දෝණි නායකත්වය හැර යයි!

IPL 2024

105

2024 IPL තරගාවලියේ දී Chennai Super Kings කණ්ඩායම මෙහෙයවීමේ වගකීම Ruturaj Gaikwad හට හිමි වී තිබෙනවා.

අවසන් වසරේ ද Chennai වෙත නායකත්වය ලබා දෙමින් ශූරතාව සඳහා තම කණ්ඩායම මෙහෙය වූ සහ ඒත් සමඟින් ම IPL ශූරතා පහක් වෙනුවෙන් CSK කණ්ඩායම මෙහෙයවූ MS Dhoni ඒ අනුව සිය නායකත්ව වගකීමට සමු දෙනු ඇති.

අද (21) දිනයේ දී Chennai Super Kings කණ්ඩායම විසින් නිල වශයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශයට පත් කළා.

මේ වන විට 43 වැනි වියට පය තැබීමට සූදානමින් සිටින Dhoni වෙනුවට නායකත්ව වගකීම ලද Gaikwad 2019 වසරේ සිට මේ දක්වා IPL තරග 52ක් ක්‍රීඩා කර තිබෙනවා.

මේ අනුව Gaikwadගේ නායකත්වය යටතේ හෙට (22) දිනයේ දී Chennai Super Kings කණ්ඩායම 2024 IPL තරගාවලියේ මංගල තරගය Royal Challengers Bangaluru කණ්ඩායම සමඟින් ක්‍රීඩා කරනු ඇති.

2024 IPL තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<