47
Shakthi Udara c Minod Caldera b Chanul Athukorala 14 15 2 1 93.33
Pulindu Kiriella b Raveen De Silva 2 19 0 0 10.53
yehan gunasinghe c Kushmitha Silva b Vinuja Ranpal 0 12 0 0 0.00
Tehaan Perera lbw Raveen De Silva b 17 15 2 1 113.33
Nethma Samaraweera b 0 0 0 0 0.00


Extras 5 (b 2 , lb 0 , nb 2, w 1, pen 0)
Total 180/10 (58 Overs, RR: 3.1)
Bowling O M R W Econ
Sajitha Vithanage 11 3 16 1 1.45
Dineth Samaraweera 9 3 9 1 1.00
Vinuja Ranpal 10 3 40 2 4.00
Minod Caldera 5 0 20 1 4.00
Chanul Athukorala 5 0 13 1 2.60
Raveen De Silva 18 3 80 2 4.44


Batsmen R B 4s 6s SR
yasiru samarakoon c Mineth Premarathna b Pulindu Kiriella 8 14 0 0 57.14
Vinuja Ranpal not out 7 8 0 0 87.50
Raveen De Silva not out 15 8 2 0 187.50


Extras 1 (b 0 , lb 1 , nb 0, w 0, pen 0)
Total 31/1 (5.2 Overs, RR: 5.81)
Bowling O M R W Econ
Tehaan Perera 3 0 16 0 5.33
Pulindu Kiriella 2.2 0 14 1 6.36



තරගයේ දෙවැනි සහ අවසන් දිනය හෙට (11) ක්‍රියාත්මක වීමට නියමිතයි. එහි සජීව විකාශය ද හෙට (11) උදෑසන 9.30 සිට ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<