පූරන්ගේ සටන්කාමී ඉනිම නිසා කොදෙව්වන්ට තවත් ජයක්!

80
PTI

ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමඟ ලක්නව් හිදී පැවති දෙවැනි එක්දින තරගයත් ලකුණු 47කින් ජය ගැනීමට අද (09) බටහිර ඉන්දීය කොදෙව් පිළ සමත් විය. ඒ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලි ජයග්‍රහණය ද තහවුරු කර ගනිමිනි. 

මාලන් – මෝර්ගන්ගේ සුසංයෝගයෙන් කිවියන්ට අන්ත පරාජයක්

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ නේපියර් හිදී පැවති සිව්වැනි ජාත්‍යන්තර…

කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන පිළ මුලින් පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ඇරයුම් කළ අතර පළමු කඩුල්ල වෙනුවෙන්ම ලකුණු 98ක සාර්ථක සබඳතාවයක් ගොඩ නැගීමට ශයි හෝප් සහ එවින් ලෙවිස් සමත් විය. එහිදී එවින් ලෙවිස් තම 6 වැනි එක්දින අර්ධ ශතකය ලෙස ලකුණු 54ක් කොදෙව් ඉනිමට එක් කළේය. තරමක් මන්දගාමී ඉනිමක් ක්‍රීඩා කළ ශයි හෝප් ලකුණු 43ක් රැස්කළේ පන්දු 77ක් වැය කරමිනි.

අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි ශිම්රන් හෙට්මයර් අද ලකුණු 34ක් රැස් කළේ හතරේ පහර 2ක් සහ එක් හයේ පහරක් සමඟිනි. මුල්පෙළ පිතිකරුවන් සාර්ථක වීම නිසා කොදෙව් ඉනිම වරෙක ලකුණු 137ට කඩුලු 2ක් ලෙස සටහන් වුවද ඔවුන්ගේ කඩුලු 7ක් ලකුණු 110ක් තුලදී බිඳ වැටෙන අයුරු අද දැකගන්නට ලැබුණි.

මීට ප්‍රධානතම හේතුව වූයේ මුල්පෙළ පිතිකරුවන් ගොඩ නැගූ සබඳතා සඳහා පන්දු විශාල වශයෙන් වැය කිරීමයි. එබැවින් පසුපෙළ පිතිකරුවන්ට පිටියට පැමිණි විගස විශාල පහරවල් කරා යොමුවීම අත්‍යවශ්‍ය කරුණක් විය. එහි ප්‍රතිඵලය වූයේ ඇෆ්ගනිස්තානු පන්දු යවන්නන්ට කඩුලු දවා ගැනීම පහසු වීමයි. 

උමයංග, ලහිරු සහ අවිශ්ක අර්ධ ශතකවලින් වැඩ පෙන්වයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ…

කෙසේවෙතත් මැදපෙළ පිතිකරුවෙකු ලෙස නිකලස් පූරන් ක්‍රීඩා කළ ඉනිම නිසා අද කොදෙව්වන්ට ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් ලකුණු පුවරුවක් ගොඩ නගා ගැනීමට හැකිවිය. පන්දු 50කට පමණක් මුහුණ දුන් ඔහු අවසන් පන්දුවාර කිහිපයේ දී පිටිය සිසාරා හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් එල්ල කරමින් ලකුණු 67ක් ලබා ගත්තේය.

මේ නිසා කොදෙව්වන් තම පන්දුවාර 50 නිමා කළේ කඩුලු 9ක් දැවී ලකුණු 247ක් ලබා ගනිමිනි. පන්දු යැවීමේ දී නවක දකුණත් වේග පන්දු යවන්නෙකු වන නවීන් උල්-හක් කඩුලු තුනක් දවා ගැනීමට සමත් විය. ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන පන්දු යවන්නන් ත්‍රිත්වය වන රශීඩ් කාන්, මුජීබ් රහ්මාන් සහ මොහොමඩ් නබී දවා ගත්තේ එක් කඩුල්ල බැගිනි.

