පසුපසින් හඹා ආ Arsenal ගෝල සම කරයි

92

Pierre-Emerick Aubameyangගේ හත්වැනි ප්‍රිමියර් ලීග් ගෝලයේ පිහිටෙන් Arsenal කණ්ඩායම Manchester United හමුවේ ගෝල 1-1ක් ලෙස තරගය සම කර ගැනීමට සමත් වුනා.  

බලාපොරොත්තු ප්‍රතිඵල සමඟ ප්‍රිමියර් ලීග් පාපන්දු පිටිය සාමකාමි

එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ 7 වැනි සතියේ තරග ……

David De Gea විසින් Bukayo Saka හා Matteo Guendouziගේ ආක්‍රමණ දෙකක් විශිෂ්ට ලෙස අවහිර කිරීමෙන් අනතුරුව Scott McTominay 45 වැනි මිනිත්තුවේ දී වාර්තා කළේ සුපිරි ගෝලයකින් Manchester කණ්ඩායමට තරගයේ පෙරමුණ ගෙන ආවා.  

Arsenal 58 වැනි මිනිත්තුවේ දී ගෝල සම කරන්නට සමත් වුනා. Sakaගේ පන්දු යොමු කිරීමක් Aubameyang, De Geaගේ හිසට ඉහළින් පා කර හැරියේ දක්ෂ ලෙසයි. විනිසුරු මුලින් එම අවස්ථාව Offside ලෙස තීරණය කළත් පසුව VAR යොදාගෙන එම ගෝලය තහවුරු කළා.  

ඊට මිනිත්තු කිහිපයකට පසුව Saka කෙටි දුර ප්‍රහාරය Victor Lindelof ගේ වැදී ඉවත ගිය අතර Paul Pogba ගේ ප්‍රහාරය අවාසනාවන්ත ලෙස කවාකාරව ගමන් කර ගෝල රාමුවෙන් ඉවතට ඇදුණි. තරග අවසන් වීමට පෙර ලැබුණු නිදහස් පහරක් Manchester වෙනුවෙන් Marcus Rashford ලබා ගත් අතර ඔහුගේ ප්‍රහාරය  Bernd Leno විසින් ඉවතට තල්ලු කර ගැනීමට සමත් විය.     

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<