ප්‍රීමා ශූරයින්ගේ ශුරතාවය බස්නාහිර පළාත් උතුරට

‘ප්‍රීමා ශූරයින්ගේ කුසලාන’ 15න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය 2019

133

‘ප්‍රීමා ශූරයින්ගේ කුසලාන’ වයස අවුරුදු 15න් පහළ අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (9) නිමා වූයේ ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 65ක ජයක් ලබා ගත් බස්නාහිර පළාත (උතුර) කණ්ඩායමට එහි ශූරතාව හිමිකර දෙමිනි. 

ශාලින්ද, අශේන් හා දිනෙත් සාන්ත ජෝසප් ජය මාවත විවර කරයි

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු……

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් මහා තරගයේ දී ශෙවෝන් ඩැනියල්ගේ නායකත්වයෙන් යුත් බස්නාහිර පළාත් (උතුර) කණ්ඩායම හමුවේ පරාජයට පත් වූයේ චතුමාල් ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුත් වයඹ පළාත් කණ්ඩායමයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රීමා සමූහ ව්‍යාපාරය සමඟින් එක්ව 12 වැනි වරටත් මේ තරගාවලිය සංවිධානය කරන ලදි. 

‘A’ කාණ්ඩය යටතේ තරග වැදුණු වයඹ පළාත් කණ්ඩායම බස්නාහිර පළාත (දකුණ -පිටත), බස්නාහිර පළාත (උතුර – පිටත) සහ උතුරු මැද පළාත යන කණ්ඩායම් පරාජය කරමින් ඉදිරියට පැමිණි අතර බස්නාහිර පළාත (දකුණ) හමුවේ පරාජයට පත්විය. දකුණු පළාත සමඟින් වූ තරගය විසඳුමකින් තොරව අවසන් විය. වයඹ පළාත් එම කාණ්ඩයේ ශූරයින් ලෙස අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

‘B’ කාණ්ඩය යටතේ තරග වැදුණු බස්නාහිර පළාත (උතුර) කණ්ඩායම පළමු වටයේ දී මධ්‍යම, නැගෙනහිර සහ උතුරු පළාත් පරාජය කරමින් අපරාජිතව ඉදිරියට පැමිණි නමුත් බස්නාහිර පළාත් (මධ්‍යම) සහ ඌව පළාත යන කණ්ඩායම් සමග වූ තරග විසඳුමකින් තොරව අවසන් විය. අවසානයේ බස්නාහිර පළාත (උතුර)  කණ්ඩායම තම කාණ්ඩයේ ශූරයින් ලෙස අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

වත්මන් ශූර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බංගලිදේශයට පියාඹයි

පසුගිය වර්ෂ දෙකේම ආසියානු කුසලාන නැගී එන ක්‍රිකට් තරගාවලියේ ශූරයින්……

මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් වයඹ පළාත පළමුව පන්දුවට පහර දීම සඳහා තීරණය කළ අතර ඒ ඇරයුමින් පිටියට පැමිණි බස්නාහිර පළාත (උතුර) කණ්ඩායම වෙනුවෙන් රුසිරු විලෝචන (ලකුණු 22) සහ හිරාන් ජයසුන්දර (ලකුණු 27) ඔවුන්ගේ කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබා දීමට සමත් විය. 

අනතුරුව පිටියට පැමිණි නායක ඩැනියල් විස්වාසවන්ත ලෙස පන්දුවට පහරදෙමින් පන්දු 49ක් තුල වේගවත් ලකුණු 84ක් රැස් කරගෙන නායකත්වයේ ඉනිමක් දියත් කළ නිසා ඉතාමත් හොඳ දල ලකුණු වේගයක් රඳවා ගෙන ලකුණු රැස්කර ගන්නා ලදි.

කෙසේ නමුත් වයඹ නායක ප්‍රනාන්දු බස්නාහිර පළාත (උතුර) පසුපෙළ පිතිකරුවන්  සැලකිය යුතු මට්ටමකින් පාලනය කිරීමට සමත් වූ නිසා බස්නාහිර පළාත (උතුර) ඉනිම ලකුණු 249කට සීමා කර ගැනීමට ඔවුන් සමත් විය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ  සහන් දාබරේ ලකුණු 27යි.

ලකුණු 250ක තරගකාරී ලකුණක් හඹා යාම වෙනුවෙන් පිටියට පැමිණි වයඹ පළාත තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වන විට පන්දුවාර 25ක් සඳහා මුහුණ දී කඩුලු 6ක් දැවී ලකුණු 100ක් වාර්තා කරගෙන සිටියේය. 

රෝහිත්ගේ පන්දු ප්‍රහාරයෙන් බංග්ලාදේශය අසරණ වේ

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ රාජ්කොට් හිදී පැවති…..

ඒ අවස්ථාවේ දී අයහපත් ආලෝක තත්වයක් ද ඇති කරමින් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා එතැන් සිට නැවතත් තරගය ආරම්භ කිරීමට අවස්ථාවක් උදා වූයේ නොමැත.

ඒ නිසාවෙන් තරගයේ ප්‍රතිඵලය ලබා ගැනීම සඳහා ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුගමනය කිරීමට තරග තීරකවරුන් හට සිදු විය. එම ගණනය කිරීමට අනුව පන්දුවාර 25ක් අවසන් වන විට වයඹ පළාත ලකුණු 169ක් ලබාගෙන තිබිය යුතු නමුත් ඒ වන විට ඔවුන් වාර්තා කරගෙන තිබුණේ ලකුණු 100ක් පමණි. ඒ නිසාවෙන් අවසන් තරගය ලකුණු 69කින් ජය ගත් බස්නාහිර පළාත (උතුර) තරගාවලියේ ශූරයින් ලෙස කිරුළු පළඳන ලදි.

බස්නාහිර පළාත (උතුර) – 249 (47): ශෙවෝන් ඩැනියල් 84, සහන් දාබරේ 27, රුසිරු විලෝචන 22, හිරාන් ජයසුන්දර 27, චමත් චාතුර්ය 31, චතුමාල් ප්‍රනාන්දු 3/27, විශ්ව රාජපක්ෂ 2/49, තිමිර විරාන් 2/31.

වයඹ පළාත – 100/6 (25): ගයන වීරසිංහ 35, නෙත්මල් ද සොයිසා 25, සජිත විතානගේ 3/24.

බස්නාහිර පළාත (උතුර) කණ්ඩායමට ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 65ක ජයක්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<