රාජකීය බලඇණියේ සුක්කානම නව අතකට

1190

පසුගිය වසරේ සිංගර් පාසල් රග්බි ලීගයේ අපරාජිතව ශූරතාවය හිමිකර ගැනීමට සමත් වූ කොළඹ රාජකීය විද්‍යාලයේ රග්බි කණ්ඩායමේ නායකත්වය මෙවර අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන තුලෙයිබ් හසන් හට හිමිවී ඇත.

මහනුවර ප්‍රසිද්ධ පාසල් රග්බි කණ්ඩායමකට නව නායකයෙක්

2018 වසරේ කිංග්ස්වුඩ් ඉදිරිපෙළ සවිමත් කළ ප්‍රබල ක්‍රීඩකයෙකු වූ මිලාන් …

රාජකීය විද්‍යාලයේ සිව්වැනි වසරේ වර්ණ ලාභියෙකු වන තුලෙයිබ් පසුගිය වසර දෙක තුළ රාජකීයයන් ජයග්‍රහණය කරා ගෙන ඒමට වැඩි දායකත්වයක් දැක්වූ බව නිසැකය. මේ වන විට පාසල් රග්බි ලීගයේ අත්දැකීම් බහුල ක්‍රීඩකයින් අතර මුල් ස්ථානයක් ගන්නා ඔහු, පසුගිය වසර දෙක තුළ දී ජනිඳු දිල්ෂාන් සමඟ රාජකීයයන්ට ශූරතා සිහිනය සැබෑ කරවීමට සාධකයක් විය.

පාසල් රග්බි ලීගයේ ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙන් හොංකොං හි පැවති ආසියානු වයස අවුරුදු 20න් පහළ ශූරතාවය සඳහා සහභාගී වූ ඔහු ශ්‍රී ලංකා වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික කණ්ඩායමට තේරී පත්වූ අතර එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.

21 වැනි සියවසේ දී කිසිදු පාසලක් දක්වා නොමැති දක්ෂතාවයක් වන “නොකඩවා වසර 3ක් පාසල් ලීග් ශූරතාවය හිමිකර ගැනීම” මෙවර තුලෙයිබ් හසන්ගේ නායකත්වය යටතේ හිමිකර ගැනීම සියලු රාජකීයයන්ගේ බලාපොරොත්තුව වන බවට නොඅනුමානය.

තුලෙයිබ් හසන් හොංකොං හි පැවති ආසියානු වයස අවුරුදු 20න් පහළ රග්බි තරගාවලියේ දී

2019 වසරේ පාසල් රග්බි ලීගය තවත් එක් හේතුවක් මත රාජකීයයන් හට විශේෂ වේ. ඒ මෙවර “75 වන බ්‍රැඩ්බි පළිහ” තරගය පැවැත්වෙන බැවිනි. මේ වන විට නොකඩවා වසර 4ක් බ්‍රැඩ්බි පළිහ තමන් සතුකර ගැනීමට සමත් වූ රාජකීයයන් මෙවර එය නොකඩවා 5 වැනි වසරට ද තමන් සතුකර ගැනීමට ක්‍රීඩා කරනු ඇත.

මෙම වසරේ බ්‍රැඩ්බි පළිහ තරගයේ පළමු අදියර මැයි මස 11 වැනිදා පැවැත්වෙන අතර දෙවන අදියර මැයි මස 25 වැනිදා පැවැත්වීමට නියමිතයි.

රග්බි ක්‍රීඩකයෙකුට සහ භෞත චිකිත්සක වරයෙකුට වැඩ වරදී

හැව්ලොක් ක්‍රීඩා සමාජයේ නායක ලසිඳු ඉෂාන් කරුණාතිලක සහ …

මෙවර පාසල් රග්බි ලීගයේ රාජකීයයන්ගේ තරග කාලසටහන

  • මලියදේව විද්‍යාලයට එරෙහිව රාජකීය විද්‍යාලය – මාර්තු මස 02 වැනිදා රාජකීය ක්‍රීඩා සංකීර්ණයේ දී (Royal Complex)
  • සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව රාජකීය විද්‍යාලය – මාර්තු මස 11 වැනිදා හැව්ලොක් පිටියේ දී
  • වෙස්ලි විද්‍යාලයට එරෙහිව රාජකීය විද්‍යාලය – මාර්තු මස 17 වැනිදා රාජකීය ක්‍රීඩා සංකීර්ණයේ දී (Royal Complex)
  • කිංග්ස්වුඩ් විද්‍යාලයට එරෙහිව රාජකීය විද්‍යාලය – මාර්තු මස 23 වැනිදා (ස්ථානය තීරණය කර නොමැත)
  • සාන්ත පීතර විද්‍යාලයට එරෙහිව රාජකීය විද්‍යාලය – මාර්තු මස 30 වැනිදා සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<