උමයංග, ලහිරු සහ අවිශ්ක අර්ධ ශතකවලින් වැඩ පෙන්වයි

86

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අද (9) දවසේ දක්ෂතා දැක්වීමට උමයංග සුවාරිස්, ලහිරු මධුශාන් සහ අවිශ්ක පෙරේරා සමත් වූහ. 

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය (B Group)

වේල්ස් කුමාර විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූවද පළමු ඉනිමේ වැඩි වාසි දිනා ගැනීමට සත්කාරක ක්‍රීඩකයෝ සමත් වූහ.

Photos: Prince of Wales College v S.Thomas’ College | U19 Cricket Tournament 2019/20

කාසියේ වාසිය දිනා ගත් වේල්ස් කුමාර විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 253ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සංචාරක ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 212ක් පමණි. ලකුණු 41ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිමට පිවිසි වේල්ස් කුමරුවෝ තරගය අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 58ක් ලබා සිටියහ.

තරගය අද ආරම්භ කෙරුණේ සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 32ක් ලබා සිටිය දී පිටියට පිවිසෙමිනි. ඔවුන්ගේ ඉනිම වෙනුවෙන් උමයංග සුවාරිස් පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තේය. 

වේල්ස් කුමාර විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 253 (81.1) දිනුර ප්‍රනාන්දු  71, පසිඳු පැතුම් 54, අශාන් ප්‍රනාන්දු 34, ඔමේෂ් මෙන්ඩිස් 30, රන්දෙව් ගුණසේකර 4/70, ශමිල්ක වික්‍රමතිලක 2/49, දිල්මින් රත්නායක 2/70

සාන්ත තෝමස් විද්‍යාලය; පළමු ඉනිම (පළමු දිනය අවසානයේ පන්දුවාර 11ක දී කඩුලු 2ක් දැවී 32) සියලුම දෙනා දැවී 212 (70.5): උමයංග සුවාරිස් 52, ගවින් බොතේජු 37, ඩියෝන් ප්‍රනාන්දු 29, රවිඳු ජනිත් 5/91, නදුක ප්‍රනාන්දු 2/39

වේල්ස් කුමාර විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 58 (13) තරිඳු අමරසිංහ 28, ශාමින්ද වික්‍රමතිලක 2/05

වත්මන් ශූර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බංගලිදේශයට පියාඹයි

පසුගිය වර්ෂ දෙකේම ආසියානු කුසලාන නැගී එන ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම….

බම්බලපිටියට සාන්ත පීතර විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය (B Group)

සාන්ත පීතර පිටියේ දී නිමා වූ මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූවද පළමු ඉනිමේ වැඩි ප්‍රසාද ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට සත්කාරක ක්‍රීඩකයෝ සමත් වූහ. 

කාසියේ වාසිය දිනා ගත් සංචාරක ධර්මපාල විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 171ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සාන්ත පීතර ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 274ක් ලබා ගත්හ. ලකුණු 103ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පිවිසි ධර්මපාල ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 7ක් දැවී ලකුණු 84ක් ලබා සිටියහ. 

Photos: St. Peter’s College v Dharmapala College | U19 Cricket Tournament 2019/20

සාන්ත පීතර විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 117ක් ලබා සිටිය දී අද තරගය ආරම්භ වූ අතර ඔවුන් කඩුලු 9ක් දැවී ගිය පසු ඉනිම අත්හිටු විය. පෙර දිනයේ නොදැවී ලකුණු 65ක් ලබා සිටි රෙෂික සන්තුෂ් අද ලකුණු 81කට දැවී ගියේය. 

ධර්මපාල විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී  171 (54.1) නවිඳු නවීන් 48, තිසර සිසාරා 37, විහඟ ගුණරත්න 24, රුවින් සෙනෙවිරත්න 4/34, ට්‍රිශේන් වික්‍රමසිංහ 2/36, කනිෂ්ක මදුවන්ත 2/50

සාන්ත පීතර විද්‍යාලය; පළමු ඉනිම (පළමු දිනය අවසාන වන විට පන්දුවාර 30කදී කඩුලු 3ක් දැවී ලකුණු 117) කඩුලු 9ක් දැවී 274 (66) රෙශික සන්තුෂ් 81, නිපුනක ෆොන්සේකා 38, කනිශ්ක මධුවන්ත 29, ප්‍රභාෂර හේරත් නොදැවී 41, රුවින් සෙනෙවිරත්න 20, පසිඳු දිමුදිත 3/48, තිසර ශිසාර 2/47, විහඟ ගුණරත්න 2/72

