Home Sinhala කල්හාරගේ ශතකය අන්තෝනි විද්‍යාලයේ කුසලාන බලාපොරොත්තු දල්වයි!

කල්හාරගේ ශතකය අන්තෝනි විද්‍යාලයේ කුසලාන බලාපොරොත්තු දල්වයි!

143

දින, සති ගෙවී ගොස් සිංගර් වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය අවසානය කරා පැමිණ තිබේ. එහි දෙවැනි කාණ්ඩය නියෝජනය කරමින් අද (10) ඇරඹුනේ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර පැවැත්වෙන අවසන් මහා තරගයයි. ඒ අනුව මෙම තරගයෙන් පූර්ණ ජයක් හෝ ප්‍රථම ඉනිමේ ජයක් හිමිකර ගන්නා කණ්ඩායම මෙවර තරගාවලියේ ශූරයින් ලෙස හෙට දිනයේ දී අභිෂේක ලබනු ඇත.

16 හැවිරිදි දුනිත්ගේ අසාමාන්‍ය දස්කම් නිසා ජෝසප් අවසන් සටනට!

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාසල් ක්‍රිකට් තරගාවලිය වන සිංගර් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ…

කොළඹ කෝල්ට්ස් පිටිය කේන්ද්‍ර කොට ගනිමින් ක්‍රියාත්මක වන මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත්තේ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයයි. ඒ අනුව ලකුණු හොඳින් ඇති බව පෙනුනු තණතිල්ලේ මුලින් පිත්ත හසුරුවන්නට ඔවුන් දෙවරක් සිතුවේ නැත. අද සන්ධ්‍යා කාලය දක්වාම පිටියේ රැඳී සිටි ඔවුහු තම මුල් ඉනිම වශයෙන් සියල්ලන්ම දැවී ලකුණු 266ක් ලබා ගත්හ. විශේෂත්වය වන්නේ අන්තෝනි විද්‍යාලයේ බොහෝමයක් පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට රාජකීය පන්දු යවන්නන් සමත්ව තිබියදීත් ඔවුන් මෙවන් ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමයි.

මෙම සාර්ථකත්වය පිටුපස තිබූ මහ පොදු සාධකය බවට පත්වූයේ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ශතකයක් රැස්කළ කල්හාර සේනාරත්නගේ නොපසුබට උත්සාහයයි. ඔහු අද අන්තෝනි ඉනිම අවසානය දක්වාම එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් නොදැවී ලකුණු 102ක් රැස්කර ගත්තේය. කණ්ඩායමේ දෙවැනි ලකුණු ලාභියා ලකුණු 32ක් ද, තෙවැනි කඩුලු ලාභියා ලකුණු 31ක් ද රැස්කර ගැනීමෙන්ම කල්හාරගේ ඉනිම අන්තෝනි විදුහලට කෙතරම් ප්‍රයෝජන වූවාද යන්න පිලිබඳව අදහසක් ලබාගත හැකිය. කඩුලු දවා ගැනීමේ දී රාජකීය විද්‍යාලය වෙනුවෙන් කමිල් මිශාර සහ කවිඳු පතිරත්න කඩුලු 3 බැගින් දවා ගත්හ.

තෝමසුවෝ ආදරවන්තයන් හඬවා සූරතාව රැගෙන යයි

පන්දුවෙන් පන්දුව උණුසුම් වූ තරගයක ආශ්වාදය ගාලු ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ලබා දුන් ගාල්ල රිච්මන්ඩ්…

අද දිනයේ ප්‍රශස්ත ආලෝක තත්ත්වයක් යටතේ තවත් පන්දුවාර කිහිපයක් ක්‍රීඩා කිරීමට හැකි බව පෙනුනු නිසා තරග තීරකගේ අදහස අනුව රාජකීය විද්‍යාලය පිතිකරණය සඳහා පිවිසුණි. එහිදී පන්දුවාර 4ක් සඳහා මුහුණ දුන් ඔවුන් අසාමාන්‍ය ලෙස වේගවත් පිතිකරණ රටාවක් අනුගමනය කරමින් ලකුණු 26ක් රැස්කර ගත්හ. ඒ අතරතුරේ දී ඔවුන්ගේ එක් කඩුල්ලක් බිඳ වැටුණි. සාමාන්‍යයෙන් දිනයක අවසන් කොටසේ දී පිතිකරණයේ යෙදෙන පාර්ශවය අතිශයින්ම ආරක්ෂාකාරී වීම ඕනෑම ටෙස්ට් තරගයක සම්ප්‍රදාය වුවද අද රාජකීයයන් එම සම්ප්‍රදාය බිඳ දමනු දැක ගන්නට ලැබුණි.

