‘බලපිටිය T10 සුපර් ලීග්’ තරගාවලියට දින තීන්දුයි

218

බලපිටිය සුපර් ස්පෝර්ට්ස් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් (ලෙදර්) තරගාවලිය අගෝස්තු මස 22 වැනිදා බලපිටිය ගුරු අභ්‍යාස විද්‍යාල ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතය. 

දෝනිට කොරෝනා නැහැ

කාණ්ඩ 8ක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 32ක් සහභාගී වන අතර ලීග් ක්‍රමයට අනුව තරගාවලිය පැවැත්වේ. එසේම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද මෙම තරගාවලිය සඳහා සහභාගී වන බවට සංවිධායක මණ්ඩලය පවසා සිටියේය.

තරගාවලිය අවසානයේ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට, ශූරතා කුසලානයට අමතරව මුදලින් රුපියල් ලක්ෂ 2ක ත්‍යාග මුදලක් ලබා දීමට නියමිත අතර එහි අනුශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට අනුශූරතා කුසලානයට අමතරව මුදලින් රුපියල් ලක්ෂයක ත්‍යාග මුදලක් ලබා දීමට නියමිතය.

ඊට අමතරව තරගාවලියේ හොඳම පිතිකරුවා, හොඳම පන්දු යවන්නා, අවසන් තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා යන සම්මාන දිනා ගන්නා ක්‍රීඩකයින් හට රුපියල් 10,000 බැගින් වන ත්‍යාග මුදල් හිමි වේ. කෙසේ නමුත් මෙම තරගාවලිය සඳහා ක්‍රීඩා කරන එක් කණ්ඩායමක් ලියාපදිංචිය සඳහා රුපියල් 20,000ක මුදලක් ගෙවිය යුතුය.

මෙම තරගාවලිය කොරෝනා වසංගත තත්වය තරමක මට්ටමකට හෝ පාලනය කිරීමෙන් පසුව බලපිටිය ප්‍රදේශය තුළ පැවැත්වෙන පළමු ක්‍රීඩා වැඩසටහන වේ.

ඕස්ට්‍රේලියාවේ එංගලන්ත සංචාරය තහවුරුයි!

තරගාවලියේ මූලික වටය අවසානයේ සෑම කාණ්ඩයකම (කාණ්ඩ 8) පෙරමුණ දිනා ගන්නා කණ්ඩායම් අට, පිළිමළුන් පිටුදැකීමේ තරග වටය සඳහා සුදුසුකම් ලබා ගනියි. තරගාවලියේ පළමු වටය සඳහා තරග 48ක් ඇතුළත්ය. ඒ අනුව පළමු වටය තුළ දී සෑම කණ්ඩායමක්ම තරග තුනකට මුහුණ දෙනු ඇත.

තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග වටය සහ අවසන් පූර්ව තරග දෙක සැප්තැම්බර් මස 05 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර තීරණාත්මක අවසන් මහා තරගය සැප්තැම්බර් මස 06 වැනිදා පැවැත්වීමට නියමිතය. මූලික වටයේ තරග ඇතුළු මෙම තරගාවලියේ සියලුම තරග බලපිටිය ගුරු අභ්‍යාස විද්‍යාල ක්‍රීඩා පිටියේ දී පැවැත්වේ.

තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු පහත දැක්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<