පාසල් හොකී තරග කොළඹ, මහනුවර, මාතලේ සහ බදුල්ලේ දී

All island inter schools hockey tournament

317

ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය විසින් 2022 වසරේ සමස්ත ලංකා පාසල් හොකී තරගාවලි පවත්වන දිනයන් එළිදක්වා තිබෙනවා. වයස් කාණ්ඩ කිහිපයක් යටතේ තරගාවලි පැවැත්වෙන්නේ ජුනි, ජුලි, අගෝස්තු සහ නොවැම්බර් මාසවල දීයි.

අන්තර් දිස්ත්‍රික් 20න් පහළ ඒකාබද්ධ පාසල් හොකී තරගාවලිය එළඹෙන ජුනි මස 09, 10 සහ 11 යන දිනවල මහනුවර දී පැවැත්වීමට නියමිතයි. බාලක සහ බාලිකා යන දෙඅංශයෙන්ම තරග පැවැත්වෙනවා.

වයස අවුරුදු 20න් පහළ බාලක සහ බාලිකා පාසල් හොකී තරගාවලිය පැවැත්වෙන්නේ කොළඹ දීයි. එය ජූලි 07, 08, 09 සහ 10 යන දිනවල දී පැවැත්වීමට නියමිතයි.

වයස අවුරුදු 18න් පහළ බාලක සහ බාලිකා තරග ජූලි 30, 31 සහ අගෝස්තු 02 වැනිදා මාතලේ දී පැවැත්වෙනවා. 16න් පහළ බාලක සහ බාලිකා තරගාවලිය අගෝස්තු 18, 19, 20 සහ 21 යන දිනවල බදුල්ලේ දී පැවැත්වෙනු ඇති.

වයස අවුරුදු 14න් පහළ බාලක සහ බාලිකා තරග නොවැම්බර් 25, 26, 27 සහ 28 යන දිනවල මහනුවර දී පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<