IPL නර්තන කණ්ඩායම් වල නොදුටු පැත්ත

1869

ඔවුන් ප්‍රේක්ෂකයන් ඉදිරියේ අශෝභන ලෙස සැරසී සිනහ වෙමින් සහ නටමින් සිටියි. මේ බොලිවුඩ් චිත්‍රපටයක් හෝ මුම්බායි හි රාත්‍රී සමාජ ශාලාවක් නොව ක්‍රිකට් තරගයකයි.

තවත් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක්ට දූෂණ චෝදනා

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ හා අවිශ්ක ගුණවර්ධන එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට්…

සමහරවිට ඔවුන් විස්සයි විස්ස තරග නීති නොදන්නවා විය හැක. නමුත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලොව ධනවත්ම ක්‍රිකට් තරගාවලියක් බවට පත්වූ ගමනේ ඔවුන්ද එක් අංගයක් බවට පත්වී හමාරය. එළඹෙන ඉරිදා මෙම උත්කර්ෂවත් තරගාවලියේ අවසන් මහා තරගයට සියල්ල සූදානම්ව ඇත.

සාමාන්‍යයෙන් පිතිකරුවෙක් හයේ පහරක් එල්ල කළ පසු ඔහු පිත්ත ඔසවමින් තමන් වෙනුවෙන් හඬ නගන ප්‍රේක්ෂකයන් හට තම ස්තූතිය පළකර සිටියි. නමුත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ පිතිකරුවෙක් වන රිශාබ් පන්ට් හයේ පහරක් එල්ල කළවිට ප්‍රේක්ෂකාගාරය දෙසින් සංගීතය සහ මල්වෙඩි දක්නට ලැබිණි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ නර්තන කණ්ඩායම් සඳහා නර්තන ශිල්පීන් පැමිණෙන්නේ එංගලන්තය, බ්‍රසීලය, රුසියාව, දකුණු අප්‍රිකාව වැනි රටවල් වලිනි. විටෙක ක්‍රීඩාංගණයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ක් (ෆැරන්හයිට් අංශක 104) පමණ වුවද ඔවුන් තම නර්තනයන් ඉදිරිපත් කරයි.

2008 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භයේ පටන් මෙම නර්තන කණ්ඩායම් තරගාවලියට සම්බන්ධ විය. එකල සමහර දේශපාලනඥයන් විසින් මෙම කණ්ඩායම් තහනම් කිරීමට උත්සාහ කළේ ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් වල ස්වභාවය හේතුවෙනි. ඉන්දීය සංස්කෘතියට සිදුවිය හැකි බලපෑම් පිළිබඳව ඔවුන් පැමිණිලි කර තිබිණි. මෙවර තරගාවලියේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම කාන්තා සහ පිරිමි නර්තන ශිල්පීන්ගෙන් සමන්විත නර්තන කණ්ඩායමක් යොදාගෙන ඇති අතර ඔවුන්ගේ ඇඳුම් ද සංවර ලෙස යොදා ඇත.

නමුත් නර්තන කණ්ඩායම් තමන් මුහුණපාන දුෂ්කරතා සම්බන්ධයෙන්ද යම් යම් පැමිණිලි සිදුකර ඇත.

මෙම නර්තන කණ්ඩායම් තම ක්‍රිකට් කණ්ඩායම සමඟින් සති 8ක් ඉන්දියාව පුරා ඇති ක්‍රීඩාංගණ වලට සංචාරය කරන අතර ක්‍රීඩකයන්ට සුඛෝපභෝගී හෝටල් ලැබුණද නර්තන කණ්ඩායම් වලට නම් එතරම් සුවපහසු පහසුකම් ලැබෙන්නේ නැත.

“අපිට ගොඩක් නීති තියෙනවා. එයාලා දිහා බලන්න බෑ. හිනාවෙන්න බෑ.” යයි එංගලන්තයේ සිට නර්තන කණ්ඩායමකට සහභාගි වී සිටින කෙලී ස්මිත් ක්‍රීඩකයන් හා ඔවුන් අතර ඇති සම්බන්ධතාවය පැහැදිලි කරමින් කියා තිබේ.

“අපි එයාලට තරග ජයග්‍රහණය කරන්න උදව් කරනවා. අපිට එයාලා එක්ක කතා කරන්න අවස්ථාව ලැබෙන්න ඕනේ.” දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ 12 දෙනෙකුගෙන් යුත් නර්තන කණ්ඩායම නියෝජනය කරන 24 හැවිරිදි කෙලී පවසා සිටියි.

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහිවූ ටෙස්ට් ක්‍රිකට් තරු 150 බිහිවූ පාසල්

2019 වසරේ මැයි මස පළමු සතිය අවසන් වනවිට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග රටාව වෙනුවෙන් ක්‍රීඩකයින්…

නර්තන කණ්ඩායම් සහ ප්‍රේක්ෂකයන් වෙන්කර තිබුණද ඔවුන්ට සිදුවන උසුළු විසුළු වල අඩුවක් නැත. විටෙක ඔවුන්ට එල්ල වන අපහාස ඔවුන්ව අපහසුතාවට ලක්කරයි.

