හෙඩින්ග්ලි වීරයාගේ වික්‍රමය නැවතත් රූපවාහිනි තිරයට

61
Ben Stokes
Ben Stokes

ටෙස්ට් ක්‍රිකට් වංශ කතා පොත අලුත් කරමින් හෙඩින්ග්ලි ක්‍රීඩාංගණය දෙවනත් කළ බෙන් ස්ටොක්ස්ගේ එම අග්‍රගණ්‍ය ඉනිම පිළිබඳව අදටත් බොහෝදෙනා අතර දැඩි කතාබහට ලක්වන්නේ එහි ගැබ්ව තිබූ සුවිශේෂීත්වය නිසාවෙනි. 

ස්ටොක්ස් පෑ වික්‍රමයන් යළිත් වතාවක් ක්‍රීඩාලෝලීන් හට සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් Sky Sports රූපවාහිනී නාලිකාව එම අග්‍රගණ්‍ය ඉනිම පන්දුවෙන් පන්දුවට නැවත විකාශය කිරීමට තීරණය කර ඇත. ඒ COVID-19 වසංගතය නිසාවෙන් එරට ප්‍රධාන පෙළේ ක්‍රිකට් තරග බොහෝමයක් මේ වන විට තාවකාලිකව නවතා දමා ඇති මොහොතක දීය. 

අළුබඳුනට වසර 54ක ත්‍රිත්ව ශතක නියඟයක්

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර 1882 දී ආරම්භ වූ අළුබඳුන (The Ashes)ටෙස්ට් ක්‍රිකට්…

ඒ අනුව සෙනුසාරාදා (11) දිනයේ දී පොරොන්දු වූ පරිදි තරගයේ තීරණාත්මක අවස්ථාවන් නැවත ප්‍රේක්ෂකයින් හට රස විඳීමේ අවස්ථාව උදාකර දුන් ඔවුන් මේ සඳහා බෙන් ස්ටෝක්ස් ඇතුළුව වත්මන් එංගලන්ත කණ්ඩායමේ නම් දැරූ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම සජීවීව විඩියෝලින්ක් තාක්ෂණය ඔස්සේ එකතු කරගත්තේ වඩාත් රසවත් අත්දැකීමක් නරඹන්නන් හට ලබා දීමේ අරමුණෙනි. 

පසුගිය වසරේ දී නිමාව දුටු අළු බඳුන ටෙස්ට් තරගාවලියේ ලීඩ්ස් හි පැවති තෙවන ටෙස්ට් තරගය ස්ටෝක්ස්ගේ මෙම අමරණීය ඉනිමෙන් හැඩ ගැන්වුනු අතර ජයග්‍රහණයේ නියමුවා බවට පත්වෙමින් අගනා ලකුණු 135කින් ඕස්ට්‍රේලියානුවන් හට සංග්‍රහ කිරීමට ඔහු වගබලා ගත්තේය. ඒ අනුව එක් කඩුල්ලකින් තරගය ජය ගත් එංගලන්ත කණ්ඩායම එතැන් පටන් තරගාවලිය පුරාවටම ප්‍රතිවාදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ප්‍රබල තර්ජනයක් එල්ල කිරීමට සමත් වූයේ එම ජයග්‍රහණයත් සමඟ ලද පන්නරය නිසාවෙනි. 

කොරෝනා සටනට කුසල් ජනිත් එක්වෙයි

ශ්‍රී ලාංකික ජනතාව මේ වන විට මුහුණ දී සිටින දරුණු වසංගත තත්ත්වය හමුවේ බොහෝ දෙනා අසරණ වී…

අවසන් කඩුල්ල සඳහා ජැක් ලීච් සමඟ එක්වෙමින් ලකුණු 74ක නොබිඳුනු සබඳතාවක් ගොඩ නගමින් ප්‍රේක්ෂකයින්ගේ හෘද ස්පන්දනය මොහොතකට නතර කළ ස්ටෝක්ස්, එංගලන්ත කණ්ඩායම ජය කණුව කරා රැගෙන ගිය එම මොහොත පිළිබඳව නැවත වතාවක් මතකාවර්ජනය කළේ ඉමහත් සතුටකිනි. 

තරගයේ අවසන් භාගයේ තම මානසික ඒකාග්‍රතාව බිඳ නොවැටී පවත්වා ගනිමින් ඉවසිලිමත්ව ක්‍රීඩා කළ අයුරු පිළිබඳ සවිස්තරාත්මකව කරුණු ගෙන හැර පෑ ස්ටෝක්ස් සඳහන් කර සිටියේ මෙය ඔහුගේ ක්‍රිකට් දිවියේ කිසිදා අමතක නොවන මතක සටහනක් වනු ඇති බවයි. 

“මම පළවෙනි වතාවට තමයි පන්දුවෙන් පන්දුවට තරගය නැරඹුවේ. ඇත්තටම ඒ දැනෙන හැඟීම වචනයෙන් විස්තර කරන්න අමාරුයි. කණ්ඩායමක් විදියට ඒ තරගාවලියට අපි මුහුණ දීපූ ආකාරය තමයි ඉතාමත් වැදගත්. පිටිය තුළදීත්, ඉන් පිටතදීත් පීඩනය හසුරවපු ආකාරය අති විශිෂ්ටයි.” 

ක්‍රිකට් ප්‍රමාද දෝෂයට එංගලන්තයෙන් සැලසුමක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය තවදුරටත් ප්‍රමාද වීම නොවැළැක්විය හැකි බව..

“විශේෂයෙන්ම මේ තරගය ගැන කතා කරොත් එදා නම් අපේ ඔලුවල ගොඩක් දේවල් වැඩ කළා. තරගය ජයග්‍රහණය කරලා දෙන්න පුළුවන් වෙච්ච එක ගැන නිහතමානී ආඩම්බරයක් තියෙනවා. අපිට කවදාහරි ආපස්ස හැරිලා බලද්දී සතුටු වෙන්න පුළුවන් අපි රට වෙනුවෙන් උපරිම ක්‍රීඩා කරලා තරග දිනවපු ආකාරය ගැන මතක් කරලා.” 

ජොෂ් හේසල්වුඩ් යැවූ පන්දුවකට දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් තරගය අවසන් කළ මොහොත නැවත පුනරූපනයන් ඔස්සේ නැරඹූ ස්ටෝක්ස්, එම අවස්ථාවේ දී “Go,Go,Go” යනුවෙන් ප්‍රීති ඝෝෂා නැගුවේ නරඹන්නන් සැවොම සිනහ සයුරේ ගිල්වමිනි. 

තවද තරගයේ තීරණය උඩුයටිකුරු වීමට තිබූ අවස්ථාවක් වළක්වාලමින් විනිසුරුතුමන් ලබා දුන් තීරණය පිළිබඳව ද ස්ටෝක්ස් මතකය අවදි කළේ එය අමතක කළ යුතු ඉතාමත් බියකරු අවස්ථාවක් ලෙසනි. නේතන් ලයන් යැවූ පන්දුවක් ඉදිරියේ අසරණ වූ ස්ටෝක්ස් කඩුල්ල මුවා කිරීමේ වරදට කොටු වීමේ වැඩි සම්භාවිතාවක් පැවතුනත් විනිසුරු තීරණය ඊට හරස් වූයේ තරගයේ නිසැක ජය එංගලන්ත කණ්ඩායමට හිමිකර දෙමිනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<