ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ (21) නිමා වූ තරගවල දී හිරුක සිල්වා, ලශේන් ප්‍රනාන්දු සහ අකේන් ද අල්විස් ශතක ලබා ගත්තා.
දිනයේ වැඩිම ලකුණුලාභියා වුණේ සාන්ත පීතර විද්‍යාලයේ හිරුක සිල්වා. ඔහු කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහි ව පන්දු 201කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 123ක් ලබා ගත්තා.
ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරගයේ දී සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ලශේන් ප්‍රනාන්දු ද පන්දු 144කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 110ක් ලබා ගත්තා.
ඊට අමතර ව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර තරගයේ දී තර්ස්ටන් විද්‍යාලයේ ආරම්භක පිතිකරු අකේන් ද අල්විස් පන්දු 102කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 103ක් ලබා ගත්තා.
මේ අතර නිමා වූ දිනයේ දී කොළඹ වෙස්ලි විද්‍යාලයේ ගගන් පෙරේරා (76), කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ යොහාන් සේනානායක (64), බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයේ සදීශ සිල්වා (65), කොළඹ රාජකීය විද්‍යාලයේ රෙහාන් පීරිස් (64) අර්ධ ශතක ලබා ගත්තා.
පන්දු යැවීමේ දී කොළඹ වෙස්ලි විද්‍යාලයේ වමතින් පා දඟ පන්දු යවන ආද්‍රියන් සයින් කොළඹ ඉසිපතන විද්‍යාලයට එරෙහි ව ලකුණු 28කට කඩුලු 5ක් දවා ගනිමින් දිනයේ දක්ෂතම පන්දු යැවීම වාර්තා කළා.
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අපරාජිත ව සුපිරි 6 දෙනාගේ වටයට
- සිනෙත් සහ කෞෂික ශතක සබඳතාවක් එක් කරයි
- ආරොන්, මතීෂ සහ අකීල් දක්ෂතා දක්වයි
- සදිල් සහ මතීෂ දක්ෂතා දක්වයි
- Major Club සිව් දින තරගාවලියේ පළමු දිනයට ශතක 5ක්
නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරුව
ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරගය ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier A)
කාසියේ වාසිය – සාන්ත සෙබස්තියන් විද්‍යාලය
- සාන්ත තෝමස් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 8ක් දැවි 332 (80.0) මෙතුක ගුණරත්න 21, රෙශෝන් සොලමන්ස් 112, ස්ටෙවෝන් පීරිස් 139, අදීශ ලක්ශාන් 4/69, කොශේන්ද්‍ර ප්‍රනාන්දු 2/96
- සාන්ත සෙබස්තියන් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 129 (50.0) මෙශෝන් ප්රඩිනැන්ඩෝ 30, කොශේන්ද්‍ර ප්‍රනාන්දු 43, මිනෝන් වර්ණසූරිය 4/29, අභීත් පරණවිදාන 3/26, ආරොන් ද සිල්වා 2/15
- සාන්ත තෝමස් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 172 (45.0) ලශේන් ප්‍රනාන්දු 110, නවිනු ප්‍රනාන්දු නොදැවී 37, මිනෝන් වර්ණසූරිය 3/45
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට)
කොළඹ රාජකීය විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර තරගය කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Tier A)
කාසියේ වාසිය – සාන්ත පීතර විද්‍යාලය
- රාජකීය විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 207 (61.1) හිරුන් ලියනාරච්චි 102, යසිඳු දිසානායක 44, ජනිත් පණ්ඩිතරත්න 3/34, සශිදු සිල්වා 3/08
- සාන්ත පීතර විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 297 (80.0) හිරුක සිල්වා 123, සදීශ සිල්වා 65, ජොශුවා සෙබස්තියන් 24, හිමරු ද සිල්වා 2/50
- රාජකීය විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 178 (44.0) හිරුන් ලියනාරච්චි 29, රෙශාන් පිරිස් 64, තෙවිඳු වේවල්වල 37, දුශේන් උඩවෙල නොදැවී 31, සදීශ සිල්වා 2/36
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයට)
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර තරගය මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී. (Tier A)
කාසියේ වාසිය – තර්ස්ටන් විද්‍යාලය
- ත්‍රිත්ව විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 281 (73.5) සජන වීරසේකර 51, චනිරු සේනාරත්න 160, ඉමන්ජිත් දිසානායක 34, රචින්ත ද සිල්වා 4/76, ලෙසඳ හේවාපතිරණ 3/39, ඉනුප දින්සර 2/61
- තර්ස්ටන් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 73 (34.4) රිසෝන් ජන්සෙන් 20, ලෙසඳ හේවාපතිරණ 20, චනිරු සේනාරත්න 3/11, ඉමන්ජිත් දිසානායක 2/05, කනිල්ක ඇන්තනී 3/17
- තර්ස්ටන් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 237 (47.4) අකේන් ද අල්විස් 103, යොහාන් සේනානායක 64, රිසෝන් ජන්සෙන් 40, චනිරු සේනාරත්න 3/64
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට)
කොළඹ වෙස්ලි විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය අතර තරගය කොළඹ වෙස්ලි විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – වෙස්ලි විද්‍යාලය
- වෙස්ලි විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 194 (46.5) සම්මා ප්‍රනාන්දු 34, බිනෝත් සංදිල් 57, ඔමේග කරුණාරත්න නොදැවී 37, කවිඳු හෙට්ටිආරච්චි 20, යෙශිදු මනීශ 2/41, තිතිර ප්‍රනාන්දු 3/48
- ඉසිපතන විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 94 (20.5) මෙනුල සදෙව් 36, තිතිර ප්‍රනාන්දු නොදැවී 23, කවිඳු හෙට්ටිආරච්චි 2/32, මෙත්නුල මායාදුන්න 5/13, දිනුජ සමරරත්න 2/06
- වෙස්ලි විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 138 (33.2) ගගන් පෙරේරා 76, යෙශිඳු මනීශ 2/11, දසිත් සෙනාල් 2/57
- ඉසිපතන විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 186 (63.4) තරුන් පෙරේරා 21, දිසස් උඳුපිටිය 36, යුවීන් ද සිල්වා 29, මෙනුල සදෙව් 40, දසිත් සෙනාල් 22, මෙත්නුල මායාදුන්න 2/52, ආද්‍රියන් සයින් 5/28
වෙස්ලි විද්‍යාලයට ලකුණු 52ක ජයක්.
අන්තර් පාසල් පළමු පෙළ දෙදින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.





















