Jadeja IPL තරගාවලියෙන් ඉවතට

ඉන්දීය ප්‍රිමියර් ලීගය 2022

6599

ඉල ඇටපෙළ ආශ්‍රිතව (Rib) ආබාධයකට ලක් වූ Chennai Super Kings කණ්ඩායමේ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩක හා හිටපු නායක Ravindra Jadeja හට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

පසුගිය 4 වැනිදා Royal Challengers Bangalore (RCB) කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී උඩ පන්දුවක් රැක ගැනීමට උත්සාහ කිරීමේ දී Jadeja හට අනපේක්ෂිත ලෙස මෙලෙස ආබාධයකට මුහුණ දීමට සිදු වුනා.

ඒ අනුව ඔහු ඊයේ (11) දිනයේ දී Chennai (CSK) කණ්ඩායමේ ජෛව ආරක්ෂිත බුබුලෙන් ඉවත්ව ඇති බවයි එම කණ්ඩායම සඳහන් කළේ.

2012 වසරේ සිට Chennai කණ්ඩායම නියෝජනය කරනු ලබන Jadeja හට IPL තරගයක් ක්‍රීඩා කිරීමට නොහැකි වුනු දෙවැනි අවස්ථාව මෙයයි. ගෙවුණු මාස 7ක කාලය තුල Jadeja ආබාධයකට ලක්වුණු දෙවැනි අවස්ථාව මෙය වන අතර පසුගිය නොවැම්බර් මාසයේ දී ද උරහිසේ ආබාධයක් නිසා ඔහුට සති කිහිපයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටීමට සිදු වුනා.

Jadejaගේ මේ ආබාධය නිසා Chennai කණ්ඩායම අවසන් වරට ක්‍රීඩා කළ Delhi Capitals කණ්ඩායමට එරෙහි තරගය සඳහා ද ඔහු ක්‍රීඩා කළේ නැහැ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<