“හොඳින් ක්‍රීඩා කරන ඕනෑම කෙනෙකුට නායකයෙක් වෙන්න පුළුවන්” – ලක්මාල්

1329

කොදෙව් දේශයේ දී පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-1ක් ලෙස සමකළ ශ්‍රී ලංකා කණ්ඩායම අද (30) දිවයිනට පැමිණි අතර ඉන්පසුව පැවති මාධ්‍ය හමුවේ දී තෙවැනි ටෙස්ට් තරගයේ නායකයා ලෙස කටයුතු කළ සුරංග ලක්මාල් තරගාවලිය පිළිබඳව හා වේගපන්දු යවනන්ගේ දස්කම් පිළිබඳව මෙසේ සිය අදහස් දැක්විය.