“මෙනෙවිය/මහත්මිය” විම්බල්ඩන් පිටියෙන් ඉවතට

International Tennis

1219
Wandsworth Times

විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ ජයග්‍රාහිකාවන්ගේ නම් ඉදිරියෙන් මෙනෙවිය/මහත්මිය ලෙස හඳුන්වා දීම නවත්වාලීමට තරගාවලි සංවිධායකයන් තීරණය කොට තිබෙනවා.

ඒ ක්‍රීඩකයන්ට සමාන තත්වයක් ක්‍රීඩිකාවන්ටත් ලබා දීමේ අරමුණින්. Times පුවත්පත මෙය වාර්තාකොට තිබුණා.

මෙතෙක් තරගාවලියේ ජයග්‍රාහිකාවන් හට ත්‍යාග ප්‍රදානය කිරීමේ දී සහ ලේඛන කටයුතුවල දී ඔවුන්ගේ නම් ඉදිරියෙන් මෙනෙවිය/මහත්මිය ලෙස වර්ගීකරණය කිරීමක් සිදු කෙරුණා.

උදාහරණයක් වශයෙන් පසුගිය වසරේ ශූරිය වූ ඕස්ට්‍රේලියාවේ ඈෂ්ලි බාටිගේ නමට ඉදිරියෙන් Miss යන කොටස යෙදුණා. එවිට එය කියවුනේ “Miss. Ashleigh Barty (ඈෂ්ලි බාටි මෙනෙවිය)” ලෙසින්. එහෙත් ශූරයා වූ නොවැක් ජොකොවිච්ගේ නම සටහන් වුනේ Novac Djokovic ලෙස පමණයි.

2019 දී තරගාවලියේ ඒකල තරග, පිරිමි ඒකල සහ කාන්තා ඒකල ලෙස වෙන්කොට තිබුණා. මෙම තීරණය සමඟින් විවාහක ක්‍රීඩිකාවන්ට තම ස්වාමියාගේ වාසගමට ඉදිරියෙන් Mrs. (මහත්මිය) ලෙස යෙදීමෙන් වැළකීමේ අවකාශය ද හිමිවනවා.