ලක්නව් තණතිල්ලේ හැසිරීම අනුව මෙම ඉලක්කය ඇෆ්ගනිස්තානුවන්ට හඹා යාමට හැකි මට්ටමේ පැවතියද ඔවුහු පළමු පන්දු වාරයේදීම කඩුල්ලක් දවා ගනිමින් සෘණාත්මක ආරම්භයක් ලබා ගත්හ. එහිදී කොට්‍රෙල්ගේ පන්දුවක් හමුවේ ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වූයේ ජාවෙඩ් අහමදි නම් දකුණත් පිතිකරුවායි. ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස හැඳින්වෙන හස්රතුල්ලා සසායි ලකුණු 23ක් රැස් කළේය.

වෙළඳසේවා ක්‍රිකට් B ශූරතාව සමව බෙදෙයි

වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ (එක්දින තරගාවලියේ) අවසන් මහා තරගය අද (9) HNB සහ…

මීට අමතරව හොඳ ආරම්භයක් ලබාගත් රහ්මත් ශා ලකුණු 33දී දුවද්දී දැවී යාමත් ඉක්රම් අලි ලකුණු 19කට සීමා වීමත් නිසා ඇෆ්ගනිස්තානය ක්‍රමයෙන් ජයග්‍රහණයේ මාවතෙන් ඉවතට ගමන් කරනු දැකගන්නට ලැබුණි. කෙසේවෙතත් ලකුණු 109ට කඩුලු 5ක් දැවී ගිය ඇෆ්ගනිස්තාන ඉනිම නැවතත් සවිමත් කරමින් සයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 68ක තීරණාත්මක සබඳතාවයක් ගොඩ නැගීමට නජිබුල්ලා සද්රාන් සහ මොහොමඩ් නබී සමත් වූහ.

එහිදී තම 10 වැනි අර්ධ ශතකය ලෙස සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ නජිබුල්ලා ලකුණු 56ක් ලබා ගැනීමට සමත් විය. නමුත් පිට පිටම පන්දු දෙකකදී මෙම සබඳතාවයට හේතුවූ පිතිකරුවන් දෙදෙනාම දවා ගැනීමට කොදෙව් පන්දු යවන්නන් සමත් වීමත් සමඟ ඇෆ්ගනිස්තානයේ සියලු බලාපොරොත්තු අහිමි විය. ඒ අනුව පන්දුවාර 45යි පන්දු 4ක් අවසානයේ ඔවුන්ගේ සියලු කඩුලු අහිමි වනවිට ලකුණු පුවරුවේ සටහන්ව තිබුනේ හරියටම ලකුණු 200ක් පමණි.

ප්‍රීමා ශූරයින්ගේ ශුරතාවය බස්නාහිර පළාත් උතුරට

‘ප්‍රීමා ශූරයින්ගේ කුසලාන’ වයස අවුරුදු 15න් පහළ අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන්…

විශිෂ්ට පන්දු යැවීමක යෙදුනු කෝට්‍රල්, චේස් සහ හේඩන් වොල්ශ් කඩුලු 3 බැගින් තමන් අතරේ බෙදා ගත්හ. නමුත් තරගයේ වීරයා ලෙස සම්මාන හිමිවූයේ කොදෙව් පිළට අවශ්‍යම මොහොතේ දී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නිකලස් පූරන්ටයි. දෙරට අතර පැවැත්වෙන අවසන් එක්දින තරගය අනිද්දා (11) ලක්නව් හිදීම පැවැත්වීමට නියමිතව ඇත.

බටහිර ඉන්දීය කොදෙව් – කඩුලු 9ක් දැවී ලකුණු 247 (පන්දුවාර 50)

නිකලස් පූරන් 67, එවින් ලෙවිස් 54, ශයි හෝප් 43, ශිම්රන් හෙට්මයර් 34, ජේසන් හෝල්ඩර් 9, නවීන් උල්-හක් 3/60, ජාවෙඩ් අහමදි 1/10.

ඇෆ්ගනිස්තානය – සියල්ලන්ම දැවී ලකුණු 200 (පන්දුවාර 45.4)

නජිබුල්ලා සද්රාන් 56, රහ්මත් ශා 33, මොහොමඩ් නබී 32, හස්රතුල්ලා සසායි 23, ඉක්රම් අලි 19, ශරෆුද්දීන් අශ්රාෆ් 13, ශෙල්ඩන් කෝට්‍රල් 3/29, රොස්ටන් චේස් 3/30, හේඩන් වොල්ශ් 3/36.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<