ඉන් සැලකිය යුතු තරමේ පාඩුවක් රාජකීය විද්‍යාලයට අත් නොවූ නිසා හෙට ශූරයින්ට පිරි නැමෙන කුසලානය දිනා ගැනීම සඳහා දෙපිළේම ක්‍රීඩකයින් අතරේ උණුසුම් ද්වන්ධ සටනක් නිර්මාණය වන බව නම් සහතිකය.

Photos: Royal College vs St. Anthony’s College | U19 Div II Cricket Tournament 2018/19 – Final – Day 1

Result

Match drawn

Royal College
314/10 (84.3)

St. Anthony’s College
266/10 (88.5)

Batsmen R B 4s 6s SR
C Wickramasinghe c Kavindu Madarasinghe b Kavindu Pathirathne 8 13 2 0 61.54
A Wanninayake c Bagya Dissanayake b Kaushan Kulasooriya 32 63 5 0 50.79
Prabath Sachin c Kavindu Pathirathne b Kamil Mishara 15 39 2 0 38.46
T Gunasinghe c Isiwara Dissanayake b Manula Perera 3 25 0 0 12.00
T Abeykoon run out (G Dissanayake) 31 53 4 0 58.49
K Senarathna not out 102 173 13 0 58.96
L Werellagama c Isiwara Dissanayake b Kamil Mishara 6 16 0 0 37.50
M Kamil lbw b Kamil Mishara 27 76 3 0 35.53
G Ebert c Kavindu Madarasinghe b Manula Perera 6 29 1 0 20.69
S Hirudika c Ahan Sanchitha b Manula Perera 0 1 0 0 0.00
N Jayathilaka c Kaushan Kulasooriya b Kavindu Pathirathne 14 52 3 0 26.92


Extras 22 (b 10 , lb 7 , nb 3, w 2, pen 0)
Total 266/10 (88.5 Overs, RR: 2.99)
Bowling O M R W Econ
Kavindu Pathirathne 10.5 3 33 2 3.14
Lahiru Madushanka 12 2 44 0 3.67
Kamil Mishara 28 6 73 3 2.61
Manula Perera 21 7 50 3 2.38
Kaushan Kulasooriya 8 1 24 1 3.00
Gishan Balasuriya 9 1 32 0 3.56


Batsmen R B 4s 6s SR
Isiwara Dissanayake c M Kamil b N Jayathilaka 13 31 1 0 41.94
Kamil Mishara b S Hirudika 4 2 0 0 200.00
Ahan Sanchitha c T Gunasinghe b N Jayathilaka 116 148 11 0 78.38
Kavindu Madarasinghe run out () 0 10 0 0 0.00
Pasindu Sooriyabandara c M Kamil b T Abeykoon 52 49 6 2 106.12
Bagya Dissanayake c T Abeykoon b N Jayathilaka 91 153 11 0 59.48
Lahiru Madushanka c K Senarathna b T Abeykoon 1 6 0 0 16.67
Kavindu Pathirathne c K Senarathna b N Jayathilaka 10 28 2 0 35.71
Kaushan Kulasooriya b N Jayathilaka 3 8 0 0 37.50
Manula Perera c T Gunasinghe b C Wickramasinghe 5 64 0 0 7.81
Gishan Balasuriya not out 4 10 1 0 40.00


Extras 15 (b 12 , lb 0 , nb 2, w 1, pen 0)
Total 314/10 (84.3 Overs, RR: 3.72)
Bowling O M R W Econ
S Hirudika 5 0 33 1 6.60
C Wickramasinghe 6 2 17 1 2.83
N Jayathilaka 36.3 5 119 5 3.28
K Senarathna 19 2 57 0 3.00
A Wanninayake 7 1 29 0 4.14
G Ebert 3 0 28 0 9.33
T Abeykoon 8 1 20 2 2.50