එලෙස අපහසුතාවට ලක්වූ චාලි චැප්පෙලා පවසා ඇත්තේ ඇගේ නමින් සමාජ මාධ්‍ය වල ව්‍යාජ ගිණුම් පවා සාදා ඇති බවයි.

“ඔවුන් මම නර්තනයේ යෙදෙන වෙලාවක ගත් පින්තූරයක් යොදාගෙන තිබුණා. ඔවුන් මට තර්ජනය කරමින් මම ඉන්දියාවට ආවේ ඇයි කියලා ඇහුවා” ඇය පවසා ඇත.

ඉන්දියාව ලෝකයේ අවධානයට ලක්වූයේ 2012 වසරේ 23 හැවිරිදි ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක්කර මරා දැමීමත් සමඟිනි. මේ සම්බන්ධයෙන් විරෝධතා රැසක්ද පැවැත්විනි.  

එරට දේශපාලනඥයන් විසින් ස්ත්‍රී දූෂකයන්ට දැඩි දඬුවම් පනවන නීති ගෙන ආවද එම තත්වයේ වෙනසක් සිදුවී නැති බව මේ පිළිබඳව සටන් වදින පිරිස් කියා සිටියි. 2016 වසරේ කරන ලද පරීක්ෂණ වලට අනුව ඉන්දියාවේ දිනකට දූෂණ සිද්ධි 100 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වේ.

නමුත් චැප්පෙලා පවසන්නේ තමන් මෙම රැකියාව භාරගත්තේ එය “වටිනා අවස්ථාවක්” නිසා බවයි.

“මගේ අම්මා මට ඉන්දියාව ගැන විස්තර සහිත පොතක් ගෙනල්ලා දුන්නා. ඒකේ දිල්ලි ගැන සඳහන් කරලා තිබුනේ කාන්තාවන්ට සුදුසුම නෑ කියලයි.”

“නමුත් මට පස්සේ හිතුනා මේක ලෝකයේ ඕනම තැනක වෙන්න පුළුවන් කියලා.”

“මම මේ විදිහට නර්තනයේ යෙදිලා තියෙන්නේ ඉන්දියාවේ විතරයි. මෙහේ සංස්කෘතිය, මිනිසුන් ක්‍රිකට් වලට තිබෙන ආසාව හරිම පුදුමාකාරයි” යයි කැනඩා ජාතික ලින්ඩා ලොපැට්‍ඉන්ස්කි පවසයි.

“අපි මෙහෙට ආවේ රැකියාවක් කරන්න. ඉන්දීය ජනතාව කොහොම හැසිරෙනවද කියන එක මට ප්‍රශ්නයක් නෙමෙයි. සමහර අය හිතන විදිහ වෙනස් වෙන්න පුළුවන්”

ඉන්දියාවට අවස්ථාව වැඩියි – හිටපු ඉන්දීය ප්‍රබලයෙක් ප්‍රකාශ කරයි

ඉන්දියාව මෙවර ලෝක කුසලානයේ ප්‍රබලතම කණ්ඩායම වනු ඇතැයි බොහෝ දෙනා දැනටමත් අනාවැකි පල කර තිබේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ක්‍රීඩකයන් වටා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යොදා ඇති අතර ඒ 2013 වසරේ සිදුවූ මුදලට තරග පාවාදීමක් නිසාවෙනි. එහිදී ක්‍රීඩකයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර කණ්ඩායම් දෙකක් තරගාවලියෙන් ඉවත් කෙරිණි.

වර්තමානයේ දී එලෙස මුදලට තරග පාවාදීමේ සැකයක් වුවද පරීක්ෂණයට ලක් කිරීමට ක්‍රිකට් පාලනාධිකාරිය පියවර ගෙන ඇත.

මෙම නර්තන ශිල්පීන් ක්‍රීඩකයන්ට අන්වර්ථ නම් ද යොදා ඇත. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ඇන්ඩ්‍රේ රසල් “Muscle Russell” ලෙස ඔවුන් හඳුන්වයි. දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායක ශ්‍රෙයාස් අයියර් හඳුන්වන්නේ “Our Number Four” යනුවෙනි.

මෙම නර්තන කණ්ඩායම් වල ප්‍රධානම ගැටලුව වන්නේ තම නර්තනයන් ඉදිරිපත් කළ යුතු අවස්ථාවන් හඳුනා ගැනීමයි. ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව අවබෝධයක් නොමැති වීම එයට හේතුව වී ඇත.

“අපේ කණ්ඩායමේ එක් අයෙක් පසුගිය වසරේ IPL ඇවිල්ලා තිබ්බා. ඇත්තටම අපිට කිසිම අවබෝධයක් තිබුනේ නෑ පළමු තරගයට එනතුරු.” යයි එංගලන්තයේ බොබී ඩොරින්ටන් පවසා සිටියි.

“එයා ඒක හයක් ද හතරක් ද කියනකන් අපි ඉඳගෙන ඉන්නවා. අපිට දැන් ටික ටික තරගය තේරෙනවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<