ශ්‍රී ලංකාවට එන්න බංග්ලාදේශය මාන බලයි

2620

ආසියානු කුසලානය හා ICC විස්සයි විස්ස ලෝක කුසලානය කල් දැමීමත් සමඟ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය COVID-19 හේතුවෙන් අතහැර දැමුණු බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය නැවත පවත්වන්නට උත්සහ කරමින් සිටිනවා.

2020 IPL සත්කාරකත්වය තීන්දුයි

කොරෝනා වයිරස ව්‍යාප්තිය නිසා බංග්ලාදේශය සිය පාකිස්තාන සංචාරය අතහැර දැමූ අතර ලොව වටා වයිරස ව්‍යාප්තිය තවත් දරුණු වීමත් සමඟ මැයි මාසයේ දී පවත්වන්නට තිබුණු අයර්ලන්ත සංචාරයත්, ඉන්පසුව පවත්වන්ට තිබුණු ශ්‍රී ලංකා සංචාරයත් ඔවුන් විසින් අතහැර දැමුවා. බංග්ලාදේශය හා ඕස්ට්‍රේලියාව අතර මෙන්ම බංගලාදේශය හා නවසීලන්තය අතර පවත්වන්නට නියමිතව තිබුණු තරගාවලි ද මෙලෙසම කල් දැමුණා.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන අන්දමට බංග්ලාදේශයේ තරගාවලි පවත්වනවාට වඩා විදෙස් සංචාරයන් සැලසුම් කරගන්නට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය උත්සහ දරනවා. ඒ බංග්ලාදේශය තුළ වයිරස ව්‍යාප්තිය තවමත් ස්ථිරවම හොඳ තත්වයකට පත්ව නැති නිසයි.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය මේ දිනවල ශ්‍රී ලංකා සංචාරයක් සංවිධානය කරන්නට සාකච්ඡා කරන බව Cricbuzz වෙබ් අඩවිය වාර්තා කරනවා. “දැන් අපිට තිබෙන අභියෝගය තමයි කල් දැමුණු අන්තර්ජාතික තරගාවලි යළි සංවිධානය කරන්නේ කොහොමද කියන එක” බංගලාදේශ ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි Nizamuddin Chowdhury මහතා පසුගිය අඟහරුවාදා (21) පවසා තිබුණා.

“අපේ රටේ තත්වය තවමත් හොඳ නැහැ. අපි සලකලා බලනවා වෙනත් රටක පවත්වන්නට තිබූ නමුත් වයිරස තත්වය නිසා කල් දැමූ තරගාවලි නැවත පවත්වන්න පුළුවන් ද කියලා. එහෙම වුනොත් අපිට ක්‍රිකට් ගහන්න අවස්ථාවක් තිබෙනවා. අයර්ලන්තයේ තත්වය හොඳ වුනොත් අපිට අයර්ලන්තයට යන්නටත් පුළුවන්” ඔහු පවසා සිටියා.

ස්ටෝක්ස්ගේ තුන් ඉරියව්වෙන් එංගලන්තය එකට එක කරයි

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වන විට සිය දේශීය තරගාවලිය පවත්වන්නට ද උත්සහ කරමින් සිටිනවා. පළමු වටය පමණක් පැවැත්වීමෙන් පසුව කල් දැමුණු ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ද එළඹෙන සැප්තැම්බර් 15න් පසුව නැවත ආරම්භ කරන්නට ඩකා හි ක්‍රිකට් බලධාරීන් බලාපොරොත්තු වෙනවා. “අපි දේශීය තරගාවලි නැවතත් ආරම්භ කරන්නට උත්සහ කරනවා. පළමුව ඩකා ප්‍රිමියර් තරගාවලිය හා ඉන්පසුව හැකි නම් බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය” නිසාමුද්දීන් මහතා පවසා සිටියා.

ඔහු තවදුරටත් පවසා සිටියේ ආසියානු කුසලානය හා ICC විස්සයි විස්ස තරගාවලිය යන තරගාවලි දෙකම කල් දැමීම තමන්ට ආර්ථික වශයෙන් බාධාවක් නොවන බවයි. “ICC සාමාජික රටවලට ආධාර ලැබෙන්නේ තරගාවලි මත නෙවෙයි. ඒක ලැබෙන්නේ වාර්ෂිකව. අපිට ඒ නිසා සුපුරුදු විදියටම අපේ ගාස්තුව ලැබෙයි. එම තරගාවලි දෙක පවත්වන්නේ නැති නිසා එම මුදල තවමත් අඩු වෙයි. තරගාවලිය නැවත පැවැත්වූවම ඉතිරි මුදල් ලැබෙයි.”

“කල් දැමුණු ඕස්ට්‍රේලියා හා නවසීලන්ත තරගාවලි ටෙස්ට් තරගාවලි නිසා ආර්ථික වශයෙන් එතරම් වැදගත් තරගාවලි නොවෙයි.”

Cricbuzz ඇසුරින් 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<