දක්ෂතම ක්‍රීඩකයා කුරුණෑගලෙන්; ක්‍රීඩිකාව කොළඹින්

556

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ වලල A. රත්නායක යන විදුහලට ශූරතා ගෙන දෙමින් 34 වැනි සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙල අද (5) නිමාවට පත්විය. දින පහක් පුරා පැවති ක්‍රීඩා උළෙල පුරාවටම එම පාසල් දෙක සිය ආධිපත්‍ය පැතිර වීමට සමත් වූ අතර ප්‍රසාද ලකුණු 165ක් හිමිකරගත් බම්බලපිටිය සාන්ත පීතර විදුහලට ජ්‍යේෂ්ඨ බාලක අංශයේ ශූරතාවත්, ප්‍රසාද ලකුණු 187ක් හිමිකරගත් වලල A. රත්නායක විදුහලට ජ්‍යේෂ්ඨ බාලිකා අංශයේ ශූරතාවත් හිමි විය.

වසර 17ක වාර්තාවකට අලුත් හිමිකාරයෙක්

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙල අද (04) හතර වැනි දිනටත් කොළඹ සුගතදාස එළිමහන් /p>

ජ්‍යේෂ්ඨ බාලක අංශයේ දෙවැනි සහ තෙවැනි තැන හිමිකර ගත්තේ, පිළිවෙළින් ප්‍රසාද ලකුණු 88ක් සහ 76ක් හිමිකරගත් මීගමුව මාරිස් ස්ටෙල්ලා සහ වලල A.රත්නායක යන විද්‍යාලයි. පිළිවෙළින් ප්‍රසාද ලකුණු 80ක් සහ 53ක් හිමිකරගත් රත්නපුර සුමන බාලිකා විදුහල සහ කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල ජ්‍යේෂ්ඨ කාන්තා අංශයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගැනීමට සමත් විය.

St. Peters college Athletics
ජ්ෂ්ඨ‍යේ බාලක අංශයේ ශූරතාවය දිනූ සාන්ත පීතරයන්

පසුගිය වසර කිහිපය තුල වැඩිම වාර්තා ප්‍රමාණයක් බිඳ වැටුණ වසර ලෙස මෙම වසරේ පැවති තරගාවලිය හැඳින්විය හැකි අතර එම වාර්තා ප්‍රමාණය 46කි.

>> සිව්වැනි දිනයේ සම්පූර්ණ ලකුණු සටහන<<

අද දින තුල බොහෝ වාර්තා ප්‍රමාණයක් අලුත් නොවූ අතර අද දින සවස් යාමයේ දී ප්‍රධාන ආරාධිත අමුත්තන් ඇතුළු බොහෝ දෙනා ආශාවෙන් නරඹන ලද සහාය දිවීමේ තරග ත්‍රිත්වයකින් නව තරගාවලි වාර්තා බිහි වූයේ සමස්ත සුගතදාස ක්‍රීඩාංගණයේම අත්පොලසන් මධ්‍යයේ ය.

ක්‍රීඩා උළෙල පුරාවටම දක්ෂතා ප්‍රදර්ශනය කළ වලල A. රත්නායක විදුහලේ ක්‍රීඩිකාවන්, අද දින ක්‍රීඩා උළෙලේ පැවති අවසන් ඉසව්වෙන් ද නව වාර්තාවක් බිහි කිරීමට සමත් විය. 18න් පහළ බාලිකා මීටර 400*4 ඉසව්ව අභියෝගයකින් තොරවම නිමා කළ වලල ක්‍රීඩිකාවන් නව වාර්තාව පිහිට වූයේ මිනිත්තු 3:59:75ක කාලයක් වාර්තා කරමිනි.අද දින තුල බොහෝ වාර්තා ප්‍රමාණයක් අලුත් නොවූ අතර අද දින සවස් යාමයේ දී ප්‍රධාන ආරාධිත අමුත්තන් ඇතුළු බොහෝ දෙනා ආශාවෙන් නරඹන ලද සහාය දිවීමේ තරග ත්‍රිත්වයකින් නව තරගාවලි වාර්තා බිහි වූයේ සමස්ත සුගතදාස ක්‍රීඩාංගණයේම අත්පොලසන් මධ්‍යයේ ය.

වලල ක්‍රීඩිකාවන් නව වාර්තාව පිහිටුවමින්

වලල ක්‍රීඩිකාවන් විසින් එලෙස බිඳ දැමුවේ 2005 වසරේ දී මාදම්පේ සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩිකාවන් විසින් මිනිත්තු 4:00:41ක් වාර්තා කරමින් පිහිටුවා තිබූ වාර්තාවයි.

16න් පහළ බාලක මීටර 100*4 ඉසව්වෙන් නව වාර්තාවක් බිහිකරන ලද්දේ කොළඹ රාජකීය විදුහලයි. රාජකීය ක්‍රීඩකයන් සිව්දෙනා හට මීටර 100 වට 4 සම්පූර්ණ කිරීම සඳහා ගත වූ කාලය තත්පර 44:36ක් වන අතර නව වාර්තාවක් පිහිටුවීම සඳහා එම කාලය සෑහුනි. එම ඉසව්වේ දෙවැනි ස්ථානය කොළඹ සාන්ත පීතර විදුහලටත්, තෙවැනි ස්ථානය මාතර රාහුල විදුහලටත් හිමි විය.

