කවිඳු සහ දිනුජ පන්දු යැවීමෙන් දක්ෂතා දක්වයි

SLSCA U 19 Inter Schools 2 Day Tournament 2026/27

7
SLSCA U 19 Inter Schools 2 Day Tournament 2026/27

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ කොළඹ වෙස්ලි විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය අතර පැවැති තරගය අද (24) විසඳුමකින් තොරව අවසන් වුණා.

>>ලිත්ම සහ ලිතුම් ශතක සබඳතාවක

එහි දී කොළඹ වෙස්ලි විද්‍යාලයේ වමතින් මද වේග පන්දු යැවූ කවිඳු හෙට්ටිආරච්චි ප්‍රතිවාදී 1 වැනි ඉනිමේ දී ලකුණු 27කට කඩුලු 6ක් ද සහ 2 වැනි ඉනිමේ දී ලකුණු 11කට කඩුලු 2ක් ද දවා ගනිමින් තරගයේ දී ලකුණු 38කට කඩුලු 8ක් දවා ගනිමින් දක්ෂත ම පන්දු යැවීම වාර්තා කළා.

ඊට අමතර ව එම විද්‍යාලයේ ම වමතින් පා දඟ පන්දු යැවූ ආද්‍යන් සයින් ප්‍රතිවාදී 1 වැනි ඉනිමේ දී ලකුණු 21කට කඩුලු 4ක් ද සහ තවත් වමතින් පා දඟපන්දු යවන්නෙක් වූ දිනුජ සමරරත්න ප්‍රතිවාදී 2 වැනි ඉනිමේ දී ලකුණු 41කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

වේල්ස් කුමාර විද්‍යාලයීය 2 වැනි ඉනිමේ දී නෙහාන් අනුහස් පන්දු 138කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් නොදැවී ලකුණු 58ක් ලබා ගත්තා.

කොළඹ වෙස්ලි විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය අතර තරගය කොළඹ වෙස්ලි විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier A)

කාසියේ වාසිය – වේල්ස් කුමාර විද්‍යාලය

  • වෙස්ලි විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 221 (77.2)ශම්මා ප්‍රනාන්දු 26, ලිතුම් සෙනුජ 61, ලිත්ම පෙරේරා 78, ෂෙහාන් අශේන් 3/41
  • වේල්ස් කුමාර විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 82 (33.4)පුලිඟු පෙරේරා 16, කවිඳු හෙට්ටිආරච්චි 6/27, ආද්‍යන් සයින් 4/21
  • වේල්ස් කුමාර විද්‍යාලය –දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 152 (57.1) නෙහන් අනුහස් නොදැවී 58, දිනෙත් ජිනේන්ද්‍ර 39, පංසිළු පීරිස් නොදැවී 21, දිනුජ සමරරත්න 5/21, කවිඳු හෙට්ටිආරච්චි 2/11

තරගයේ විසඳුමක් නෑ. (කොළඹ වෙස්ලි විද්‍යාලයට පළමු ඉනිමේ ජය.)

අන්තර් පාසල් පළමු පෙළ දෙදින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<