කටාර් හි දී පැවැත්වෙන ACC Rising Stars ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ තමන් මුහුණ දුන් පළමු තරගය පහසුවෙන් ම ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා. ඒ ඇෆ්ගනිස්තාන A කණ්ඩායමට එරෙහිවයි.
අද (19) Doha හී West End Park ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන A ක්‍රිකට් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 139ක් ලබා ගත් අතර එම ඉලක්කය තවත් පන්දු 170ක් ඉතිරි කර ගනිමින් කඩුලු 4ක් පමණක් දැවී සපුරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙනවා.
ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම
පවන් රත්නායක (නායක), ලසිත් කෲස්පුල්ලේ, සිනෙත් ජයවර්ධන, නිශාන් මදුශ්ක (කඩුලු රකින්නා), නිපුන් ධනංජය, ජනිත් ලියනගේ, ලහිරු සමරකෝන්, වනුජ සහන්, චාමික හීනටිගල, ශාරුජන් ශන්මුගනාදන් සහ ගරුක සංකේත්.
ඇෆ්ගනිස්තාන A ක්‍රිකට් කණ්ඩායම
Ikram Alikhil (නායක සහ කඩුලු රකින්නා), Imran Mir, Hassan Eisakhil, Faisal Shinozada, Darwish Rasooli, Ijaz Ahmad Ahmadzai, Farmanullah, Qais Ahmad, AM Ghazanfar, Naveed Zadran සහ Bilal Sami
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ Darwish Rasooli. ඔහු පන්දු 89කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 80ක් ලබා ගත්තා.
ඔහු එම ඉනිම තුළ දී Faisal Shinozada හා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 64ක දී ලකුණු 41ක සබඳතාවක් ද ගොඩ නගනවා. Faisal Shinozada එහි දී පන්දු 38කට මුහුණ දෙමින් ලකුණු 12ක් ලබා ගන්නවා.
ඔවුන් අමතර ව නායක Ikram Alikhil පන්දු 29කට මුහුණ දෙමින් ලකුණු 15ක් ද සහ Hassan Eisakhil පන්දු 11ක දී හයේ පහරක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 12ක් ද ලබා ගත් අතර අනෙක් සෑම පිතිකරුවෙක්ගේ ම ඉනිම් තනි ඉලක්කමකට සීමා වුණා.
පන්දු යැවීමේ දී වමතින් දඟ පන්දු යවන චාමික හීනටිගල ලකුණු 11කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව නිපුන් ධනංජය, වනුජ සහන් සහ ජනිත් ලියනගේ කඩුලු ද්විත්වය බැගින් ද විජයකාන්ත් වියස්කාන්ත් කඩුල්ලක් ද දවා ගත්තා.
- Major Club සිව් දින තරගාවලියේ පළමු දිනයට ශතක 5ක්
- අවීෂ ශතකයක් රැස් කරයි
- Tier B තෙදින තරගාවලියට දින වෙන් කරයි
- සිනෙත් සහ කෞෂික ශතක සබඳතාවක් එක් කරයි
- වෙළඳ සේවා Super Premier T20 ශූරතාව CDB කණ්ඩායමට
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ. ඔහු පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 40ක් ලබා ගත්තා.
ඔහු සිනෙත් ජයවර්ධන හා සමඟින් 1 වැනි කඩුල්ලට පන්දු 27ක දී ලකුණු 36ක සබඳතාවක් ද සහ නිශාන් මදුශක හා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 54ක දී ලකුණු 55ක සබඳතාවක් ද ගොඩ නගනවා. එහි දී සිනෙත් ජයවර්ධන පන්දු 15කට මුහුණ දෙමින් හතරෙ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 28ක් ද සහ නිශාන් මදුශ්ක පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ද ලබා ගන්නවා.
තරගය ජයග්රහණයෙන් අවසන් වෙද්දී නායක පවන් රත්නායක පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 29ක් ද සහ ජනිත් ලියනගේ පන්දු 14ක දී හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 12ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Naveed Zadran ලකුණු 45කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Farmanullah සහ Bilal Sami කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ඇෆ්ගනිස්තාන A ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 139 (35.3) Darwish Rasooli 80, ජනිත් ලියනගේ 2/28, වනුජ සහන් 2/28, නිපුන් ධනංජය 2/10, චාමික හීනටිගල 3/11
- ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 4ක් දැවී 144 (21.4) ලසිත් කෲස්පුල්ලේ 40, සිනෙත් ජයවර්ධන 28, නිශාන් මදුශ්ක 30, පවන් රත්නායක නොදැවී 29, Naveed Zadran 2/45
ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 6ක ජයක්.
තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන 2 වැනි තරගය නොවැම්බර් මස 21 වැනිදා හොංකොං සමඟ Doha Science and Technology ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
ACC Rising Stars ආසියනු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟ ම.





