ධර්මපාල විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 84 (20.1) රශ්මික ජයකොඩි නොදැවී 20, කනිශ්ක මධුවන්ත 4/58, රුවින් සෙනෙවිරත්න 3/05

ශාලින්ද, අශේන් හා දිනෙත් සාන්ත ජෝසප් ජය මාවත විවර කරයි

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ……

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය (D Group)

සාන්ත සෙබස්තියන් පිටියේ දී නිමා වූ මේ තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට රාජකීය විද්‍යාලය සමත් විය. 

කාසියේ වාසිය දිනා ගත් සත්කාරක සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙමින් ලකුණු 123ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් රාජකීය විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 252ක් ලබා ගත්තේය.

Photos: St. Sebastian’s College v Royal College | U19 Schools Cricket Tournament 2019/20

ලකුණු 129ක් පසුපසින් සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි සත්කාරක සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 60ක් ලබා සිටියහ. 

අද තරගය ආරම්භ වන විට රාජකීය විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 168ක් ලබා සිටි අතර ඔවුන් අද දවසේ දී තවත් කඩුලු 4ක් දැවී යද්දී ලකුණු 84ක් ලබා ගනිමින් ඉනිම අත්හිටුවූහ. පෙර දිනයේ නොදැවී ලකුණු 95ක් ලබා සිටි අහන් වික්‍රමසිංහ අද දවසේ කිසිදු ලකුණක් නොලබා දැවී යෑම අවාසනාවන්ත සිදුවීමක් විය. ඒ කෙසේ වෙතත් ලහිරු මධුශංක රාජකීය ඉනිමට නොදැවී ලකුණු 50ක් එක් කිරීමට අද සමත් වූයේය. 

සාන්ත සෙබස්තියන් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 123 (46.1) දුනිත් ජයතුංග 45, ප්‍රශාන් කල්හාර 5/41

රාජකීය විද්‍යාලය; පළමු ඉනිම (පළමු දිනය අවසානයේ පන්දුවාර 50ක් අවසානයේ කඩුලු 5ක දැවී 168 ) කඩුලු 9ක් දැවී 252 (74.2) අහන් වික්‍රමසිංහ 95, කමිල් මිශාර 25, කවිඳු පතිරත්න 24, ලහිරු මධුශංක නොදැවී 50, ප්‍රශාන් කල්හාර 28, තදුල ද සිල්වා 2/35, සුපුන් ප්‍රනාන්දු 3/66

සාන්ත සෙබස්තියන් විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 60 (34) ජනිශ්ක පෙරේරා 31, ප්‍රශාන් කල්හාර 3/27

ෆින්ච් සහ වෝනර් පාකිස්තානයට කට උත්තර නැති කරයි

ඕස්ට්‍රේලියාව සහ සංචාරක පාකිස්තානය අතර පැවති තරග 3කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය නිමා කරමින්…

කොළඹ නාලන්දා විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය (C Group)

නාලන්දා පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් නාලන්දා ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 180ක් ලබා ගත් අතර පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය එම ඉනිම අවසානයෙන් පසු ආරම්භ කිරීමට හැකි වූයේ නැත.

නාලන්දා ඉනිම වෙනුවෙන් අවිශ්ක පෙරේරා ලකුණු 63ක් ලබා ගනිමින් ද සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් කවීෂ දුලාංජන කඩුලු 5ක් දවා ගනිමින් ද දක්ෂතා දැක් වූහ. 

මෙම තරගය ආරම්භ වූයේ ද වර්ෂාව හේතුවෙන් තරමක් ප්‍රමාද වෙමිනි. 

නාලන්දා විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 180 (54.4) අවිශ්ක පෙරේරා 63, චමෝද රාජපක්ෂ 24, ජිතීෂ වාසල 21, කවීෂ දුලාජන 5/63

මෙම තරගය හෙට (10) දෙවැනි දිනයට ක්‍රියාත්මකය.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<