අද දිනයේ දී සහය දිවීමේ තරගවලින් බිඳ වැටුණු තෙවැනි වාර්තාවේ හිමිකාරිණියන් වූයේ කොළඹ මියුසියස් විදුහලේ 12න් පහළ බාලිකාවියන්ය. මීටර 50*4 ඉසව්වෙන් තත්පර 28:99ක කාලයක් වාර්තා කළ මියුසියස් ක්‍රීඩිකාවන් විසින් එම ඉසව්වේ වාර්තාව සහ රන් පදක්කම හිමිකර ගන්නා විට කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහලේ ක්‍රීඩිකාවන් එම ඉසව්වේ රිදී පදක්කම ද, පන්නිපිටිය ධර්මපාල ක්‍රීඩිකාවන් එම ඉසව්වේ ලෝකඩ පදක්කම ද හිමිකර ගැනීමට සමත් වූහ.

තරගාවලියේ දක්ෂතම මලල ක්‍රීඩකයා ලෙසින් අබිසෙස් ලද කුරුණෑගල මලියදේව විදුහලේ ලහිරු කොඩිකාර ද අද දිනයේ දී නව තරගාවලි වාර්තාවක් පිහිටවනු ලැබීය. 20න් පහළ බාලක මීටර 400*4 කඩුලු පැනීමේ ඉසව්වෙන් තත්පර 52:53ක කාලයක් වාර්තා කළ ලහිරු විසින් අලුත් කරනු ලැබුවේ 2016 වසරේ දී මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහලේ උදිත චන්ද්‍රසේන විසින් පිහිටුවා තිබූ වාර්තාවයි.

ලහිරු එම ඉසව්වේ පළමුවැනි ස්ථානයට පත්වන විට එම ඉසව්වේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකරගත් ක්‍රීඩකයන් වූයේ ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද්‍ය සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහලේ ෂෙහාන් ස්ටෙෆන්ය.

  • දුර්ලභ සිදුවීමක්

මෙවර ක්‍රීඩා උළෙලේ දී 12න් පහළ බාලිකා මීටර 60 ඉසව්වේ වාර්තාව දෙවතාවක් අලුත් විය. මූලික වටයේ තරගයකින් කොළඹ මියුසියස් විදුහලේ සනුකි ගුණරත්න විසින් තත්පර 8.68ක (පෙර පැවති වාර්තාව 8.83) කාලයක් වාර්තා කරමින් මෙවර ක්‍රීඩා උළෙලේ දී එම වාර්තාව ප්‍රථමයෙන්ම අලුත් කරන ලදි.

ඉන්පසු අවසන් පූර්ව වටයේ දී සනුකිව පසුපසට ඇද දැමූ හලාවත විජය කටුපොත මහා විද්‍යාලයේ ශෂිනි භාග්‍යා දෙවුමි සහ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ෂෙනාලි බැස්ටියන් විසින් 8.67 (සම) කාලයක් වාර්තා කරමින් වාර්තාව දෙවැනි වතාවටත් බිඳහෙලන්නට සමත් වූහ.

ඉන්පසු අද දිනයේ දී 12න් පහළ බාලිකා මීටර 60 ඉසව්වේ අවසන් තරගය පැවති අතර එහි දී එම ඉසව්වේ වාර්තාව හිමි ක්‍රීඩිකාවන් දෙදෙනාම (ශෂිනි සහ ෂෙනාලි) නැවත වරක් පරාජය කරමින් රන් පදක්කම හිමිකර ගැනීමට මියුසියස් ක්‍රීඩිකා සනුකිට හැකි විය. ඒ අනුව ඉදිරි අනාගතයේ දී මෙම ක්‍රීඩිකාවන් අතර තියුණු සටනක් අපේක්ෂා කළ හැක.

>> තරගාවලියේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

අද දින සවස් භාගයේ දී ක්‍රීඩා උළෙලේ සමාප්ති උළෙල ඉතා විචිත්‍රවත් ලෙසින් පැවතියේ පාසල් බොහෝ ප්‍රමාණයක දරු දැරියන්ගේ සහභාගීත්වයෙනි. සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් සහභාගී වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාය. මෙම ක්‍රීඩා උළෙල සාර්ථක කිරීම සඳහා සියලු සහය ලබා දුන් අධ්‍යාපන අමාත්‍ය ගරු අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ද අද දින සමාප්ති උළෙලට සහභාගී විය.

මෙවර සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙලේ ජය හිමිකරගත් පාසල් සහ ක්‍රීඩක, ක්‍රීඩිකාවන්

  • ජ්‍යේෂ්ඨ බාලක ශූරතාවය
  1. බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය – 165
  2. මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – 88
  3. වලල A. රත්නායක විද්‍යාලය – 76
  • ජ්‍යේෂ්ඨ බාලිකා ශූරතාවය
  1. වලල A. රත්නායක විද්‍යාලය – 187
  2. රත්නපුර සුමනා බාලිකා විද්‍යාලය – 80
  3. රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල – 53
  • කනිෂ්ඨ බාලක ශූරතාවය
  1. කොළඹ රාජකීය විද්‍යාලය – 37
  2. අම්බලන්ගොඩ විද්‍යාවර්ධන විද්‍යාලය – 20
  3. වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය – 18
  • කනිෂ්ඨ බාලිකා ශූරතාවය
  1. කොළඹ මියුසියස් විද්‍යාලය – 26
  2. නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල – 20
  3. බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය සහ හලාවත විජය කටුපොත මහා විද්‍යාලය (සම) – 17
  • දක්ෂතම මලල ක්‍රීඩකයා – ලහිරු කොඩිකාර, කුරුණෑගල මලියදේව විද්‍යාලය
  • දක්ෂතම මලල ක්‍රීඩිකාව – R. රන්දි කුරේ, රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල  

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න –මලල ක්‍රීඩා පිටුවට <<