තහනමට වඩා පුරුද්ද ලොකු වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

170

IPL 2021 තරගාවලියේ ඊයේ (27) පැවති තරගයේ දී ඛේටය භාවිතා කරමින් පන්දුව ඔපදැමූ Delhi Capitals දඟපන්දු යවන ක්‍රීඩක Amit Mishra හට තරග විනිසුරුවරයා විසින් අවවාද කර තිබෙනවා.

තරගයේ හයවැනි පන්දුවාරය යැවීමට පැමිණි Amit Mishra විසින් සිය පන්දුවාරය ආරම්භ කිරීමට පෙර මෙලෙස ඔහු විසින් ඛේටය භාවිතා කරමින් පන්දුව ඔප දමන ආකාරය විනිසුරුවන් දැක තිබුණා.

එම සිදුවීමෙන් පසු පිටියේ විනිසුරු Virender Sharma විසින් Delhi Capitals නායක Rishabh Pant හට පළමු අවවාදය ලබා දීමට කටයුතු කළා.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් කොරෝනා වසංගත ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් පසුගිය වසරේ දී ඛේටය යොදාගනිමින් පන්දුව ඔපදැමීම තහනම් කර තිබුණා. 

තවත් ක්‍රිකට් පුවත්:

ඒ අනුව ක්‍රීඩකයෙකු විසින් මෙම වරද කරන පළමු අවස්ථාවේ දී අවවාදයක් පමණක් ලබා දීමට කටයුතු කරන අතර දෙවන අවස්ථාවේදීත් එම වරද සිදුකළහොත් දඬුවම් ලකුණු 5ක් එම කණ්ඩායමට හිමි වේ.

Royal Challengers Bangalore සමඟ ඊයේ පැවති තරගය තියුණු සටනකින් පසු එක් ලකුණකින් පරාජය වීමට Rishabh Pant ප්‍රමුඛ Delhi Capitals ක්‍රීඩකයන්ට සිදු වුනා.

ඒ අනුව Delhi Capitals මේ දක්වා තරග 4ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවෙනවා.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<