ABගේ ක්‍රිකට් අනාගතය ගැන ඩි කොක්ගෙන් අනාවරණයක්

620

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඒ. බී. ඩිවිලියර්ස්, එළඹෙන ලෝක කුසලානය වෙනුවෙන් කරන සැලසුම් තුල අන්තර්ගතව සිටිනවා ද, නැති ද යන්න සම්බන්ධයෙන් ක්වින්ටන් ඩි කොක් Star Sports show නම් වැඩසටහනක් සඳහා සහභාගී වෙමින් අදහස් දක්වා සිටියා.

3TC ශූරතාව ඩිවිලියස්ගේ කණ්ඩායමට

“ඔහු අනිවාර්යයෙන් අපේ ලෝක කුසලාන සැලසුම්වල ඉන්නවා. මම ඒ චරිතයට ගොඩක් ආදරය කරන කෙනෙක්. මම හිතන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම්වල ඉන්න හැම කණ්ඩායමකම එක ක්‍රීඩකයෙක් හරි ඔහුට ආදරය කරනවා” ඩි කොක් එහි දී පැවසීය.

කොරෝනා වසංගත ව්‍යාප්තිය නිසා 2020 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2021 වසර දක්වා කල් ගිය නමුත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය සහ ක්‍රිකට් බලධාරීන් ඩිවිලියර්ස් පිළිබඳව දැඩි විශ්වාසයකින් පසුවනවා.

පළමු වතාවට පැවැත්වුණු කණ්ඩායම් තුනේ ක්‍රිකට් තරගයේ දී (3TC) සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන යාමට පසුගිය දා ඔහු සමත් වූ අතර එහි දී ඔහු පන්දු 24ක දී ලකුණු 61ක් ලබා ගනිමින් දස්කම් දැක්විය.

ශ්‍රී ලංකාවට එන්න බංග්ලාදේශය මාන බලයි

පසුගිය වසරේ මැයි මාසයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් ඩිවිලියර්ස් ජාත්‍යන්තර එක්දින තරග 228කට, ටෙස්ට් තරග 114කට හා විස්සයි විස්ස තරග 78කට ක්‍රීඩා කොට තිබුණා. ඔහුව Mr: 360 ලෙස ද ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයින් විසින් හඳුන්වනු ලබන්නේ ඔහු පිතිකරණයේ නිරත වන විට ක්‍රීඩා පිටියේ ඕනෑම දෙසකට පන්දුව යොමු වන පරිදි පහර දීමේ හැකියාවක් ඔහු සතුව පැවතීම නිසාවෙනි.

ඩිවිලියර්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යන විට ඔහුගේ එක්දින ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය සටහන් වී තිබුණේ 53.50ක් ලෙසයි.

HindustanTimes ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<