කලාතුරකින් වැටුණු වැස්සෙන් තරගය සමව නිමා වේ

392

නවසීලන්තය හා පාකිස්තානය අතර තරගාවලියේ නියම ජයග්‍රාහකයින් සොයා යාම වෙනුවෙන් ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඊයේ (11) පැවති තීරණාත්මක ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී අවසන් වීම නිසා තරගාවලිය 1-1ක් ලෙස නිමා වූයේ ප්‍රතිඵලයක් රහිතවයි.

කෙසේ නමුත් පසුගිය වසර 34 පුරාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 458ක් පවත්වා ඇති අතර මේ තරගය ද ඇතුලත්ව වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ප්‍රතිඵලයක් රහිතව අවසන්ව තිබුණේ එක්දින තරග දෙකක් පමණි.

වසර 10ක වාර්තාවක් අලුත් කරමින් දකුණු අප්‍රිකානුවන් ජය සමරයි

ඩේවිඩ් මිලර් හා ෆෆ් ඩියු ප්ලේසී එක්ව ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් දකුණු අප්‍රිකානු පිතිකරුවන්..

සෆ්රාස් අහමඩ් හා ටොම් ලැතම් අතරේ ඉහළ නැගුණු කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානු නායක සෆ්රාස් අහමඩ් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව උදාකර ගත් අතර ඒ අවසරයෙන් පිටියට පැමිණි පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් හෆීස් හා ෆකර් සමාන් යන දෙදෙනා ලකුණු 64ක සාර්ථක සබඳතාවයක් ගොඩනැඟුවේ පන්දුවාර 14ක් තුල නවසීලන්ත පන්දු යවන්නන්ට එකඳු කඩුල්ල හෝ ලබා නොදෙමිනි.

තරගයේ වාසිය පාකිස්තානය  දෙසට ක්‍රමයෙන් බරවෙද්දී ක්‍රියාත්මක වූ දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක ලුකී ෆර්ස්ගන් ලකුණු 19ක් ලබාගෙන සිටි දකුණතින් පිතිකරණයේ නිරත වන මොහොමඩ් හෆීස්ව දවා ගැනීමට සමත් විය.

පන්දු 77ක් තුල වර්ණවත් 4 පහර 8ක් සමඟින්  එක්දින ක්‍රිකට් දිවියේ 8 වන අර්ධ ශතකය ලබාගත් ෆකර් සමාන් ලකුණු 65කට දැවී යන විට පාකිස්තානු ලකුණු සටහන 98/2ක් ලෙස සටහන් විය. ඉන් අනතුරුව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ඩුබායි තනතිරුව මත එක්වූ  බාබර් අසාම් හා හැරිස් සොහෙයිල් ලකුණු 108ක ශතක සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ ඉනිම යම්තාක් මට්ටමකට ස්ථාවර කළේය.

අසංලකට ටෙස්ට් වරම්; චන්දිමාල් සංචිතයෙන් ඉවතට

සංචාරක එංගලන්තය සමඟ මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ..

පාකිස්තානු ඉනිමේ පන්දු 100ක් පමණක් වැය කරමින් බාබර් අසාම් ලබා ගත් ලකුණු 92 ඉනිම සඳහා 4 පහර 4ක් හා එක් 6 පහරක් ඇතුලත් වූ අතර අනෙක් අන්තයෙන් ඔහුට සහාය වූ හැරිස් සොහෙයිල් 4 පහර 6ක් හා 6 පහර 2ක් සමඟ ලබා ගත් ලකුණු 60 ඉනිම සඳහා වැය කළේ පන්දු 59ක් පමණි.

ෆර්ස්ගන්ගේ දක්ෂ පන්දුකරණය නිසාවෙන් බොහෝ පාකිස්තානු පිතිකරුවන් අසරණ වූ අතර පාකිස්තානු ඉනිමේ අවසන් හා තීරණාත්මක පන්දුවාර 10 තුල ඔවුන්ගේ ප්‍රබල කඩුලු 6ක් බිඳ නොවැටෙන්නට ඔවුන් ලකුණු 300 ඉක්මවා යාමට හැකි පසුබිමක පසුවිය. අවසානයේ පාකිස්තානය සිය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 279ක් පමණි.

මෙතෙක් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් 19කට පමණක් සහභාගී වී ඇති එක්දින හා විස්සයි විස්ස ක්‍රීඩක ෆර්ස්ගන් සිය ක්‍රිකට් දිවියේ ලබා ගත් පළමු කඩුලු 5 අවස්ථාව මේ තරගයේ දී ලබාගත් අතර එය ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ පන්දු යැවීමෙන් දැක්වූ හොඳම දස්කම ද ලෙස වාර්තා අතරට එක්විය.

Video – මංගල ටෙස්ට් තරගයේ දීම ශතක ලාභියා – තිලාන් සමරවීර

1998 වසරේ දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට..

ලකුණු 280ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පැමිණි නවසීලන්තය පන්දුවාර 6කුත් පන්දු 5ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 35ක් ලබාගෙන සිටිය දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ  අතර පැය 2කට ආසන්න කාලයක් වර්ෂාවේ අඩුවක් නොවූ නිසා තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් කිරීමට තරග විනිසුරුවරුන් කටයුතු කළහ.

පාකිස්තානය – 279/8 (50): බාබර් අසාම් 92, ෆකර් සමාන් 65, හැරිස් සොහෙයිල් 60, ලුකී ෆර්ස්ගන් 5/45.

නවසීලන්තය – 35/1 (6.5):

  • තරගයේ වීරයා – ලුකී ෆර්ස්ගන් (නවසීලන්තය)
  • තරගාවලියේ වීරයා – ශහීන් අෆ්රිඩි (පාකිස්තානය)

තරග 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 16 වැනිදා අබුඩාබි හිදී ආරම්භ වෙන අතර එහි තොරතුරු දැන ගැනීමට රැඳෙන්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <