Rahaneට IPL අහිමි වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

1114
ESPN

Kolkata Knight Riders ආරම්භක පිතිකරු Ajinkya Rahane හට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග සියල්ල අහිමි වන බව වාර්තා වෙනවා. ඒ ඔහුට කලවා ආශ්‍රිත (hamstring) ආබාධයකට මුහුණ දීමට සිදුව ඇති නිසයි.

Rahane පසුගිය සඳුදා KKR ජෛව ආරක්‍ෂිත බුබුළ හැර ගිය අතර මේ පිළිබඳව KKR කණ්ඩායම twitter පණිවුඩයක් ද නිකුත් කර තිබුණා.

“කලවා ආශ්‍රිත ආබාධයක් නිසා Ajinkya Rahane හට 2022 IPL තරගාවලියේ ඉතිරි තරග අහිමි වෙනවා. අපි ඔහුට ඉක්මන් සුව පතනවා. Knights කඳවුරට ඔබ නැති අඩුව දැනේවි”, යනුවෙන් KKR නිල twitter ගිණුමේ සඳහන්ව තිබුණා.

එම පණිවුඩයේ සඳහන් වූ වීඩියෝවක අදහස් දක්වමින් Rahane පවසා සිටින්නේ තමන් මීළඟ වසරේ දී මීටත් වඩා ශක්තිමත්ව කණ්ඩායමට පැමිණෙන බවයි.

“මම පිටියෙන් පිට හා පිටිය තුළ ගත කළ කාලය ඉතා කැමැත්තෙන් ගත කළා. ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ජීවිතය ගැන වගේම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම මීළඟ වසරේ මීට වඩා ශක්තිමත්ව එනවා. මම හිතනවා කණ්ඩායම මීළඟ තරගයේ දී හොඳින් තරග වදියි කියලා වගේම කණ්ඩායම අවසන් මහා තරගය වෙත යයි කියලා.”

Kolkata කණ්ඩායම මූලික වටයේ සිය අවසන් තරගය Lucknow Super Giants සමඟින් හෙට (18) දිනයේ දී ක්‍රීඩා කිරීමට නියමිතයි. අවසන් තරග වෙත යෑමට නම් KKR කණ්ඩායම එම තරගය විශාල ලකුණු පරතරයකින් ජයගත යුතුයි.

HindustanTimes ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<